26 June, 2017

තිලංගට 'පොඩි' වුණු මහේලගේ ක්‍රීකට් දැනුම මෙන්න - ලොවක් ඉදිරියේ ෂේන් වෝර්න් ගේ ගැට ලිහපු හැටි ! (Video)

Mahela - Shane Warne

හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන හා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝර්න් ගේ විඩීයෝවක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර මහත් කතාබහට ලක්ව තිබෙනවා.

එහිදි ස්කයි ස්පෝර්ට්ස් නම් ක්‍රීඩා නාළිකාව මගින් විකාශය වූ වැඩසටහනකදි මහේල ජයවර්ධන පිතිකරණයේ යෙදෙන විට ෂේන් වෝර්න් ට පන්දු යැවීමේ සැලැස්මක් සාදන ලෙස පවසනවා.

ෂේන් වෝර්න් ඇටවු උගුල මනා ලෙස වටහා ගන්නා මහේල ඒ සියල්ල විස්තර කරන්නෙ වෝර්න් මෙන්ම නිවේදකයාද මවිත කරමින්.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මහේල මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල අතර මුම්බායි කණ්ඩායමට ශූරතාවය දිනා දීමටද විශාල සේවයක්ද කලා. කෙසේ නමුත් පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන කුඩා වැඩි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ මින් දින කිහිපයකට පෙරයි.

අදාළ විඩියෝව පහතින්,

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තිලංගට 'පොඩි' වුණු මහේලගේ ක්‍රීකට් දැනුම මෙන්න - ලොවක් ඉදිරියේ ෂේන් වෝර්න් ගේ ගැට ලිහපු හැටි ! (Video)"

    Post a Comment