26 June, 2017

මව අනියම් සැමියා සමඟ ලිංගිකව එක්වනු දුටු දරු දෙදෙනා විහිලු කරලා – ගොඩකවෙල කඳුලු කතාව (Photos)

Godakawela Two Childrens Murder

අනියම් බිරිඳව කපා කොටා තුවාල කර ඇගේ දරු දෙදෙනා ඝාතනය කළ පනාමුර ප්‍රදේශයේ පදිංචි දිනේෂ් චතුරංග වීරසිංහ (23) නැමැත්තාට ඇඹිලිපිටිය මහාධිකරණය මරණ දඬුවම නියම කළා.

ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණ එම තීන්දුව ලබාදෙනු ලැබුවා.

අනියම් සම්බන්ධතාවයක්‌ හෙළිදරව් වීම නිසා කෝපයට පත් මෙම තරුණයා 2012 සැප්තැම්බර් මස 04 වැනි දින මෙම අපරාධය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩකවෙල ප්‍රදේශයේම කඳුළු ගඟක්‌ කරමින් ගොඩකවෙල, ගල්පාය, කොලොන්ගස්‌යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන්වූ මනන්නලාගේ දිමුතු කුලතුංග (12) සහ මනන්නලාගේ රවීෂ මහේෂ් (6) යන දරුවන් දෙදෙනා කපා කොටා ඝාතනය කර නියම බිරිඳට බරපතළ තුවාල සිදුකර සැකකරු පලාගොස්‌ සිටි අතර පසුව ගොඩකවෙල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරනු ලැබුවා.

මෙම තීන්දුව දැක බලා ගැනීමට විත්තිකරුගේ විවාහක බිරිඳ ද උසාවි භූමියට පැමිණ සිටිනු දක්‌නට ලැබුණා.

අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ එවකට 19 හැවිරිදි තරුණයකු වූ සැකකරු මෙම ඝාතන සිදු කර තිබුණා.

2012 සැප්තැම්බර් මස 04 වන දා රාත්‍රී 9.00ට පමණ ඝාතන සිදුව ඇති අතර සැකකරු වූ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්‌ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයා සොයාගත්තා.

මිය ගිය දිමුතු ලක්‍ෂාන් ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රවීක්‍ෂ මනෝජ් පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියා.

මෙම සාහසික අපරාධය සිදුකළ තරුණයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ දරුවන්ගේ මව වූ ඥති කාන්තාවක සමඟයි.

ඝාතනයට ලක්‌වූ දරුවන් දෙදෙනාගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති අතර කොළඹ තාවකාලිකව පදිංචිව සිටින ඔහු සතියකට වතාවක් පමණ ගොඩකවෙල නිවසට පැමිණෙන බව සදහන්.

සැකකාර තරුණයා මෙම නිවසට නිතර ආගිය පුද්ගලයෙක් වන අතර ඔහු මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබෙනවා.

සැමියා නොමැති අවස්‌ථාවලදී මෙම කාන්තාව 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඔහු සමග රහසිගතව අනියම් ඇසුරක්‌ පවත්වා තිබෙනවා..

නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැමියා එදින දහවල් නැවත කොළඹ ගොස්‌ ඇති අතර කාන්තාව සිය අනියම් සැමියාවූ 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඇති අතර එදින රාත්‍රියේ මෙම කාන්තාව තරුණයාද සමඟ නිවසේ කාමරයක අනියම් ඇසුරක්‌ පවත්වමින් සිටිනු දරුවන් දෙදෙනා දැක තිබෙනවා.

එම අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස්‌ උසුළු විසුළු කරමින් සිටි අවස්‌ථාවේ කෝපයට පත්ව ඇති 19 හැවිරිදි තරුණයා නිවසේ කුස්‌සියේ තිබූ කැත්තක්‌ ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටා බරපතළ තුවාල කළා.

දරුවන් දෙදෙනා බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද කැති පහර කීපයක්‌ එල්ල කළ තරුණයා පසුව පලා ගොස්‌ තිබෙනවා.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්‌ව පලාගිය සැකකරු අල්ලාගෙන පොලිසිය වෙත භාර දුන්නා.

තරුණයා පැමිණි යතුරුපැදියද පොලිස්‌ භාරයට ගත් අතර තුවාල ලැබූ එක්‌ දරුවෙක්‌ සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගියා.

අනෙක්‌ දරුවා රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස්‌ තිබුනා.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය තමත් සිදු කළ බව පිළිගෙන තිබෙනවා.

මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බවත් අවස්‌ථා දෙකකදී ඇය සමග ඇසුරක්‌ පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක්‌ පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා තිබුනා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මව අනියම් සැමියා සමඟ ලිංගිකව එක්වනු දුටු දරු දෙදෙනා විහිලු කරලා – ගොඩකවෙල කඳුලු කතාව (Photos)"

    Post a Comment