27 June, 2017

ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය

India invaded our land - China

සිකීම් ප්‍රාන්තය සහ තිබ්බතය අතර සිය භූමිය ආක්‍රමණය කළ බවට චීනය ඉන්දියාවට චෝදනා කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම යළිත් වරක් උත්සන්න වෙමින් පවතී.

ඉන්දීය දේශසීමා ආරක්ෂක භටයන් සිය ආරක්ෂක හමුදාවල "සුපුරුදු ක්‍රියාවලියට" බාධා කළ බව පවසන චීනය, ඔවුන් වහාම සිය භූමියෙන් ඉවත්කර ගන්නා මෙන් ඉන්දියාවට පවසයි.

සිය භූමියට ඇතුළු වූ බවට ඉන්දියාව ද මෑතදී චීනයට චෝදනා කළේය.

මතභේදයට තුඩු දී තිබෙන හිමාලය බද නතු ලා (Nathu La) මුරකපොල්ල තිබ්බතයේ පිහිටි හින්දු සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් බහුලව භාවිත කරන ස්ථානයකි.
'සාමයට තර්ජනයක්'

1967 දී චීනය සහ ඉන්දියාව අතර එම ප්‍රදේශයේ ගැටුම් හටගත් අතර, තවමත් වරින්වර ගැටුම් හටගනියි.

දෙපාර්ශවය අතර වර්තමානයේ හටගෙන තිබෙන මතභේදය මෑත වසර කිහිපය ඇතුළත උණුසුම බරපතල ලෙසින් ඉහළ ගිය එක් අවස්ථාවක් බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ බීබීසී සංස්කාරක එතිරාජන් අන්බරසන් පවසයි.

මෙම මත ගැටුම කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

දේශසීමාවේ සිය පාර්ශවයේ මහා මාර්ගයක් ඉදිකිරීමකට බාධා කරන බවට ද චීනය ඉන්දියාවට චෝදනා කරයි.

එම චෝදනා පිළිබඳව ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත.

මෑත සති කිහිපය තුළ ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය විසින් දේශසීමාව හරහා කෙරෙන වන්දනා චාරිකා තහනම් කරනු ලැබ තිබේ. (බීබීසී )

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය"

    Post a Comment