
කඹුරුපිටිය - බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ වන විටත් අදාළ නිවස සහ ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළා.
දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබුණා.
ඒ වන විට ඔවුන්ගේ නිවසද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබෙනවා.
පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා.
පසුව නිවස ඉදිරිපිට ඇති
ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ තංගුස් ළණු ආධාරයෙන් එල්ලී මරණයට පත්ව සිටි මෙම දැරියන් දෙදෙනා, පිරිමි දරුවා සහ සැකකාර පියාගේ මළසිරුරු හමු වී තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අංශයන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

(Neth)
මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙක්. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා හිමිනමක වන වයස අවුරුදු 14 ක අයෙක්.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී නිවසට පැමිණ ඇති හිමිනම එහිදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මෙම නිවසේ පදිංචි දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා පියා අතහැර ඇය නිවසෙන් පිටව ගොස් තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අංශයන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

(Neth)
Share this
|
|
0 Comment to "දියණියන් දෙදෙනා සහ පුතා එල්ලා මරා ගෙට ගිනි තබා දිවි නසා ගත් පියාගේ ඛෙදවාචකයේ පරීක්ෂණ ඇරඹෙයි (Photos)"
Post a Comment