27 June, 2017

ක්‍රෙඩිට් කාඩ් පොළියට ඉහළ සීමාවක් නැහැ

credit cards

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොළී අයකිරීමේ දී ඉහළ සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එළඹෙන ජූලි 01 වන දින සිට ඇතැම් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති සිය ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් අය කරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට පියවර ගෙන ඇති මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළියට ඉහළ සීමාවක් නැහැ. පසුගිය කාලයේ වෙළෙඳපොළ පොළී අනුපාතික පහළ බසින විට ක්‍රෙඩිට් කාඩ් පොළී අනුපාතිකවල අඩුවීමක් සිදුවුණේ නැහැ. මේ නිසා මහ බැංකුව උපරිම සීමාවක් ගෙනාවා. ඒ, වෙළෙඳපොළ පොළී අනුපාතික සමඟ ක්‍රෙඩිට් කාඩ් පොළී අනුපාතික ගැළපිය යුතු බවට. මේ වන විට වෙළෙඳපොළ පොළී අනුපාතික ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බැංකු ඉල්ලා සිටියා ඉහළ සීමාව ඉවත් කරන්න.“

“ක්‍රෙඩිඩ් කාඩ් යනු අවදානම ඉහළ ණය උපකරණයක්. එය ගනුදෙනුකරු මත තීරණය වන්නේ. ඊට ගෙවිය යුතු ගාස්තුව ඒ අනුව තීරණය විය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් යනු දිගු කාලීන ණය පහසුකමක් නොවෙයි. එය කෙටි කාලීන දෙයක්. නියමිත දිනට හිඟ මුදල් පියවීමෙන් පොළී ගෙවීමෙන් වැළකී සිටින්න පුළුවන්. පොළිය වැඩිවීම තුළින් ගනුදෙනුකරුවන් මෙවැනි ණය උපකරණ වෙත යොමු වීම අධෛර්යයමත් වීමක් සිදුවෙනවා“, යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. (biz.adaderana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රෙඩිට් කාඩ් පොළියට ඉහළ සීමාවක් නැහැ"

    Post a Comment