ලන්ඩන් නුවර නගර සභා ප්‍රදේශ 15කට අයත් මහල් නිවාස ගොඩනැගිලි 27ක් ගිනි ආරක්ෂණ පරීක්ෂණයෙන් අසමත්වී ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ මහල් නිවාස ගොඩනැගිලිවල බාහිර බිත්ති මතුපිටින් යොදා ඇති ආවරණයේ (Cladding) ප්‍රමිතිය පිළිබඳව ය.
ඒ අනුව උස ගොඩනැගිලි හතරකට අයත් මහල් නිවාස 650ක පදිංචිකරුවන් ඉවත් කිරීමට මුලින්ම පියවර ගනු ලැබ ඇත්තේ ලන්ඩනයේ කැම්ඩන් නගර සභාව විසිනි.
නමුත් එම මහල් නිවාසවල පදිංචිව සිටින 83දෙනෙකු තම නිවෙස්වලින් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
ලන්ඩන් නුවර පවතින මහල් නිවාස පිළිබඳව බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ පසුගිය දා ග්‍රෙන්ෆෙල් මහල්
නිවාස ගොඩනැගිල්ල ගින්නට හසුවී දැවී යාමෙන් අනතුරුව ය.
කෙන්සිංටන් නගරයේ පිහිටි එම ගොඩනැගිල්ලේ ගින්නට ගොදුරු වී පුද්ගලයන් 79 දෙනෙකු මරණයට පත් වී හෝ අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරේ.
නිවාස 150ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.
එම ගින්නට වගකිය යුත්තන් සොයා ඔවුන්ට එරෙහිව 'මිනිස් ඝාතනය' යටතේ චෝදනා ගොනු කිරීම පිළිබඳව පොලිසිය සළකා බලමින් සිටී.

ගින්නෙන් අනතුරුව නාගරික බලධාරීන් ක්‍රියාකළ ආකාරය විවේචනයට ලක්වෙමින් පවතිද්දී කෙන්සිංටන් චෙල්සි නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්විය.
ගින්නට හසුව මරණයට පත් ඇතමුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට අපොහොසත් විය හැකි බව පවසන ලන්ඩන් පොලිසිය ඒ සඳහා සති ගණනාවක් ගත වනු ඇති බව සඳහන් කරයි.
කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි තට්ටු විසි හතරකින් යුත් ග්‍රෙන්ෆෙල් මහල් නිවාසය ගින්නට හසුවූයේ ජුනි 14 වෙනිදා ය. (බීබීසී)

Share this
|
|
0 Comment to "ලන්ඩන් ගින්න: මහල් නිවාස 650ක නිවැසියන් ඉවතට"
Post a Comment