25 June, 2017

ඔබට ඇයි චන්ද්‍රපෝල් වගේ වෙන්න බැරි..? ඇසුවිට සංගා දුන් අපුරු පිළිතුර

Sangakkara - Chanderpaul

කුමාර සංගක්කාර සහ ශිවනරීන් චන්ද්‍රපෝල් යනු ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන අයුරින් නම සටහන් කරගත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකි.දෙදෙනාම වමත් පිතිකරුවන් වන අතර චන්ද්‍රපොල්ගේ අපුරු පිතිහරඹ රටාව කිසිදා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවනු ඇත.සංගාගේ සුපිරි දක්‍ෂතාද එසේමය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට මේ වසරේ ක්‍රීඩා කරන අතර දෙදෙනාම දැන් ජාත්‍යන්තර පිටියට සමුදී ඇත.

සංගා සරේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වද්දී චන්ද්‍රපෝල් ලන්කර්ශයර් කණ්ඩායම සමඟ එකතුව සුපිරි දක්ෂතා පෙන්වමින් සිටී.කුමාර සංගක්කාරට වඩා අවරුදු 3ක් වයසින් වැඩි චන්ද්‍රපෝල් තවමත් ක්‍රිකට් පිටියේ සුපිරි දක්ෂතා දක්වද්දී සංගා සමුගැනීමට ඉක්මන් වන්නේ ඇයි දැයි cricbuzz.com විමසු විට සංගා අපුරු පිළිතුරක් දී ඇත.

“ශිවි කියන්නේ මහ අමුතු හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,එයා අපිත් එක්ක තිබුන තරඟයකදී ලකුණු 182 ක් ගත්ත කිසිම මහන්සියක් නැතුව.ඉතින් සමහර වෙලාවට අපි දෙන්නගේ දක්ෂතා සංසන්දනය කලාම අපි එක වගේ කියල හිතනවා ඇති,හැබැයි අපි දෙන්නගේ මානසික තත්වය එක වගේ වෙන්නේ නෑනේ,

මම හිතන්නේ මම සමුගන්න හොඳම වෙලාව තමයි මේක කියල,මේ අව්රුද්දෙ සරේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා.මටත් හොඳ අත්දැකීමක් දක්ෂ තරුණ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න ලැබුන එක.ඒ වගේම එයාලටත් පුළුවන් වුනා මගේ අත්දැකීම වලින් වැඩක් ගන්න.මේ තරුණයන් එක්ක සරේ කණ්ඩායමට හොඳ ගමනක් තියෙයි අනිවාර්යයෙන්ම.”

මෙම තරඟ වාරයේ චන්ද්‍රපෝල් සහ සංගා වැනි ජාත්‍යන්තර තරඟ වලින් සමුගත් ක්‍රීඩකයන් සුපිරි දක්ෂතා දැක්වීමට හේතුව ජාත්‍යන්තර ක්‍රිකට් සහ ප්‍රාන්ත ක්‍රිකට් අතර තිබෙන වෙනසදැයි සංගාගෙන් ඇසු විට සංගක්කාර අපුරු පිළිතුරක් දී ඇත.

“මට එකට උත්තරේ දෙන එක ටිකක් අමාරු වැඩක්,මොකද එහෙම වෙනසක් නෑ,අපි හොඳ පිතිකරුවෝ නිසා ලකුණු ගන්නවා කියල මට කියන්න බෑනේ,ඔයාම හිතල බලන්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ගහන අය එංගලන්ත ජාතික කණ්ඩායමට ආවම ලොකු වෙනසක් තියනවද කියල.දැන් ප්‍රාන්ත ගහන රෝලන්ඩ් ජෝන්ස්,කරන් සහෝදරයෝ දැන් ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ එක්ක ඇත්තටම ලොකු වෙනසක් නෑ,එංගලන්තයේ ප්‍රාන්ත තරඟ කියන්නේ ඇත්තටම ගොඩක් තරඟකාරී තැනක්.දේශීය ක්‍රීඩකයෝ වගේම විදෙස් ක්‍රීඩකයනුත් එතන ඉන්න නිසා මම හිතන්නේ නෑ ජාත්‍යන්තර තරඟ,ප්‍රාන්ත තරඟ කියල ලොකු වෙනසක් තියනවා කියල.” (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔබට ඇයි චන්ද්‍රපෝල් වගේ වෙන්න බැරි..? ඇසුවිට සංගා දුන් අපුරු පිළිතුර"

    Post a Comment