ගුවනින් කෙරෙන ප්‍රවාහන කටයුතු පසුගිය දසක කිහිපය තුළ ඉහළ ගියේ පුදුමාකාර වේගයකිනි.
ඇතැම් විද්වතුන් පවසන්නේ එක්දහස් නවසිය අසූ ගණන් මැද භාගයේ සිට 2000 වසර දක්වා වූ කාලය තුළ ගුවන් ප්‍රවාහන කටයුතු දෙගුණයකින් ඉහළ ගිය බවකි.
ගුවන් ප්‍රවාහනය දියුණු වීම, මිනිසා ලත් ජයග්‍රහණයක් හැටියට සලකන්නට පුළුවන.
නමුත් පරිසරයට සිදු වන හානිය ගැන සැලකීමේ දී නම් ගුවන් ගමන් නරක තැනෙක පවතින බව එදා සිටම පෙනෙන්නට තිඛෙන කාරණයකි.
විශේෂයෙන්ම ගුවන් යානා සඳහා අවශ්‍ය පොසිල ඉන්ධන ප්‍රමාණයත්, ඒවා දහනයෙන් නිකුත් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් සහ සෙසු අපද්‍රව්‍යය ප්‍රමාණයත් සලකා බලන විට මේ තත්ත්වය හොඳාකාරවම අවබෝධ වේ.
මේ ගැටලුවට විසඳුමක් හැටියට උක්වලින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් හඳුන්වාදීමට යයි.
නව වැඩපිළිවෙල සම්බන්ධ පර්යේෂණ සිදු කළේ කැලිෆෝර්නියාවේ බර්ක්ලේහි පිහිටි බලශක්ති ජෛව විද්‍යාවන් පිළිබඳ ආයතනයයි.
large;">
මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන ඉන්ධන විශේෂයක් මෝටර් රථවලටත් යෙදිය හැකිද යන්න සම්බන්ධයෙන්ද අධ්‍යයන කටයුතු දැන් සිදු වේ.

Sugar Flights
මේ ආයතනයයේ විද්‍යඥයන් පෙන්වා දෙන ආකාරයට සීනි නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන අපද්‍රව්‍යය එකතු කෙරේ.
ඒවා ආශ්‍රය කරගෙන එතනෝල්, ඇසිටෝන් සහ බියුටනෝල් ලබා ගැනේ.
එකී රසායනිකයන් අනතුරුව ගුවන් යානා ඉන්ධන බවට පරිවර්තනය කෙරේ.

Sugar Flights
Share this
|
|
0 Comment to "සීනී ගුවන් යානා"
Post a Comment