15 April, 2017

කාන්තාව ලිංගික හිංසනයට නතු වන්නියක්ද ?

rape-two-guys

අද්‍යතන නිර්මාණ වස්තුන් හි දැකිය හැකි සුලභ නිමිත්තක් නම් කාන්තාව ලිංගික ආක්‍රමණයට වහා නතුවන්නියක් යන්න.මෙකී කරුණ නිර්මාණකරනයෙන් එහා ගිය සමාජ සම්මතය තුළ නිත්‍ය සාධකයක් බවට විශ්වාස කරයි.කාන්තාව ලිංගික ගොදුරුක් බවට පත් වි ඇති බව නිර්මාණය ශිල්පියාගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වා විශ්වසනීය මතවාදයකි.බොහෝ නිර්මාණ හා මතවාද හමුවේ මෙකී දෘෂ්ටිකෝණය තුළින් කාන්තාව අනුකම්පාවට ලක් වන අවස්ථා දැකිය හැක.

කාන්තාව සමාජ තුළ ලිංගික ගොදුරුක් ද?

ඇය සමාජය තුළ අනුකම්පාවට පාත්‍ර විය යුතුද?

ඇය සමාජය තුළ අභිමානවත් නොවන්නෙද.?

ඉතා ඉක්මනින් ලිංගික ආක්‍රමණ හමුවේ ගොදුරුක් වන ළඳ බොළඳ අයෙක්ද?

මෙකී බොහෝ අභියෝග දිනා ගනිමින් උඩුගම් බලා යන සාර්ථක ස්ත්‍රීයක් පසුපස ලිංගික ආක්‍රමණ වෙත නතු වීම් රහස්‍ය ලෙස පවතීද????

කාන්තාව ලිංගික ආක්‍රමණය හමුවේ සානුකම්පිත ලෙස දකින දෘෂ්ටිකයන් ඇයගෙ සුවිශේෂි උපායශීලී බව තුළින් ලිංගික ආක්‍රමණ වෙත හසු නොවිම නොදකින්නෙ මන්ද.

එදිනෙදා මහමගදි , සේවා ස්ථානය, අධ්‍යාපන මධ්‍යස්ථානය දී කාන්තාව ලිංගික ගොදුරුක් විම සමාජය තුළ අසන්නට ලැබේ .

මගී කත දුම්රිය දී, බස් රථ තුළ මෙවැනි අභියෝග වෙත නතු වේ.
සේවා ස්ථානය දී තම උසස් විම් තකා , ආයතනික ප්‍රතිලාභ තකා කාන්තාව ස්ව කැමැත්තෙන් මෙ සදහා යොමු වේ.තවත් විටක එවැනි අවස්ථා වෙත උපායන් මත නතු වන ආකාරයත් දැකිය හැකිය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම සිදුවිම් අළු යට ගිනි මෙන්ය .විශිෂ්ට සාමාර්ථ උදෙසා තම ආත්මය පාවාදිමට ඉදිරිපත් වන්නියන්, තම දරුවා ප්‍රධාන පාසල් කරා ඇතුළත් කිරීමට ආදි අවස්ථා වලදී තම ආත්මය පාවා දෙන කාන්තාවන් සිටි.

ළද බොළඳ ලෙස ලිංගික ගොදුරු බවට හසු වන්නියන් සහ තම අභිමතාර්ථ මුදුන් පමුණුව ගනු වස් ලිංගික ගොදුරුක් බවට පත් වන්නියන් සමාජයෙ දැකිය හැක.
කාන්තාව සමාජය තුළ භාවිත වන්නියක් විය යුතු නොවේ .එය සමස්ත ස්ත්‍රී ප්‍රජාවටම සිදු කරන අවමානයකි.තමා ලිංගික ගොදුරු ක් බවට පත් වනවාද යන්න වටහා ගැනීමට කාන්තාව තුළ විචක්ෂණශීලි බවක් පැවතිය යුතුමය.
අතිත මුලාශ තුළ මිට කදිම නිදසුන් දැකිය හැක.

අල්ලාගෙන නෙරිය අතකින් කින්ද…..නගෝ
වසාගෙන දෙතන අතකින් කින්ද……..නගෝ
හිමියා නැති ගමන් තනි මඟ කින්ද……නගෝ
අම්බලමේ නැවතීලා යන්ද…………….නගෝ

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන….හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි……..හින්දා
බාල මස්සිනා පස්සෙන් එන…………හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර………හින්දා

අතිත ගැමි කවිය තුළ කාන්තාව සතු අපරිමිත උපායශීලී විචක්ෂණ ඥාන සම්භාරය උක්ත පැදි පෙල වෙතින් ධ්වනිත වේ.

තනිමග ගමන් කරන ස්ත්‍රීයකට සල්ලාල පුරුෂයකු තමන් සමග සම්භෝග සුව විදිමට ඇරයුම් කරයි.ඊට කාන්තාව දක්වන ප්‍රතිචාරය කාන්තාවගේ සුවිශේෂි උපායශීලී බවට කදිම නිදසුනකි.
අතිත ගැමි කත තම ආත්මය රැකගත් අන්දම සමාජයට අද්‍යතන කාන්තාවට මහත් ආදර්ශකි.

දිනක් මට දුම්රිය ගමනකදී හමු වු මැදි වයසැති කතක ලිංගික ගොදුරක් විමෙදි ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නට විය.එය ඉතාමත් හරවත් සංවාදයක් වු අතර රසවත් සංවාදයක් වු බව කිව යුතුමය.මෙ සදහා තවත් තරුණියක් සංවාදයට එකතු විය .

කාන්තාව ලිංගික ගොදුරු ක් විම දැනුනු වහාම ඊට විරුද්ධව හඬ නැගීය යුතුය.එසේම මගී කත තම ආරක්ෂාව උදෙසා හැට්ට කටුවක් ළග තබා ගැනීම අෑ යෝජනා කළේය.

කාන්තාව සේවා ස්ථානය දී අධ්‍යාපන මධ්‍යස්ථානය දී තම ආත්මය පාවා නොදී ලිංගික බලවේග ප්‍රහීන කළ යුතුයි.

කාන්තාව තම ආත්මය ආරක්ෂා කළ අන්දම දැකිය හැකි කදිම අවස්ථාවක් මෙසේ දැක්විය හැක.
තම සැමියා අහිමි කල ගජමන් නෝනා ඇලපාත මුදලි හමුවේ තම හැගීම් හා භාවයන් හසුරවන අන්දම කදිම නිදසුනකි.

උක්ත කරුණු හමුවේ කාන්තාව ලිංගික ආක්‍රමණය වෙත නතු වන ලිංගික ගොදුරුක් ලෙස සමාජය දැකිම මුලිනුපුටා දැමිය යුතුයි.එසේම එකි කාර්යය කාන්තාව අත රැදෙන්නක් බැවින් කාන්තාව ඒ උදෙසා නැගී සිටිය යුතුමය.තම උපායශීලී ඥාන සම්භාරය සමාජ යහපත උදෙසා යෙදිය යුතුයි.කාන්තාව සමාජය තුළ දුර්වල නොවු ශක්ති කාරකයක් බවට පත් විය යුතුයි.කාන්තාවක සමාජයෙ තනිව නැගී සිටිම කම්පනයට ලක් වන්නක් නොවී පැසසුමට ලක් වන්නක් විය යුතුය.

පුරුෂ හස්තයක ආරක්ෂාව නොලද ස්ත්‍රීයක් උවද ජිවිතය ජය ගන්න ශක්ති ධාරාවක් විය යුතුය.එකි අභිමානවත් ස්ත්‍රීය සමාජයෙ දෝශ දර්ශනයට ලක් විම නොව ඇගයිමට ලක් විය යුතුය.ලිංගික ගොදුරක් බවට පත් වන ස්ත්‍රීය මෙන්ම එකි අභියෝග වෙත නොබියව මුහුණ දෙන ස්ත්‍රීය ද නිර්මාණ ශිල්පින්ගෙ චින්තනයට නතු විය යුතුයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාන්තාව ලිංගික හිංසනයට නතු වන්නියක්ද ?"

    Post a Comment