06 March, 2017

නැන්දා දැනුවත්ව බලෙන් කාමරේට ගත්තා පස්සේ මාමා දිගටම හිතේ හැටියට අතවර කළා

rape-girl-abused

දාහත් වියැති යුවතියක වන ඇය මීට මඳ කලකට ඉහත ඇගේ මව විසින් මිත්තනිය භාරයට පමුණුවන ලදී. ඒ එම දැරියගේ පියා අකාලයේ මිය ගොස් ඇගේ මවට ඇය රැකබලා ගැනීමට නොහැකි වූ ‍බැවිනි. දැරියගේ නැන්දා මාමා සහ ඔවුන්ගේ දරු දෙදෙනා ජීවත් වූයේ ද එම මිත්තනිය සමඟය.

මේ අතර පසුගිය දිනයෙක අධික රුධිර වහනයක් මුල් කොට එම යුවතිය රෝහල් ගත කරන ලදී. එහිදී එම තත්වය පිළිබඳව විමසා සිටි වෛද්‍යවරුන්ට ඇය කීවේ මෙබඳු කතාවකි.

“මම ඒ ගෙදර නතර වෙන්න ආවට පස්සේ මාමාට මාව ඕනේ වුණා. මාමා හොරෙන් ම‍ගේ ළඟට එන්න උත්සාහ කළත් මම ඒකට කැමති නොවී ඒ බව නැන්දාට කිව්වා. මම හිතුවා එතැනින් ඒ කරදරය ඉවර වෙලා මට ඒ ගෙදර නිදහසේ ඉන්න ලැබේවි කියලා. ඒත් මාමා මට එහෙම කරදරයක් කරන බව නැන්දා
ඉස්සරහ පිළි අරගෙන නැන්දාගේ දැනුවත් කම උඩම මාව බලහත්කාරයෙන් එයාගේ කාමරේට ගත්තා. ඒකට විරුද්ධ වුණාම නැන්දාට ගහන්න පටන් ගත්තා. පස්සේ නැන්දාත් මාමාට ඉඩදීලා බයටම නිකම් හිටියා. ඊට පස්සේ මාමා මට දිගින් දිගටම හිතේ හැටියට අතවර කළා.

දැරියගේ ප්‍රකාශයට අනුව තම මාමා විසින් වරින් වර දූෂණය කරනු ලැබීම නිසා ඇය ගැබ් ගෙන ඇත. එවිට එම මාමා නැන්දාගේ ද දැනුවත්කම යටතේම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරකුගේ මඟ පෙන්වීම මත පානදුර ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක දී ඇයට ගබ්සාවක් සිදු කර තිබේ. යුවතිය මෙලෙස අධික රුධිර වහනයකට ලක්ව ඇත්තේ ඉන්පසුවය.

කෙසේ හෝ රෝහල මගින් මෙම පුවත පොලිසියට සැලකිරීමත් සමඟ එම මාමා - නැන්දා දරු දෙදෙනාද සමඟ තමන් පදිංචි නිවසින් අතුරුදන්ව සිටිති. එහෙත් එම දැරියගේ මිත්තනිය සහ ඔවුන් ගබ්සාවට යොමු කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දියත් කිරීමට උතුරු කළුතර පොලිසිය කටයුතු කරමින් සිටියි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නැන්දා දැනුවත්ව බලෙන් කාමරේට ගත්තා පස්සේ මාමා දිගටම හිතේ හැටියට අතවර කළා"

    Post a Comment