තුවාල ලැබූ බිරිය ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මොහු වෘත්තියෙන් පෙදරේරුවකු වන අතර පලංචියකින් වැටී කොන්දේ ආබාධයක් හට ගෙන තිබී ඇත.
වැඩිවියට පත් දීග දුන් දරුවන් පවා සිටියද 47 හැවිරිදි තම බිරිය රූමත් නිසා ඇය පිළිබඳව විමසිල්ලෙන් සිටි මෙම
පුද්ගලයා ඇයගේ ගමන් බිමන් පවා සීමා කොට තිබී ඇත.
මෙලෙස අවධානයෙන් සිටි මෙම පුද්ගලයාට බිරියගේ දුරකතනයට මඟහැරුණු (මිස් කෝල්) ඇමතුම් 2ක් පැමිණ ඇති අයුරු දැක ඒ පිළිබඳව විමසා ඇත.
එය රණ්ඩුවක් බවට පත්වීම හේතුවෙන් මෙම කාන්තාව රත්මල්කඩුව ප්‍රදේශයේ සිටින තම විවාහක දියණියගේ නිවෙසට ගොස් ඇත.
එම ප්‍රදේශයටද ගිය මෙම පුද්ගලයා ඇයගෙන් දික්කසාදය ඉල්ලා මෙසේ අමානුෂික ලෙස පහර දී පොරවෙන් කොටා තිබිණි.
සිද්ධියෙන් පසු සැඟවී සිටි මෙම පුද්ගලයා ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

-ගම්පොළ - මාධව බණ්ඩාර - mawbima

Share this
|
|
0 Comment to "මිස් කෝල් රණ්ඩුව දුරදිග ගිහින් බිරිය නිරුවත් කොට පොරවෙන් කොටපු සැමියා හෙට තෙක් රිමාන්ඩ් "
Post a Comment