05 December, 2016

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු - සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු

රූපයට නොව හදවතට ආදරය කළ ඔබට සුබ මංගලම්..!

ආදරේ... මේ අකුරු ඇතුලේ සැඟවුණු ලොකු අර්ථයක් තියෙනවා.

ජීවිතයක් ජීවත් කරවන්න එහෙමත් නැත්නම් ජීවිතයක් අපායක් කරන්න මේ අකුරු හතරට පුළුවන්.

ඔබේ පුංචි වෙනස් වීම පවා හඳුනන, දුකේදි පවා නිතර ළඟින් ඉන්න වෙන කෙනෙකු වෙත ඇදී නොයන අවංක ආදරයක් දෙන හදවත කවදාවත් අතහරින්න හොඳ නැහැ කියලා ආදරවන්තයින් අතර කියමනක් තියෙනවා.

ඒත් මේ ආදරේ අද හුගක් තැන්වල විකිනෙන තැනට වගේම වේදනාවක් විතරක් වුණු තැනට පත්වෙලා.

කාලයක් හිතේ ගැබ් අරගත්තු ආදරයක් කොල්ලෙක් කෙල්ලෙක්ට එහෙමත් නැත්නම් කෙල්ලෙක් කොල්ලෙක් ළග ඒ ආදරේ ප්‍රසුත කරපු දා ඉදන් ඒ ආදරේ චුටිමවත් වෙනස්කමක් නොවී තියෙනවද..?

ලොකු කතා කියලා ආදරේ කරන කොල්ලෝ වගේම හුගක් කෙල්ලොත් හිතට අවංකවම ඒ ආදරේ කොල්ලට කෙල්ලට දෙනවද?

වෙනසක් නොවී ආදරේ හැමදාම තියෙනවානම් අන්න ඒක අවංක ආදරයක්..

ඒත් ඒ වගේ අතලොස්සක් මැද ආදරේට විකිනෙන, ආදරේ විකුණගෙන කන කෙල්ලගේ පතිවත නැතිකරලා ඒ කෙල්ලව අත්හරින කොල්ලෝ වගේම, අවංක කොල්ලෙක්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා සමාජ විරෝධියෙක් කරන කෙල්ලොත් ආදරේට අද සාපයක් වෙලා,,

ඒත් කොහොම හිටියත් මේ ජීවිතේ හැම කෙනාටම දවසක අවංකම ජීවිතේට මුහුණදෙන්න වෙනවා..

එක හිතකින් ලැබෙන ආදරේකින් බැදීමක් ඇතිවෙන්නේ නෑ..හිත් දෙකක ඇතිවෙන බැදීමක් සංසාර ගත ආදර බැදීමක් වෙනවා..

ඒ බැදීම ගොඩක් ශක්තිමත්..කතාවක් තියනවා අපේ ජීවිතේ ආදර කතාවලදී සහෝදරිය තමන්ගේ සහෝදරයට උදව් කරනවා..

ඒත් සහෝදරයා එහෙම කරන්නේ නෑ.. ඒ ඇයි දන්නවද? ඒ සහෝදරිය දන්නවා ආදරය යන්න කුමක්ද වග සහෝදරයා දන්නවා පිරිමින් කවුරුන්ද යන වග..

ඒ නිසා තමන්ගේ කෙල්ලට සහෝදරයෙක් වෙන්න.. තමන්ගේ කොල්ලට සහෝදරියක් වෙන්න..

ඒ බැදීමයි ආදරයේ සැබෑ ආත්මීය බැදීම..

එක්කෙනාගෙන් එක්කෙනාට ආදරේ වෙනස්.. අපි වෙනත් කෙනෙකුගේ දෙපයින්ත් ඇවිදින්නේ නැති බව මතක තියාගන්න..

අපි එක එක්කෙනාට වෙනස් ආදර න්‍යායක් තියෙනවා..

ආදරේ කියන්නෙත් එක්තරා ගනුදෙනුවක්.. ඒ ගනුදෙනුව රදාපවතින්නේ විශ්වාසය මතයි..

ආදරයක විකල්පය හැරයාම නෙවේ.. ජීවිතේ ඔබලාටත් මටවත් ගැලපෙන කෙනා ලැබෙන්නෑ.. අපි ඒ නොගැලපීම ගලපාගන්න ඕන..

මේ විදිහට ආදරේ ගැන අපි කතා කළේ අන්තර්ජාලයේ මේ දවස්වල හැමතැනම හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා.

මේ ඡායාරූපවල ඉන්න තරුණයාගේ එක් අතක් පමණයි තියෙන්නේ.

ඒත් අවංක ආදරේට රූපය වගේම අන් කිසිවක් අදාල වෙන්නේ නැති බව මනාවට කියාපාමින් ඇයට අවංක ආදරයක් හිමිව තිබෙනවා.

සැප සම්පත් වගේම සල්ලිවලට ආදරේ හිමිවෙන නැතිවෙන මේ ලෝකේ මේ වගේ ආදර කතාවල වටිනාකම කොයිතරම්ද කියලා කියන්න අමාරුයි.

මේ තරුණයාගේ නම තමයි චමත් ලහිරු. ඇගේ ආදරණීය පෙම්වතිය තමයි ශාලිකා.

ඊයේ මේ සොඳුරු පෙම්වතුන්ගේ ආදරේ දළුලන දවස වුණා. ඒ තමයි ඔවුන්ගේ විවාහ උත්සවය ඊයේ සිදුවුණු නිසා.

ඉතිං මේ සොඳුරු පෙම්වතුන් දෙදෙනාට අපිත් සුබ මංගලම් කියලා ප්‍රාර්ථනා කරනවා.









_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු - සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු "

    Post a Comment