18 May, 2017

මට දිනන්න ලෝකයක් තියෙනවා

Nilmini Thennakoon-2017.05.17

ඔබේ කණ්ඩායමේ නැටිලි අහවර වුණා නේද?

හිරු මෙගා ස්ටාර් තරගය මාස හයක් පුරාවට පැවැත්වුණා. ඉතිං ඒ තරගය නිම වුණා. ඒ නිසා අපේ ඒ කාර්යයත් එතැනින් නිම වුණා.

ශාක්‍යන්ස්ලා කිරුළ ගැන ලොකු බලාපොරොත්තුකින් නේද හිටියේ?

ඔව්. බොරු කියන්න ඕනේ නැහැනේ අපි කිරුළ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ. ශාක්‍යන්ස්ලා ඒ තරගය පුරාවට ගොඩක් මහන්සි වුණා. අපි ඒ වේදිකාව තුළ ලොකු වෙනසක් කළා. අපි කරන වෙනස දැකලා අනෙක් කණ්ඩායම් වුණත් වෙනස් දේවල් ඉදිරිපත් කරන්න ගත්තා. ඉතිං අපිට කිරුළ අහිමි වුණත් අපි කරපු ඒ වෙනස ගැන සතුටු වෙන්න පුළුවන්.

ඔබේ කණ්ඩායම අවසන් මහා තරගයේදී ඉදිරිපත් කළ නර්තන අංගත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා නේද?

ඇත්තටම අපි හැම ඇක්ට් එකක්ම මහන්සි වෙලා කළා. රණවිරුවන් වෙනුවෙන් තමයි අපි අපේ ගායනය ඉදිරිපත් කළේ. අපේ නර්තනයත් සුවිශේෂයි. රාම - රාවණා කතා පුවත එක්ක නිර්මාණය වුණ නර්තනය ගැන කතා කරද්දී එම නර්තනය නිර්මාණය කර පුහුණු කළ රසික කොතලාවල සහ නීෂා කොතලාවල කියන ගුරුවරුන් මතක් කරන්න ඕන. ඔවුන්ට මම මේ වෙලාවේ ස්තුති කරනවා.

කිරුළ අහිමි වුණේ දක්ෂතාවයේ අඩුවක් නිසා නෙවෙයිද?

අපි වෙනස් හොඳ යමක් කරන්න මහන්සි වුණාට පබ්ලිසිටිවලට මහන්සි වුණේ නැහැ. මම ඉර්ඉවලින් හරි ෆේස්බුක්වල ඉඳලා හරි මෙතැනට ආපු කෙනෙක් නෙවෙයි. නිර්මාණවල පෙනී ඉඳලා සම්මාන ලබාගෙන මේ තැනට ආවේ. අපි ඉර්ඉ ගහන්න මහන්සි වුණේ නෑ. නමුත් ජය පරාජය කියන දෙකම අපි විඳගන්න ඕන. අපි ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රේක්ෂකයෝ අපිට කිරුළ හිමි නොවුණු එක ගැන කනගාටු වුණා.

ශාක්‍යන්ස්ලට සූර්යන්ස්ලා අභියෝගයක් වුණාද?

ඇත්තටම සූර්යන්ස්ලා අපිට අභියෝගයක් නෙවෙයි. උමාරියාගේ ගායන පැත්ත තමයි අභියෝගය වුණේ. සූර්යන්ස් ටීම් එකම ඇදගෙන ගියේ එයා. නමුත් අපේ කණ්ඩායමේ හත්දෙනාගෙම හැකියාවන් මත තමයි ඉදිරිපත් කිරීම කළේ.

සූර්යන්ස්ලාට කිරුළ ලැබෙද්දි ඔබට අවංකව සතුටු වෙන්න පුළුවන් වුණාද?

මෙහෙමයි හිත ඇතුළේ මොකද්දෝ කම්පාවක් තියෙනවා. අපේ කණ්ඩායමේ හත්දෙනාම ඒ ඒ ක්‍ෂේත්‍ර හොඳින් නියෝජනය කළ කණ්ඩායමක්. එහෙම බලද්දී මොකද්දෝ හිස් බවක් දැනෙනවා. අපිටත් පැරැදුණු එක ගැන දුකක් තියෙනවා. නමුත් අපි පැරැදුණත් අපි දිනලා ඉවරයි. මොකද අපි අවසන් මහා තරගය වෙනකල්ම ප්‍රේක්ෂක ඉර්ඉ මනාපවලිනුත් ඉහළම තැන හිටියා.

ඔබ වරක් කිව්වා ඔබ ජීවිතේ පරාද වෙලා නෑ. ඒ නිසා මේ තරගයත් ඔබ අනිවාර්යයෙන්ම ජය ගන්නවා කියලා. දැන් මේ පරාජය ඔබට දැනෙන්නේ කොහොමද?
තරගය පැරැදුණා කියලා මම පැරැදුණේ නැහැ. මට දිනන්න ලෝකයක් තියෙනවා. ඒ මගේ දියණිය. එයාව දිනෙව්වා කියන්නේ මම දිනුවා වගේ තමයි.

තරගයක් එක්ක ලබාගත්ත අත්දැකීම් ගැන සතුටුද?

ඇත්තටම මේ වෙලාවේ හිරු නාළිකාව ගැන මතක් කරන්න ඕන. මේ තරගයේ කණ්ඩායම් නායිකාවක් ලෙස මාව තෝරා ගැනීම වෙනුවෙන් මම නාළිකාවට ස්තුති කරනවා. මම මේ වැඩසටහනෙන් වෙනසක් අත්වින්දා. ඒ වගේම මම මේතාක් කාලයක් හඳුනා නොගත් තරමට මනුස්සයෝ කවුද කියන එකත් හඳුනා ගත්තා.

ආයෙත් රියැලිටිවලට තරග කරන්නේ නැද්ද?

අම්මෝ නැහැ.

හේතුවකුත් ඇතිනේ?

විවිධාකාර අදහස් තියෙන අය ගැළපෙන්නේ නැති වුණාම ඒ අය එක්ක ගැටෙන්න අමාරුයි. ඉතිං මම ඒ අත්දැකීම් ලබාගත්තා. මම නායිකාවක් විදියට මගේ උපරිම දායකත්වය ලබාදුන්නා. මම ඒ ලබපු සතුට මම තියන්නේ පළමු තැන. අනෙක් දේවල් මම තියන්නේ දෙවැනි තැන.

මේ දවස්වල ඔබ බන්ධනය චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ ගැනත් කතා කරමු?

ඔව්. උදයකාන්ත අයියා තමයි මට මේ චිත්‍රපටයටත් ආරාධනා කළේ. ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණවලට මාව අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්නවා. ඉතිං ඔහු කළ මේ චිත්‍රපටයත් ලස්සන, දැනෙන චිත්‍රපටයක්.

ඔබ බන්ධනයට සම්බන්ධ වුණෙත් උදයකාන්තගේ ආරාධනාව අහක දාන්න බැරි නිසාද?

ඔව්. ඇත්තටම මම ඔහුගේ චිත්‍රපටවල විශේෂ චරිත රඟපාලා තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ පුංචි දුව. මගේ චරිතය ඇතුළේ මට යමක් කරන්න තිබුණද මම ඒ ටික හරියට ඉෂ්ට කළා.

ඔබ ප්‍රධාන චරිතවලටද වැඩි බර දෙන්නේ?

මම ටෙලි නාට්‍යවලටනේ ගොඩක් දායක වෙන්නේ. ඉතිං ප්‍රධාන චරිතයක් නම් මම භාරගන්නවා. මොකද ඒ වගේ චරිතයක යමක් කරන්න තියෙනවා. එහෙට මෙහෙට වැනෙන චරිත නම් මම කරන්න කැමැති නැහැ.

ඔබ සිනමාවට අඩු දායකත්වයක් ලබා දෙන්නේ ඇයි?

සිනමා නිර්මාණයන් දැන් අඩුවෙන් කෙරෙන්නේ. ආරාධනා ලැබුණත් සමහර අවස්ථාවල ඒ වෙනකොට මම ටෙලියකට දින දීලා. එතකොට ආරාධනා ලැබෙන සිනමා නිර්මාණය භාරගන්න වෙන්නේ නෑ. ඒ වගේම අපි වෙනුවෙන් සිනමා නිර්මාණ හැදුණෙත් නෑ. හැදෙන්නෙත් නෑ.

ඔබ වෙනුවෙන් සිනමා නිර්මාණයක් ඔබම නිර්මාණය කළොත් නරකද?

මම කේෂ්ත්‍රයේ අවුරුදු ගාණක් හිටියත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න තරම් තාම මම පොඩි වැඩියි. උත්සාහ කළොත් බැරි වෙන්නෙත් නෑ. නමුත් ඒකට තව කල් තියෙනවා.

ඔබ අලුත් වැඩ කටයුතුත් සැලසුම් කරගෙන තියෙනවද?

මගේ දුවගේ විභාග කටයුතු නිසා මම මේ දවස්වල එයා එක්කම ඉන්නවා. ජුනි මාසෙදි තමයි ආයෙත් අලුත් නිර්මාණයකට දායක වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී රූපලාවණ්‍ය ශිල්පය දරුවන්ට උගන්නන්නත් බලාපොරොත්තු වෙනවා.

ඔබේ ජීවිතෙන් අෑත් වුණ සමහර දේවල් ආයෙත් ජීවිතයට එකතු කර ගන්න අදහසක් නැද්ද?

අපෝ... මම නැවත රැවටීමකට හසුවෙන්නේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ  (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මට දිනන්න ලෝකයක් තියෙනවා"

    Post a Comment