04 May, 2017

මගේ ‍ලේනා ගැන මම දන්නවා - අනිත් අයගේ ‍ලේනෝ ගැන මම දන්නේ නෑ

Danuka Dilshan-05

ධනුක එදාට වඩා අද ජනප්‍රියයි කීවොත්?
ඒ ගැන අහන්නත් සතුටුයි

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
ප්‍රේමවර්ෂා ටෙලි නාට්‍යයේ වගේම ගැමුණු මහරජ චිත්‍රපටයේ වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා.

පුංචි තිරයේ ධනුකට ගැළපෙන්නේ අහිංසක පෙම්වතාගේ චරිතය කියලා හැමෝම කියනවා නේද?
ගොඩක් දෙනා එහෙම කියනවා. මිනිස්සු කැමැති ඇති මම ප්‍රේවන්තයාගේ චරිතය නිරූපණය කරනවට. මිනිස්සු අපිට ආදරය කරන්නේ රංගනයෙන් දායකවන චරිතයටයි.

පුංචි තිරයට වඩා මියුසික් වීඩියෝවල පෙනී ඉන්න විශේෂ හේතුවක් තියෙනවද?
මම රංගනයට පිවිසෙන්නේ පුංචි තිරයෙන්. ‍පොඩි කා‍ලේ ඉඳන්ම නාට්‍යය හා රංග කලාව හදාරලා තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. මියුසික් වීඩියෝ නිසා මාව එක පාරටම ජනප්‍රිය වුණා. මම දන්නෑ ඒකට හේතුව මොකක්ද කියලා. සමහර විට දක්ෂතාව නිසා වෙන්නත් ඇති. මියුසික් වීඩියෝ හරහා යන්න තියෙන ඉහළම තැනට මම ගිහින් ඉවරයි. ඒ ගැන සතුටක් තියෙනවා.

දුෂ්ටයාගේ චරිතයට රංගනයෙන් දායක වෙලා නැද්ද?
මගේ පළමු චිත්‍රපටය තමයි “ධර්ම යුද්ධය” මැයි මාසේ එය තිරගත වෙනවා. ජැක්සන් ඇන්තනී මහත්තයත් එක්කයි මම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ. ප්‍රධාන හතුරාගේ චරිතය එහි නිරූපණය කරන්නේ මම.

රංගනයෙන් වගේම සැබෑ ජීවිතයේ දී දුෂ්ටයෙක් වුණා කියලා පසුගිය දවස්වල කතා වුණා නේද?
ගොසිප්වල යන ඒවා. කතා බහ කරන ඒවා ගැන මම වැඩිය ගණන් ගන්නේ නෑ. ඔය දේ අදාළ පාර්ශ්වයෙන් තමයි අහන්න ඕන.

ධනුක නිසා සාරංග උමාලි විරසක වෙලා කියලා තමයි ගොසිප්වල කතා වෙන්නේ?
මම දන්නේ නෑ ඒ දෙන්නගේ ජීවිතේ මොකද වෙන්නේ කියලා. දන්නේ නැති දේවල් ගැන කතා කරන්න මම කැමැති නෑ.

ධනුක උමාලිට ‍ලේනෙක් දුන්නා කියන්නේ ඇත්තද?
ඒක බොරුවක්. උමාලිටත් ‍ලේනෙක් ඉන්නවා. මගේ ගාවත් එකෙක් ඉන්නවා. මගේ ගාව ඉන්න ‍ලේනා ගැන මම දන්නවා. අනිත් අයගේ ‍ලේනෝ ගැන මම දන්නේ නෑ.

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ නේද?
ඒක නම් මම දන්නේ නෑ. ඔය දුම කොහෙන්ද නගින්නේ කියලා තමයි අහන්න ඕන.

ධනුක තව කී දෙනෙක්ට ‍ලේනෝ දීලා තියෙනවද?
මම කාටවත් එහෙම ‍ලේනෝ දීලා නෑ.

පවුලක් කඩලා පවුල් වෙන්න යනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?
මම ගැන දන්න කට්ටිය කවදාවත් ඔහොම චෝදනා කරන්නේ නෑ. මම ගැන හරියට නොදන්න අයයි ඔහොම චෝදනා කරන්නේ.

ගොසිප් ගැන ධනුකට තියෙන්නේ කළකිරීමක්ද?
මේ දෙයින් කවුරු හරි බඩ පුරවගන්නවානේ. කාටහරි මඩ ගහලා පත්තු කරලා. ඒ ගොල්ලෝ බඩ පුරවගන්නේ. ඒ අයට කියන්න තියෙන්නේ අනේ පව් කියලා විතරයි.

සැබෑ ජීවිතේ පෙම්වතෙක් කියන්නේ ඇත්තද?
මම ලෝකෙටම ඇහෙන්න කියන්න කැමැතියි මම පෙම්වතෙක් නමෙයි කියලා. කාටවත් මම ආදරය කරන්නෑ කියලයි මම හිතන් ඉන්නේ.

ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මට පෙම්වතියක් හිටියා. අවුරුදු හතරකට විතර කලින්. ඒක ලොකු ආදර කතාවක්. ඒ කෙනාට මම ගොඩක් ආදරය කළා. ඊට පස්සේ මම ආදරයක් ගැන හිතුවේ නෑ, අද වෙනකම්ම.

ක්‍ෂේත්‍රයේ හිත ගියපු කෙනෙක් නැද්ද?
ඇත්තටම එහෙම හිත ගියපු කෙනෙක් නම් ක්‍ෂේත්‍රයේ නෑ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ ‍ලේනා ගැන මම දන්නවා - අනිත් අයගේ ‍ලේනෝ ගැන මම දන්නේ නෑ"

    Post a Comment