
විවාහ දිවියේ අත්දැකීම් සමඟ ගොඩනැගෙන අපූර්ව ආදර කතාවක් වන මෙය ආදරය කරන කාලයේ දී පෙම්වතාගේ පෙම්වතියගේ එකිනෙකා වෙනුවෙන් තිබෙන කැපවීම වගේම විවාහ වුණාට පසුව විවාහ දිවියේ දී සැමියාගේ හා බිරිඳගේ කැපවීම පවුල් ජීවිතය ගෙන යන්න කොතරම් වැදගත්ද එසේ නැතිනම් පවුල් ජීවිතයේ අර්බුදවලට හේතුව කුමක්ද? කියන කාරණා මත නිර්මාණය වෙන චිත්රපටයක් බවයයි වාර්තා වෙන්නේ.
මෙයට රංගනයෙන් චරිත් අබේසිංහ, සාරංග දිසාසේකර, පබෝධා සංදීපනී, ශානිකා එදිරිසිංහ, වගේම නවක නළුවෙකු වන සචිත්ර යස්වින්ද හා නවක නිළියන්
දෙදෙනෙකු වන චමත්කා ලක්මිණී සහ ජූලියා යෙහාලි එකතු වෙනවා.
මේ චිත්රපටය නිෂ්පාදනයෙන් නීරේ චිත්රපට වෙනුවෙන් තරංග අතුරලිය හා ඒ. ෆාරිෂ්ඨ දායක වෙනවා. සංගීත අධ්යක්ෂණය රංග දසනායකත් , සහාය අධ්යක්ෂණයෙන් කැළුම් උඩුවාවලත් ආලෝක කරණය හා කැමරාකරණයෙන් මංජුල කුමාරතුංගත්, වේෂ නිරූපණයෙන් අරුණ ශාන්ත ජයසූරියත් දායක වෙනවා.


(mirrorarts)
Share this
|
|
0 Comment to "පවුල් අවුල් නැතිව ගෙනියන්න එන ‘සරුංගල්‘"
Post a Comment