09 May, 2017

Baywatch නිසා හොලිවුඩයේ ඉල්ලුම වැඩි වූ නිළිය

Alexandra Daddario - Batwatch

මේ දිනවල හොලිවුඩයේ වැඩිම මාතෘකාව බවට පත් වී ඇත්තේ, Baywatch චිත්‍රපටයයි. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා පිළිබඳ මෙහිදී අවධානය යොමු වී ඇති අතර, තවත් අවධානය යොමු වී ඇති කෙනෙක් වෙයි. ඒ මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන Alexandra Daddario පිළිබඳවයි.

Baywatch චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙන්නේ සෙත් ගෝර්ඩන්ය. මෙහි නිෂ්පාදකවරු ලෙස තිදෙනෙක් කටයුතු කරති. ඒ ඉවාන් රෙයිට්බන්, ටොම් පොලැක්, බියූ ෆ්ලයින් නම් නිෂ්පාදකවරුය. මෙහි ප්‍රධාන චරිත සඳහා ඩ්වේන් ජොන්සන්, සැක් එෆ්රොන්, ඇලෙක්සැන්ඩ්‍රා, ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වෙති.

මැය මීට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපටය බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය. ඒ අතර 'Percy Jackson' චිත්‍රපට මාලාවද, 'San Andreas' වැනි චිත්‍රපටද ඇයගේ හැරවුම් ලක්ෂ්‍යයන් ලෙස සඳහන් වෙයි.

31 වැනි වියේ පසුවන ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 2005 වර්ෂයේදීය. නමුත් ඇය 2002 වර්ෂයේ සිට රූපවාහිනී කතා මාලාවන්වල අතුරු චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2002 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා 'All My Children' රූපවාහිනී කතා මාලාව සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඉන්පසු 2004 වර්ෂයේදී 'Law & Order' කතා මාලාවටද, 2005 වර්ෂයේදී 'Law & Order: Criminal Intent' කතාමාලාවටද දායක වී ඇති බව සඳහන් වෙයි.

2005 වර්ෂයේදී ඇයට සිනමා දිවියට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව උදා වී ඇත්තේ 'The Squid and the Whale' චිත්‍රපටය ඔස්සේය. සිනමා නිළියක මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසද ඇය බොහෝ ප්‍රසිද්ධියට ලක්ව සිටියි. ඇය 2006 වර්ෂයේදී නාට්‍ය ආභාසය ලත් චිත්‍රපටයක් ලෙස 'The Hottest State' චිත්‍රපටය හඳුන්වනු ලබයි.

සංගීත පසුබිමක් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සම්මානලාභී චිත්‍රපටයක් විය. ඇය 2007 වර්ෂයේදී තවත් චිත්‍රපට දෙකක් සඳහා දායක වූ අතර, 2008 වර්ෂයේදී සිනමාව සඳහා මඳ විරාමයක් ලබාදුන්නේය. සිනමා දිවියට පමණක් නොව රූපවාහිනී කතාමාලා සඳහාද ඇය සමු දී තිබිණි.

2009 වර්ෂයේදී ඇයව නැවතත් දැකගැනීමට හැකියාව ලැබෙන්නේ Jonas Brothers: The 3D Concert Experience චිත්‍රපටය ඔස්සේය. එය මිලියන 23ක ආදායමක් ලැබූ චිත්‍රපටයකි. 2010 වර්ෂයේදී තිරගත වූ Percy Jackson & the Olympians: The Lightning Thief චිත්‍රපටය ආදායම් අතින් මෙන්ම ඇයගේ ජීවිතයේද හැරවුම් ලක්ෂ්‍යය සටහන් කළ චිත්‍රපටයක් විය. 2010, 2011, 2013 යන වර්ෂයන්හිදීද එක් චිත්‍රපටය බැගින් තිරගත වුණි.

2015 වර්ෂයේදී තිරගත වූ 'San Andreas' චිත්‍රපටය ලෝකයේ බොහෝ අවධානය දිනාගත් චිත්‍රපටයක් විය. පසුගිය වර්ෂයේ එනම් 2016 වර්ෂයේදී තිරගත වූ 'The Choice' චිත්‍රපටය ඔස්සේ ඇය සම්මානයක් සඳහා නිර්දේශ විය. නමුත් එම සම්මානය හිමි කරගැනීමට ඇයට අවස්ථාව උදා නොවීය. මෙම වර්ෂයේදී ඇයගේ චිත්‍රපට 04ක් තිරගත වීමට නියමිතව තිබේ. 2018 වර්ෂයේදීත් ඇයගේ එක් චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

ඇය පිළිබඳ මේ දිනවල වැඩිම අවධානය යොමුව ඇත්තේ 'Baywatch' චිත්‍රපටය හේතුවෙනි. මෙහි බොහෝ දර්ශනයන්හි ඇය අඩනිරුවතින් සිටින බවත් ඇතැම් විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි. ඇය වටා නිර්මාණය වන එවැනි පුවත් හේතුවෙන් ඇයගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සඳහා විවිධ වූ පණිවුඩ ලැබෙමින් පවතින බවද ඇය සඳහන් කර තිබේ. කෙසේ වුවත් මෙම කාරණා හේතුවෙන් ඇය ජනප්‍රිය තරුවක් වී ඇත්තේ චිත්‍රපටය එළිදැක්වීමටත් පෙරය. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Baywatch නිසා හොලිවුඩයේ ඉල්ලුම වැඩි වූ නිළිය"

    Post a Comment