23 April, 2017

අලුත් අවුරුද්දට රෙදි ගන්න කාන්තාවක් මරා සල්ලි සෙවූ නරුමයා කොටු

Murder Investigation Police Dog Stab

බඩල්ගම කටුකෙන්දේ පදිංචිව සිටි හැට අට හැවිරිදි තිදරු මවගේ ගෙල කපා මරා දැමූ සැකකරු බුලත් හෙප්පුවක් නිසා ලත් සාක්කියක් මත පැය කිහිපයක් ගතවෙද්දී අත්අඩංගුවට ගැන්ීමට කොටදෙනියාව පොලිසිය සමත්විය.

පසුගිය 12 වැනිදා ඇය තනිව නිවසේ සිටි අවස්ථාවක උදෑසන නිවසේ කුස්සියේ දී මෙසේ මරා දමා තිබුනේ බඩල්ගම කටුකෙන්ද ග‍්‍රීන් ගාඞ්න්ස් හි පදිංචිව සිටි කිරිහෙට්ටිගේ මිලී මාග‍්‍රට් 68 මහත්මියයි.

සාමාන්‍යයෙන් නිවසේ කිසිවෙකු නැති අවස්ථාවන්හිදී මියගිය මව නිවස ඉදිරිපිටට වී සිටීම පුරුද්දක් බවත් ගේ ඇතුලේ තිබූ බුලත් හෙප්පුව නිවසේ ඉදිරි දොරටුව අසල තිබීම නිසා දන්නා හදුනන කිසිවෙකු නිවසට පැමිණ ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබුනේ මේ අතරය.

ප‍්‍රහාරයට යොදාගෙන ඇති පිහිය නිවසේ කුස්සියේ තිබූ එකක් බවට හදුනාගෙන ගැනුනු අතර එම පිහිය ඒ අසල තිබියදී පොලිසියට හමුවිය. අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරින් හා පොලිස් නිල සුනඛයින් කැදවා පරීක්ෂණ පැවැත්වූ අතර නිවස හා අවට දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබීය. අපරාධයට යොදා ගත් මන්නා පිහිය ඉව කළ නිල සුනඛයා එම ස්ථානයේ සිට දකුණට පාරේ මීටර් 150 ක පමණ දුරකින් පිහිටි නිවසක පිටුපස කුස්සියේ දොරටුව් දක්වා ගමන් කරනු ලැබීය. ඒ වනවිට එම නිවසේ කිසිවෙකු නොසිටි අතර අපරාධකරු පලා යන අතරතුර කිසිවෙකු නැති නිවසේ පිටුපස සැගවී සිටියාදැයි පොලිසියට සැකයක් ඇතිවිය.

එම නිවසට නිතර එන යන හා බුලත් විට හපන පුද්ගලයන් ගැන කළ සොයා බැලීමේදී මියගිය අයගේ බෑනාගේ හිතවතකුද වන පොල් කැඞීමට එන නිමල් නැමැත්තෙකු පිලිබදව අනාවරණය කරගත් පොලිසිය ඔහු සොයා කුලී නිවසට ගියත් සිටියේ නැත.

ඉන්පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීීමේදී සියල්ල හෙලිවී ඇත. වසර හතරක් පමන තිස්සේ මෙම නිවසට යන එන බව කියන සැකකරු එදින උදේ 8.30 ට පමන පාපැදියෙන් පැමිණ ඇත.

නිවසට පැමිනි අවස්තාවේදී සැකකරු බුලත් විටක් ඉල්ලීමෙන් පසු මියගිය කාන්තාව ගෙතුළ තිබූ බුලත් වට්ටිය ගෙනවිත් දී ඇත. පසුව සැකකරු නැන්දේ ලමයින්ට අවුරුද්දට රෙදි ගන්න කියා රුපියල් දෙදහසක් ඉල්ලා ඇති අතර තමන් අත මුදල් නැති බව කියා ඇය කුස්සියට ගිය අතරේ සැකකරු නිවසේ කාමරයට ඇතුල් වී අල්මාරිය අවුස්සනවා දුටු කාන්තාව කෑගසා ඇති බවත් එයින් වියරු වැටුනු සැකකරු ඇය කුස්සියට තල්ලූ කරගෙන විත් මන්නයෙන් කොටා කොට්ටයෙන් මුහුණ වසා රන් මුදු දෙකක් හා අත්ඔර්ලෝසුවක් රැගෙන පාපැදියෙන්ම ගොස් ඇති බවත් හෙලිවී ඇත.

පසුව සැකකරු පන්නල නගරයට ගොස් මෙම දේපල රුපියල් 6300 කට උකස් කර රෙදිපිලි රැගෙන නිවසට පැමිනි අවස්තාවේ අත්අඩංගුවට පත්ව ඇත. සමරක්කොඩිගේ නිමල් ශාන්ත නැමති සැකකරු මිනුව්න්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලුත් අවුරුද්දට රෙදි ගන්න කාන්තාවක් මරා සල්ලි සෙවූ නරුමයා කොටු"

    Post a Comment