16 April, 2017

වඩේ විකුණපු - පුවක් විකුණපු මහ අැමැතිගේ තට්ටු හතේ හෝටලේට සල්ලි අාෙව් කොහාමද?

වඩේ විකුණපු - පුවක් විකුණපු මහ අැමැතිගේ තට්ටු හතේ හෝටලේට සල්ලි අාෙව් කොහාමද? ( මන්ත්‍රී චමින්ද

Chaminda Wijesiri

කෝච්චියේ වඩේ විකුණපු ඌවේ මහ ඇමැතිවරයා ඇල්ල ප්‍රදේශයේ තට්ටු හතක විශාල හෝටල් ව්‍යාපෘතියක් සිදුකරන්නේ කාගේ මුදලින්දැයි සොයාබැලිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා දේශයට පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මේ සල්ලි කොහෙන්ද? චාමර සම්පත් ගෙදරින් ගෙනාපුවද? නෑ. කෝච්චියේ වඩේ විකුණලා, පුවක් විකුණලා හෝටල් ගහන්න පුළුවන් නම් ඒක මාරයිනේ. මේ මහජන මුදල්. මේවා හොයන්න ඕන. මම ‍ෙපෟද්ගලිකව ජනාධිපතිතුමා හම්බවෙලා මේ දූෂිත මහඇමැතිවරයා ගැන කිව්වා. ඒත් සිදුවුණු සෙතක් නෑ. පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලුවා. ඒවා කොහෙන් අතුරුදන් වුණාද මන්දා? මෙයාට හැමතැනම දේපළ. මේ ඇල්ලේ ගහන හෝටලේ කාමර 42ක්. මේවා හදන්න කොහෙන්ද සල්ලි. මම මෙයා ගැන අල්ලස් කොමිසමටත් පැමිණිලි කරනවා. මේ යහපාලන ආණ්ඩුවක්. මේක ඇතුළේ හොරකම් කරන්න බෑ යැයිද හෙතෙම කීය.


තට්ටු හතක් නෙවේ තට්ටු දහයක හෝටලයක් හදනවා සල්ලි ගැන බැංකුවෙන් අහන්න! ( උ‍ෟවේ මහ ඇමැති චාමර සම්පත්)

Chamara Sampath

ඔව් මම හෝටලයක් ගහනව. තට්ටු හතක් නෙමෙයි තට්ටු දහයක්. හැබැයි බැංකුවලින් ණය අරගෙන යැයි ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා දේශයට පැවසීය.

ඒ මහතා එම අදහස් පළකළේ බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමිනි. වැඩිදුර අදහස් දැක්වූ මහ ඇමැතිවරයා,

ඔව්. මේක මගේ නෝනා කරන්නේ. එයා බදුල්ලේ රජයේ බැංකුවලින් ණය අරගෙන තියෙන හැටි හොයල බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයා ගිහින් බදුල්ලේ බැංකුවකින් ඉල්ලන්න හෝටලයක් ගහනවා කියලා ලෝන් එකක්. පැනලා දෙන්නේ. ඒ තරම් උදව් කරනවා. අනික ඕක හදන්න ගත්තේ මම මහඇමැති වෙන්නත් අවුරුදු 07කට කළින්.

මම වඩේ වික්කා තමයි. හැබැයි එයාගේ තාත්තා මාළු කපලා. 83 කලබලේදී හොයාගන්න බැරිවුණ අයට දැන් කොහෙන්ද හෝටල්. බදුල්ල නගරයේම තියෙනවා කෝටි ගාණක කඩයක්. ඒ නිසා මම එයාට කියනවා ඒ දේපළ හොයාගත්ත හැටි හෙළිකරන්න කියලා.

(ගයාන් ගාල්ලගේ-දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වඩේ විකුණපු - පුවක් විකුණපු මහ අැමැතිගේ තට්ටු හතේ හෝටලේට සල්ලි අාෙව් කොහාමද?"

    Post a Comment