AFP-2012 වසරේ හමුදා සංදර්ශනයකට ඉදිරිපත් කළ Hwasongs මිසයිල
යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දියහැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරෙයි.
පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන ඇත.
වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ.
බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය.
මිසයිලවල විහිදුම් දුර

- කෙටි දුර විහිදුම්: කිලෝමීටර 1,000 ක් හෝ ඊට අඩු දුරක්
- මධ්‍යම දුර විහිදුම්: කිලෝමීටර 1,000 - 3,000 අතර දුරක්
- අන්තර් දුර විහිදුම්: කිලෝමීටර 3,000 - 5,500 අතර දුරක්
- අන්තර් මහද්වීපික විහිදුම්: කිලෝමීටර 5,500 වැඩි දුරක්

AFP-අන්තර් දුර විහිදුම් හැකියාවක් සතු Taepodong මිසයිලයක්
උතුරු කොරියාව සිය මිසයිල වැඩසටහන ආරම්භ කළේ 1976 වසරේ ඊජිප්තුවෙන් ලබාගත් බව පැවසෙන 'Scuds' ලෙස හඳුන්වන මිසයිල යොදා ගනිමිනි.
1984 වසර වනවිටත් 'Hwasongs' නමැති තමන්ගේම මිසයිල විශේෂයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව

කටයුතු කරමින් සිටියේය.
අසල්වැසි දකුණු කොරියාව ඉලක්ක කොට එල්ල කළ හැකි එවැනි කෙටි දුර මිසයිල වර්ග ගණනාවක් උතුරු කොරියාව සතුව ඇති බව විශ්වාස කෙරෙයි.
ඇමරිකාවේ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව 'Hwasong-5' සහ 'Hwasong-6' ලෙස හඳුන්වනු ලබන මිසයිලවලට පිළිවලින් කිලෝමීටර 300 සහ 500 දක්වා දුරකට ළඟා විය හැක.
මිසයිල අලෙවිය

EPA-Musudan මිසයිලයක්
මෙම මිසයිලවලට සාමාන්‍ය යුද ශීර්ෂ (War Heads) රැගෙන යා හැකි අතර ඇතැම් විට ජීව, රසායනික හෝ න්‍යෂ්ටික හැකියාව එම මිසයිල සතු විය හැක.
උතුරු කොරියාව 'Hwasong-5' සහ 'Hwasong-6' යන මිසයිල දෙවර්ගයම මේ වනවිට අත්හදාබලා ඇති අතර 'Hwasong-6' වර්ගය ඉරානයට අලෙවි කොට තිබේ.
ඊශ්‍රායල බුද්ධි අංශවලට අනුව Musudan මිසයිලවලට කිලෝමීටර 2,500 ක දුරක් ගමන් කළ හැකි අතර ඊට කිලෝමීටර 3,200 ක් ගමන් කළ හැකි බව ඇමරිකානු මිසයිල ආරක්ෂණ ඒජන්සිය ඇස්තමේන්තු කොට තිබේ.
Musudan සහ 'KN-08' මිසයිල
වෙනත් මූලාශ්‍ර පවසන්නේ ඊට කිලෝමීටර 4,000 හමන් කළ හැකි බවය.
මේ අතර අන්තර් මහද්වීපික මිසයිල රැගෙන යා හැකි රොකට් එන්ජින් අත්හදා බැලීමක් සාර්ථකව සිදු කළ බව උතුරු කොරියාව මෑතක දී ප්‍රකාශ කළ අතර උතුරු කොරියානු නායකයා විසින් එය හඳුන්වනු ලැබුවේ සිය රටේ රොකට් තාක්ෂණ ක්ෂේත්‍රයේ 'නව උපතක්' ලෙසය.
නිරීක්ෂකයන් විසින් 'KN-08' හෝ 'Hwasong-13' ලෙස හඳුන්වනු ලබන , ඇමරිකාව දෙසට ළඟා විය හැකි දුර දිග විහිදුම් මිසයිල හයක් උතුරු කොරියාව සතු බව පෙන්ටගනය විශ්වාස කරයි. (බීබීසී)

Share this
|
|
0 Comment to "උතුරු කොරියානු මිසයිල බලය ගැන මේ කරුණු දැන සිටියාද?"
Post a Comment