
විකෘති තාවයක් සහිතව උපත ලද අසාමාන්‍ය ඌරු පැටවෙකු පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයේ අන්හුයි පළාතේ පිහිටි ගොවිපොළක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම ගොවිපොළේ සිටි ඊරියක විසින් පසුගිය 01 වනදා පැටවුන් 20 දෙනෙක් බිහි කර ඇති අතර ඉන් එක් පැටවෙකු අසාමාන්‍ය විකෘති තාවයකින් යුක්තව උපත ලබා ඇති බව සදහන්.
මෙම පැටවාට එක ඇසක පමණක් පිහිටා ඇති අතර අනෙක් ඌරු පැටවුන්ගේ මෙන් ශරීරයේ රෝම වර්ධනය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙම සත්වයා ඉපදී පැය දෙකකින් පසු මියගොස් ඇති අතර එම සත්වයාගේ සිරුර පරීක්ෂණ කටයුතු සදහා පරීක්ෂණාගාරයක් වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර කම්බෝජයේදී මෙවැනිම විකෘති තාවයක් සහිත ඌරු පැටවෙකු බිහිව ඇති අතර මෙම සත්වයා පිළිබදව එරට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
border="0" height="226" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3p7rartK5PeziVMhCKJWVVO_jlI1EXDa0EGqwLsQkmu_S03AAu6eWPWDr2vOdeyqhh6HY_fKVq-xvKfQcChao4tdFEJpudXg5YZNuOLuILbHIT4dGwuN4wn8PR-VSAVXXk_iOLId-9gU/s400/Unusual+animal-02.jpg" width="400">


-hirunews


-hirunews
Share this
|
|
0 Comment to "ගොවිපොළ හිමියන් පුදුම කරමින් බිහිවූ අසාමාන්‍ය සත්වයා"
Post a Comment