04 March, 2017

‘සමයං’ මැරූ දවසේ නිවාඩු ගිය කට්ටියක් !

කළුතර සිට කඩුවෙල අධිකරණය දක්‌වා ‘සමයං’ ඇතුළු සැකකරුවන් බන්ධනාගාර බස්‌ රථයෙන් රැගෙන යද්දී එදින එම රාජකාරියෙන් වැළකී නිවාඩු ලබාගත් කළුතර බන්ධනාගාරයේ නියාමකයන් පිළිබඳ විශේෂ පොලිස්‌ පරීක්‌ෂණයන් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර බස්‌ රියට පාතාල කල්ලිය වෙඩි වර්ෂාවක්‌ එල්ල කළ මොහොතේ ප්‍රහාරයට ලක්‌වූ බස්‌ රියේ සහ එම රියට ආරක්‌ෂාව සැපයූ බන්ධනාගාර බස්‌ රියේ සිටි නියාමකයන් ඒ මොහොතේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද පොලිස්‌ කණ්‌ඩායම් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන බවයි වාර්තා වන්නේ.

ඔවුන් සතු ජංගම දුරකථන සියල්ලම පරීක්‌ෂාවට ලක්‌ කරගෙන යන බව ද පොලිස්‌ ආරංචි මාර්ග පවසනවා.

මේ අතර මෙම බන්ධනාගාර බස්‌ රථ දෙකේම ගමන් ගත් බන්ධනාගාර නියාමකයන් ගෙන් දෙතුන් දෙනෙකුම පවසා ඇත්තේ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පාතාල සැකකරුවන් පොලිස්‌ ඇඳුමින් සැරසී සිටි නිසා ඔවුන් පොලිසිය යයි වරදවා තේරුම් ගත් බවයි.

samayan-murder

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘සමයං’ මැරූ දවසේ නිවාඩු ගිය කට්ටියක් !"

    Post a Comment