අංගොඩ ලොක්කාට ඇපමත නිදහස්ව ඇවිත් නිදහසේ ජීවත්වන්නට සමයං අවස්ථාව ලබාදී නැති අතර ලොක්කාට උදව්කරන අය සොයමින් හිරිහැර කර ඇති බව පැවසේ.
සමයං කඩුවෙල, අතුරුගිරිය හා අංගොඩ යන ප්‍රදේශයන්හි බලය තහවුරු කරගෙන කොළඹ හා අවිස්සාවේල්ල යන ප්‍රදේශ දක්වා ඔහුගේ පාතාල මෙහෙයුම් දියත් කිරීමට සැලැසුම්කර තිබී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.
අතුරුගිරිය ප්‍රදේශයේ පාතාලයේ ක්‍රියාකාරියා ලෙස සිටින්නේ බාල්දි ප්‍රියන්ත නැමැත්තෙකු බව පැවසේ.
කවුද අංගොඩ ලොක්කා ?
අංගොඩ ලොක්කා නැමැත්තාද තවමත් වයස අවුරුදු 32ක අයෙක් බව පැවසේ.
ඔහු පාතාලයට එක්ව ඇත්තේ පාතාලයෙන්ම එල්ලවූ තර්ජන නිසා බවද වාර්තා වේ.
බන්ධනාගාර නිලධාරියකු ලෙස ඉල්ලුම්පත්‍රයක් දමා එම සේවයට යාමට දිනගණනක් තිබියදී තමන්ට හා හිතවතුන්ට හිසරදයක් වූ අංගොඩ මෝචා අහවර කර බන්ධනාගාරගත
වීමෙන් පසුව ඔහු පාතාලයට ඇදවැටී ඇත.
අංගොඩ මෝචා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ කරාටේ ධම්මිකගෙන් පසුව බිහිවූ චන්ඩියෙකි.
වර්තමානයේ අංගොඩ ලොක්කා සමඟ සිටින රත්තරංගේ අයියාට ද මොචාගෙන් කරදර තිබූ බව පැවසේ.
අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල බලය විහිදුවන අංගොඩ ලොක්කා දකුණේ පාතාලයේ ප්‍රබල චරිතයක් වන මාකඳුරේ මධුෂ්ගේ කිට්ටුම මිතුරෙකු බවද කියවේ.
මධුෂ්ගේ විරුද්ධ කල්ලිය වන කොස්ගොඩ සුජීගේ කල්ලිය සමයංට ළංවීම නිසා මධුෂ් අංගොඩ ලොක්කාට සම්බන්ධ වූ බව පැවසේ.
මධුෂ්ට එල්ලව ඇති චෝදනා අතර බරපතලම චෝදනාව සේ සැලැකෙන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තෙටිය ඝාතනයේ මහ මොළකරු ලෙස කටයුතු කිරීමය.
මධූෂ් හා සුජී යන දෙදෙනාම මේවන විට විදෙස් රටවල්වල සිටින බවට පොලිසිය සැකකරනු ලබයි.

-srilankamirror

Share this
|
|
0 Comment to "අංගොඩ ලොක්කා සමයං මරන්නේ ඇයි ?"
Post a Comment