04 March, 2017

අගමැති මෝදි, ඡන්ද සටනට අද උපන් ගමට

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ අවසන් අදියර මාර්තු 8 වන දා පැවැත්වෙන අතර, ඊට පෙර අවසන් වටයේ ප්‍රචාරක කටයුතු සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ඡන්ද කොට්ඨාශය පිහිටි වරනාසි පුරවරයට අද පැමිණෙනවා.

ඊට පෙර භාරතීය ජනතා පක්ෂයේ නායකයන් රැසක් ඊයේ වර්නාසි නගරයට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙවර තියුණු තරඟයක් පවතින අතර, අලුතින් පිහිටුවා
ගන්නා ලද විපක්ෂ සන්ධානය භාරතීය ජනතා පක්ෂයට එල්ල කරන්නේ දැඩි අභියෝගයක්.

සන්ධානය ඇති වී තිබෙන්නේ අකිලේෂ් යාදව්ගේ නායකත්වයෙන් යුත් සමාජ්වාදී පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය අතරයි. 

narendra-modi

_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අගමැති මෝදි, ඡන්ද සටනට අද උපන් ගමට"

    Post a Comment