04 March, 2017

ජනප්‍රිය පොප් ගායිකා ශකීරාට නඩුවක්

carlos-vives-shakira-la-bicicleta

කොළොම්බියානු සුප්‍රකට පොප් ගායිකාවක් වන ශකීරා සහ ගායක කාලොස් විවේස්ට එරෙහිව ස්පාඤ්ඤ අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා.

කොළොම්බියානු ගායක ලිවාන් රෆායෙල් විසින් මෙම නඩුව පවරා ඇති අතර ඔහු චෝදනා කරන්නේ තම ගීත රචනාවක කොටස් ශකීරා හා විවේස් උපුටාගෙන ඇති බවටයි.

තමන් විසින් මීට වසර 10කට පෙර රචනා කරන Yo Te Quiero Tanto නම් ගීතයේ කොටසක් ශකීරා සහ කාලෝස් වීවුස් ඔවුන්ගේ La Bicicleta නම් ගීතය සදහා අනවසරයෙන් යොදාගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

විදෙස් වාර්තා ​සඳහන් කරන්නේ නිර්මාණ දෙකෙහි පද
මාලාවන් සහ සංගීතය පිළිබද නඩුවේ දී වැඩි අවධානයක් යොමුවනු ඇති බවටයි.

ශකීරා සහ කාලොස් විවේස්ගේ La Bicicleta ගීතය පහතින් නරඹන්න.



ලිවාන් රෆායෙල්ගේ  Yo Te Quiero Tanto  ගීතය පහතින්.



-හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජනප්‍රිය පොප් ගායිකා ශකීරාට නඩුවක්"

    Post a Comment