පොඩි කාලෙ ඉඳලා මේ වනකොට කඩදාසි කොතරම් ප්‍රමාණයක නම් ලියලා ඇතිද කියලා කල්පනා කරගෙන යද්දී ඒ සඳහා පරිසරයෙන් ඉවත් කෙරුණු ගස් ප්‍රමාණය මතක් වෙලා සිහිසුන් වෙන්න වුණත් පුළුවන්. දැන් නම් කෘත්රීමව හෝ ඉවතලන දේවල්වලින් කඩදාසි හැදුවත් ඒ කාලේ පොත්වල තිබිලා පිදුරුගස් හමුවෙන හැටි ඔබට අමතක නැතුව ඇති. හරිනම් ශාක සංහතියේ නාමයෙන් විභාග තහනම් කරන්න ඕනා.
මොකද ඒවාට කොළ ගොඩක් වැය වෙන නිසා. සටහන් තබා ගන්න අවශ්‍ය නිසා, පසු කාලීනව වුණත් බලන්න හැකි නිසා පොත්වල වැරැද්දක් කියන්නට බැහැ. එනමුත් සටහන් ලියන කුඩා පොත, තවත් විදියකට කිව්වොත් කටු වැඩ පොත, ගෙදර වැඩ ලියන පොත ආදී වශයෙන් අපිට අමතක වෙන ඒවා සටහන් කරගන්නට පොඩි පොතක් තිබුණා. මේක බොහොම ඉක්මණට ඉවර වෙනවා විතරක් නෙවෙයි, අලුත් එකක් ගන්න කියලා මතක් වෙන්න ලියා ගන්නත් අන්තිමට පොතක් නැති වෙනවා.
තාක්ෂණය කොතරම් දියුණු වෙලාද කියනවා නම් මේ වන විට මැකිය හැකි සටහන් පොතක් දැන් තිබෙනවා. ඒ කියන්නේ, පොත ඉවර වුණාම ඒක විසි කරන්නට ඕන නැහැ. ඒ වෙනුවට පොතේ ලියපුවා මකලා දාලා ආයෙත් මුල ඉඳලා ලියන්න පටන් ගන්න පුළුවන්.
රොකට් බුක් සමාගම විසින් එළි දක්වන මෙම එවර්ලාස්ට් නෝට් බුක් නමැති සටහන් පොත ගැන නිෂ්පාදකයන්ගේ වචනයෙන් ම කියනවා නම්, එය හුදෙක් සාම්ප්‍රදායික වයිට් බෝඩ් එකක් නෙවෙයි. කෙරෙන දේ එක ම වුණත් මින් ලැබෙන අත්දැකීම සාමාන්‍ය පොතක ලියනවා වගේ ම රළු පෘෂ්ඨයක වියළි තීන්තෙන් ලිවීම තමයි. එකම වෙනස, සාමාන්‍ය පෑනකික් සහ පොතක ලියනවා මෙන් නොව ලියන දේ මකා දැමීමට ද හැකි වීමයි. මෙහි පිටු කෘත්‍රීම පොලියස්ටර්වලින් ඉතා සුමට මතුපිටක් ඇති පරිදි සකසා තිබෙනවා.
අකුරු ලිවීමේ මෙන් ම චිත්‍ර හෝ කටු සටහන් ඇඳීම ද පහසු කරවමින් එහි තනි රූල් වෙනුවට තිත් මඟින් එකට සම්බන්ධ නොවුණු කොටු දැලක් ආකාරයට සකසා තිබෙන නිසා නිර්මාණකරණයේදී සහ සැලසුම් ශිල්පයේදී පරිමාණ ගැනීමට එය වඩාත් පහසුවක් වෙනවා. එවර්ලාස්ට් සටහන් පොත් සමඟ පයිලට් ෆ්රික්ෂන් නම් තීන්ත මැකීම සඳහා නම් දරා ඇති වෙනත් සමාගමක පෑනක් ද ලැබෙනවා. එම පෑන්වල උෂ්ණත්ව සංවේදී තීන්ත ඇති අතර සාමාන්‍ය කඩදාසියක වුව ද ලියා මකනයකින් තදින් මැකීමෙන් එය ඉවත් කර ගන්නට පුළුවන්.
ඒත් එය තාවකාලිකයි. උෂ්ණත්වයේ ප්‍රබල වෙනස්කම් සමඟ එසේ මකා දමන ලද දේවල් නැවත මතු විය හැකි අතර ඔබ කොළවල අත තදින් ලියන කෙනෙක් නම් තීන්ත ගැඹුරට කා වදින නිසා මකනයෙන් මැකීමේදී ඝර්ෂණය නිසා හට ගන්නා තාපය ගැඹුරට ළඟා වන ප්‍රමාණය අඩු නිසා මැකී යන්නේත් නැහැ. හැබැයි ජාඩියට මූඩිය වගේ පෑනට එවර්ලාස්ට් කොළේ ලැබුණම
අඩුපාඩුත් මැකිලා ගිහින් අකුරුත් මකන්නට හැකි ආකාරයේ පොරොන්දම් ගැලපීමක් සිද්ධ වෙනවා.
පයිලට් ෆ්රික්ෂන් කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න ජෙල් පෑනක් වගේ ම තීන්ත සහිත පෑනක්. ඒ කිව්වේ, බොල්පොයින්ට්වලින් ලීවාම ක්ෂණිකව වියළී ගියත් සුමට පොත්වල ජෙල් පෑනකින් ලිව්වාම බොඳවී යාම්, වේලීමට කල් ගත වීම නිසා භාවිත අපහසුතා ආදිය ඇති වෙන්න පුළුවන්නේ. නමුත් මේ කඩදාසිය මතදී එවන් සංසිද්ධියක් සිදුවන්නේ නැහැ. ලියා මොහොතකින් එය ඇඟිල්ලෙන් පිසදැම්මත් තීන්ත කොළය පුරා ගෑවෙන්නේ නැහැ. මෙය මකන්නට නම් තෙත මාත්තු කරන ලද රෙදි කඩකින් පිස දැමිය යුතු වෙනවා.
අපි හැමදාම ස්මාර්ට් දේවල් ගැන කතා කරනවානෙ. ඉතින් ඔබ බලනවා ඇති කෝ මේක මේ නිකංම නෝට් පොතක් ද කියලා. ඔන්න ස්මාර්ට් සමර්ථකම් ගැන කියන්න දැන් තමයි වෙලාව. එවර්ලාස්ට් සටහන් පොත සාමාන්‍ය පොතක්. පෑනත් එහෙම යි. නමුත් මේ සමඟ අපූරු ඇප් එකක් ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා ඔවුන් ලබා දී තිබෙනවා. එයට ඔබ සටහන් පොතට යොමු කළාම ඒවා ස්කෑන් කරලා ඡායාරූප ආකාරයට ගබඩා කරගන්නට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් අපි කොළයක ඡායාරූපයක් ගන්න ගියාම එක්කෝ අත ඇද වෙනවා, ආලෝක තත්ත්වවල ප්‍රශ්න, පොතත් එක්ක අවට මේසයේ තිබෙන දේවල් එක්ක බාධා රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒත් මේ පොතේ කොළය වටේට කළු පැහැති දාරයක් යොදා තිබෙනවා.
එමඟින් ඇප් එකට පිටුවේ හතර මායිම හොඳින් හඳුනා ගැනීමට හැකි වන නිසා එකවරම ගොඩැල්ලේ තරම දැනගෙන වළ කපන්නට, අනවශ්‍ය බාහිර පසුබිම රහිතව පැහැදිලි ඡායාරූපයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. එසේ ම ඔබ පොතේ පිටු කුමන පිළිවෙළට ඡායාරූපගත කළත් ඒවා පොතේ පිටුවල පිළිවෙළට ම සකසා ගන්නටත් ඇප් එකට පුළුවන්. ඒ හැකියාව ඊට ලබාදී තිබෙන්නේ පොතේ සෑම පිටුවකම කොනක තිබෙන QR කේතය හරහා යි. එහි පිටු අංකය ඇතුළත් කර තිබෙනවා.
ඔබ ලබා ගත් ඡායාරූප ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප් බොක්ස් ආදී අන්තර්ජාල ගොනු ගබඩා කිරීමේ සේවාවන් හතකට යොමු කරන්නටත් පුළුවන්. ඒ සඳහා ඔබට කරන්නට තිබෙන්නේ පොතේ පිටුවල යටින් තිබෙන එම අයිකන හතෙන් ඔබට අවශ්‍ය ඒවා මත කතිරයක් යොදා තෝරා දීමයි. ඉතින් ඔබ සටහන් ගන්නා අතරතුරේම ඒවා ගබඩා විය යුතු ස්ථානයත් ලබා දෙන අතර පසුව ගෙදර ඇවිත් ස්කෑන් කළ වහා ඔබ එසේ සලකුණු කළ ඒවාට අදාලව යොමු කරන්නට ඇප් එක සමර්ථකම් දක්වනවා.
මේ වසරේ මැයි මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම අපූරු නිෂ්පාදනය තැපැල් ගාස්තු රහිතව රුපියල් පන්දහසකට මිල කර තිබෙන අතර එම පැකේජයට පෑනක් ද අඩංගු කර තිබෙනවා.
ඉතින්, ජලයට සහ උග්‍ර පාරිසරික තත්ත්වවලටත් ඔරොත්තු දෙන, ජීවිත කාලයේ ම ලියන්න පුළුවන් මේ පොතේ ‘අ’යන්න පුරුදු වෙන්න වගේ ම පස්සෙ කාලෙක අවසන් කැමති පත්‍රයත් ලියලා එ්කෙන් ම තමන්ගේ දරුවෙක්ට පොත පවරන්නත් ඔබට පුළුවන්.

_දිනමිණ
Share this
|
|
0 Comment to "ලිය ලියා මකන්න එවර්ලාස්ට් නෝට් බුක්"
Post a Comment