මේ දිනවල කතාබහට ලක්වන ගීතයක් ලෙස "ඩොප්පි නකින්" ගීතය හැඳින්විය හැක. මේ ගීතය කොතරම් ජනප්‍රියද කියතොත්, YouTube Trending තුළද දක්නට ලැබේ. "ෆන්කි ඩර්ට්" යනු සංගීත ක්ෂේත්රය තුළ වෙනස්ම වූ කඩඉම් කිහිපයක් පසුකළ සංගීත කණ්ඩායමකි. මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් තුන් දෙනෙකු පමණක් සිටින අතර, ඒ ශෙනාල් මද්දුමගේ, මුර්ෂාඩ් හුවයිස් සහ රිඩ්වාන් ඔවුස්මන් යන තිදෙනාය. පාසල් කාලයේ සිටම මිතුරන් වූ මොවුන් තිදෙනාගේ නවතම කටයුත්ත පිළිබඳව කතාබහ කිරීමට මොවුන් "තරුණයා" සමග මෙලෙස එක්විය.
ශෙනාල්, මොකක්ද මේ වෙනස?
අවුරුදු දෙකකින් ගීතයක් කළේ නැහැ. පොඩ්ඩක් ප්ලෑන් කරලා මේ යන Trend එකෙන් පිට දෙයක් කරන්න හිතුවා. සිංදුවෙ චවන, මෙලඩි එක වෙනස්ම විදියට කරන්න තමයි හිතුවෙ. සිංදුවෙ නම %ඩොප්පි නකින්.^ බොහෝ අය අහනවා ඒකේ තේරුම මොකක්ද කියලා. ඒක මෙලඩි එකත් එක්ක රයිම් වෙන්න හැදුවේ. %පිනකින් ඩොප් පිනකින් ඩො^ කියලා කියද්දි ඒක මේලඩි එකත් එක්ක රයිම් වෙනවා. එහෙම තමයි සිංදුව හැදුණෙ. ඒක පොඩි වෙනසක්.
මෙවැනි වචනත් එක්ක ගීතයක් නිර්මාණය කරන්න හිතුවෙ තරුණ පරපුර ඉලක්ක කරගෙනද?
ඔව්, බොහෝ අය ඒ පැත්තට සිංදු කරන්නෙ නැහැ. අඬන රැල්ලට තමයි ගොඩක් සිංදු කරන්නේ. ඒ කාලෙ ඉඳන්ම අපි කරගෙන ආවේ Youth එකත් එක්ක සෙට්වෙන ‘"අද අපෙ තාත්තා", "බස් එකේ", "ඒක තමයි මේක" වගේ ගීත. මේ ගීතයෙන් කියැවෙන්නේ අපි කෙල්ලෙක්ව බලන්න ගිහිං ඒ ගෙදර අය ඉන්න විදිය එක්ක හැදිච්ච කතාවක්. සාමාන්‍ය කට්ටියට සෙට්වෙන වචන සෙට් එකක් එක්ක තමයි මේ සිංදු හදලා තියෙන්නේ.
මෙවැනි වචන එක්ක ගීත නිර්මාණය වන නිසාද ගීතයක් එළිදක්වන්න කාලයක් යන්නේ?
නෑ, එහෙමමත් නෙමෙයි, එයට හේතුව මූල්‍යමය පැත්ත. මොකද වීඩියෝ එකක් කරන්න ලොකු බජට් එකක් යනවා. සාමාන්‍ය වීඩියෝවල වගේ නෙවෙයි. අපේ වීඩියෝවල ඩාන්සින් කණ්ඩායමක් ඉන්නවා. ඒ සඳහා 70ක පමණ පිරික් ඉන්නවා වීඩියෝ එකකට දායක වෙන්න. ඉතිං ඒ සඳහා ලොකු වියදමක් යනවා.
"Funky Dirt" කියන්නේ වෙනස් නමක් තියෙන කණ්ඩායමක්. ජයනප්රියත්වක් ලබාගන්න හේතුවෙලා තියෙන්නේ ඔබලා යොදා ගන්න වචනද?
සාමාන්‍ය‘යෙන් අනිත් අයට වඩා වෙනසක් කරන්න අපි හැමවෙලේම උත්සාහ කරනවා. අපි බලන්නේ ගොඩක්ම Youth එකත් එක්ක සෙට් වෙන ගීත කරන්න. සාමාන්‍ය ජීවිතයේදී වෙන දේවල් ගැන තමයි අපි ගොඩක්ම කියලා තියෙන්නේ. ඒක හින්දා වෙන්න ඇති සිංදු බොහෝ අය අතර ජනප්‍රිය වෙන්නේ.
අලුත් සිංදුව
ගැන ටිකක් කතා කරමු?
අවුරුද්දු දෙකකින් විතර පස්සෙ තමයි සිංදුවක් කළේ. ගොඩක් අය බලන් හිටියා අලුත් සිංදුවක් එනකන්. දැනට දවස් පහක් විතර වෙනවා සිංදුව රිලීස් කරලා. යූටියුබ් එකේ ලක්ෂ පහක් විතර විව්ස් තියෙනවා. Trending Oneවලත් තිබුණා. සිංදුව හිතුවට වඩා ගොඩක් හොඳට යනවා.
රසිකයන්ගෙන් චෝදනා එන්නේ නැද්ද සිංදුවක් කරන්නේ නැහැ කියලා?
චෝදනා නම් එනවා. නමුත් අවුරුදු දෙකක් යනකම් සිංදුවක් කරන්න වුණේ නැහැ. මොකද අපේ අනිත් මුර්ෂාඩ් සහ රිඩ්වාන් රැකියා කරනවා. මම විතරයි ෆුල්ටයිම් මියුසික් කරන්නේ.
තවත් අලුත් නිර්මාණයක් දකින්න කාලයක් යයිද?
නැහැ. දැනට ගීත කිහිපයක් කරලා තියෙන්නේ. මැයි මාසයේ හෝ ජූනි මාසයේදී රිලීස් වෙනවා. ඒක වෙනස්ම විදියෙ දෙයක්. ඩාන්ස්ම නෙවෙයි, යන trend එකෙන් පිටදෙයක්.
ලංකාවෙ බිහිවෙන trend එකට කැමති නැති පිරිසක්ද?
එහෙම එකක් නැහැ. Trend එක කියන්නේ සාමාන්‍ය දෙයක්. එක trend එකක් හැදුණාම ඒක පස්සෙන් යන කට්ටියක් ඉන්නවා. අපි එහෙම නෑ. අපි බලන්නේ trend එකෙන් පිට අපේ දෙයක් කරන්න.
එහෙම දෙයක් කරලා සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතනවාද?
අනිවාර්යෙන්ම. අපි මෙතෙක්කල් කරපුවා හිතුවටත් වඩා සාර්ථක වුණා. Trend එකෙන් පිට දෙයක් කළොත්, සාර්ථක වෙන්න පුළුවන්.
Live Show එක ගැන හැඳින්වීමක් කළොත්?
එහිදී අපි Band එකත් එක්ක හැමදේම Live කරන්නෙ. කොහොමද කරන්නෙ කියන දේ ගැන තවම හරි තීරණයක් නැහැ. අගෝස්තුවලදි වගේ කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
තුන් දෙනෙකුගේ එකමුතුවෙන් තමයි මේ දේවල් සිදුවෙන්නේ. ඒ තුන්දෙනාගේ ගැළපීම ගැන කතා කළොත්?
අපි තුන්දෙනාම ඉසිපතන විද්‍යාලයේ. 2007 ඉඳන් එක පන්තියේ යාළුවෝ. ඒ යහළුකම නිසා වැඩකටයුතු කරන්න ගොඩක් පහසු වුණා. අපේ අදහස් හොඳට ගැළපෙනවා. ඒ වගේම අපේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඉදිරියේදී තවත් වෙනස් දේවල් බලන්න අපිත් සමඟ රැඳී සිටින්න කියලා.
සංගීත කණ්ඩායමක් වශයෙන් ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?
මේ අවුරුද්දේ Live Show එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇල්බම් එකක් කරන්නත් බලපොරොත්තුවක් තියෙනවා.

-saaravita
Share this
|
|
0 Comment to "'ඩොප්පි නකින්' ගෙනෙන 'ෆන්කි ඩර්ට්' සංගීත කණ්ඩායම"
Post a Comment