23 March, 2017

සමලිංගිකයන් පනස්දාහකගෙන් රජය සමාව ඉල්ලයි

gay hands homosexual

19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින්, 50,000 ක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභා කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ යෝජනාව මගින් චූදිතයන්ට වරදකරුවන් කිරීම වෙනුවෙන් වගේම සිරගතව සිටි කාලය සඳහා වන්දි ලබාදීමට
අපේක්‍ෂා කෙරෙනවා.

ජර්මනියේ අධිකරණ අමාත්‍ය හෙයිකෝ මාස්, මේ සිදුවුණු අසාධාරණය සහ වේදනා විඳීම ආපසු හරවන්න බැරි වුණත් ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය මගින් සිදුවූ වැරදි නිවැරදි කර ගන්න අපිට පුළුවන්. “මෙය කරන්න තිබ්බේ කාලෙකට කළින්. එත් දැන්වත් අපි එය කරන්න ඕන” යනුවෙන් පැවසුවා.

මේ පනත සම්මත වුණොත් චෝදනාවට වරදකරුවන් වූ සෑම පුද්ගලයෙකුටම යූරෝ 3,000 ක මුදලක් ලැබෙන අතර එයට අමතරව සිරගතව සිටි කාලය වෙනුවෙන් යුරෝ 1,500 ක වන්දියක් හිමි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සමලිංගිකයන් පනස්දාහකගෙන් රජය සමාව ඉල්ලයි"

    Post a Comment