23 March, 2017

"පුතාට ලැජ්ජාවෙන දෙයක් මං කරලා නෑ" – බැඳිල්ල ගැන දැන්ම කියන්න බෑ – පියුමි

Piyumi Hansamali-Son

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. පසුගිය දවස් වල පියුමි කිරිබත්ගොඩ හෝටලයක කලබැගෑනියක් කර ගෙන තවත් පුවතක් මැවුවා.

මේ පියුමි හංසමාලි සමග කළ සංවාදයක්.

වලිදාගන්න කිරිබත්ගොඩ හෝටලයක්ම තෝරගත්තේ මොකද?

එතන මම හිටියට ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ.

ලංකාවේ කොල්ලෝ ඔයාට ලස්සන මදිද?

අපෝ නෑ. ලංකාවේ ලස්සන කොල්ලෝ ඕන තරම් ඉන්නවා.

එහෙනම් අර සවුදියෙන් පිටුවහල් කරපු තරුණයාට කතා කලා කියන්නේ මොකද?

ඒක මං ජෝක් එකට කරපු වැඩක්. ඕවා මහ ලොකුවට හිතන්න ඕන දේවල් නෙවෙයි.

පුතෙක් ඉන්න අම්ම කෙනෙක් උනාම මීට වඩා ටිකක් තැන්පත් වෙන්න ඕන නේද?

මං හොදට තමයි ඉන්නේ. මගේ පුතා මගේ ජීවිතේ. එයාට ලැජ්ජ වෙන කිසිම දෙයක් මං කරලත් නෑ. කරන්නෙත් නෑ

ආයේ බඳින්නලූ නේද යන්නේ?

පිස්සුද අනේ. ඒක බොරු කතාවක්. බිස්නස් වැඩ නිසා මං ටිකක් බිසී. බැඳිල්ල ගැන දැන්ම කියන්න
බෑ.

බැන්දනම් නේද හොද?

මට ඒ ගැන මොකුත් තාම හිතිලා නෑ. ඉස්සරහට මොනවා වේද කියලා නම් දන්නේ නෑ.

පුතාගේ අනාගතේ ගැන මොනවද හිතලා තියෙන්නේ?

පුතා බලාගන්නේ මගේ අම්මා. ඒයා හොදට ඉගෙනගන්නවා. අම්මගෙත් මගෙත් හවුහරනය පුතාට තියනවා. එයා කිසිම අඩුවක් නැතුව ජීවත්වෙන වාසනාවන්ත දරුවෙක්.

වෙනුර ඔයාගේ පෙම්වතාද නැත්තම් හොදම යාඵවද?

හොදම යාඵවා. එයා මගේ ජීවිතේට මාව තේරුම් අරගෙන ලං වුන හුගක්ම හොද කොල්ලෙක්.

හැමෝම කතාබහට ලක්වෙන ඔයාගේ ෆොටෝ එකක් පහුගිය කාලේ ලීක් වුනා නේද?

ඒ වගේ පින්තූර ලීක් වුනේ මගේ විතරද. ඔය ඕන තරම් ජනප‍්‍රිය කට්ටියගේ විඩියෝ පවා එලියට ආවේ. ඇයි දන්නේ නෑ හැම එකටම මාවම අල්ල ගන්නේ.

ඔයාගේ අතීතය ගැන දුකයිද?

කොහත්ම නෑ. ගිය දේවල් ගැන හිතලා අඩන්න මම ළමයෙක් නෙවෙයි. මගේ හොදට හැමදේම සිද්ධ වෙනවා කියලා මං තේරුම් අරං ඉන්නේ. ඇත්තටම මම වාසනාවන්තයි.

ගොසිප් වලට ඔයාවම ඉලක්ක වෙන්නේ මොකද හුගක් වෙලාවට?

මගේ ජනප‍්‍රියකම තමයි ඒකට මුල කියලා මම හිතන්නේ. ඵල ඇති රුකට නේ කොහොමටත් ගල් මුල් වදින්නේ. මං ඕව ගනන් ගන්නෙත් නෑ. මං වැටෙන්නෙත් නෑ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to ""පුතාට ලැජ්ජාවෙන දෙයක් මං කරලා නෑ" – බැඳිල්ල ගැන දැන්ම කියන්න බෑ – පියුමි"

    Post a Comment