23 March, 2017

මිහින්තලේ සිසුන් පාසල ඇතුළෙම අරක්කු සාදයක් දාලා

school-student-fight

මිහින්තලේ ප්‍රධාන පාසලකට අයත් සිසුන් පිරිසක් ඊයේ (22දා) පෙරවරුවේ මත්පැන් පානය කොට මත් වී අසාමාන්‍ය ලෙස පාසලේදී හැසිරීම නිසා විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් එම සිසුන් මිහින්තලේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී.

මේ සිසුන් එම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන බවත් රෝහලේ ගත කළ සිසුන් සංඛ්‍යාව 8 දෙනකු බවත් වාර්තා වේ. පාසලේ එක් සිසුවකුගේ උපන් දිනය සමරමින් ඊයේ 22දා පෙරවරුවේ
පාසල් භූමියේදී සිසුන් පිරිසක් මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මත්පැන් පානය කර පාසලේ අසාමාන්‍ය ලෙස හැසිරුණු මේ සිසුන් පිළිබඳව විදුහල්පතිවරයා විසින් මිහින්තලේ පොලිසියද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

පාසල් නිල ඇඳුමින් සැරසී මේ සිසුන් මත්පැන් සාදයට සහභාගි වීමද විශේෂත්වයකි. මීට පෙරද මිහින්තලේ පාසල් සිසුන් නගරයේ රහසිගත ස්ථානවලට රොක් වී ගංජා වැනි මත්ද්‍රව්‍ය පානය කළ බවට තොරතුරු මාධ්‍යය මඟින් හෙළි කරන ලදී. එහෙත් ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු නොවූ බවද නගරවාසීහු පවසති.

-මිහින්තලේ - ර.මු.සු. රත්නායක, නාච්චාදුව - කිත්සිරි වනසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මිහින්තලේ සිසුන් පාසල ඇතුළෙම අරක්කු සාදයක් දාලා "

    Post a Comment