නිලූෂිකා ජයවීර නම් ඇය සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසුව අනාථ නිවාසයක හැදී වැඩි තිබෙනවා. නිලූෂිකා ජයවීර සිංගප්පූරුවට යන්නේ ගෘහ සේවිකාවක් ලෙසිනි. නමුත් ඇය මේවනවිට සිංගප්පූරුව තුළ සාර්ථක ව්‍යාපාරිකාවක බවට පත්ව ඇත. මේ වනවිට ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී අභිප්‍රේරක දේශන පවත්වන්නියක්ද වනවා.
36 හැවිරිදි නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ දළු පෙට්ටිවලට ඇසුරුම් කර ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම විශේෂත්වයකි.
සිංගප්පූරුවේ පසුගියදා පැවැති ටී.ඊ.ඩී (TED) නම් අභිප්‍රේරක වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් යුතුව වාර්තා කර තිබෙනවා. මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාවට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකානු උප ජනපතිවරයෙකු වන අල් ගෝ හා
පර්යේෂකයෙකු වන ජේන් ගුඩාල් යන අය සහභාගිවී සිටියා.
තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනෙකු ජීවත් කරවීමටගෘහ සේවිකාවක් වූ ඇය සිංගප්පූරුවේ ගත කළ කාලයේදී අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගෙන ඇත. ඉන් අනතුරුව තවදුරටත් සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කර තිබේ.
නිලූෂිකා සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
ඇය ඉන් නැවතුනේ නැත. ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාද කටයුතු ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට ඉගැන්වීමට කටයුතු කරයි. එසේම දුප්පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කරයි.

Share this
|
|
0 Comment to "බිල් ගේට්ස් සමග සම සමව දේශන පවත්වන අපේ නිලූෂිකා"
Post a Comment