මෙම මාධ්‍යජාලය පුවත් පත් හයකින්, රූපවාහිනී නාලිකා තුනකින් සහ ගුවන්විදුලි නාලිකා තුනකින් සමන්විත බවයි සඳහන් වෙන්නේ.
මේ වෙනකොට ඒ සඳහා භාෂා තුනෙන්ම සේවකයින් බඳවාගැනීම දැන් සිදුවන බවද පැවසෙනවා.
සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර පසුගිය දින කිහිපයේම එහි සම්මුඛ පරීක්ෂණද අරඹා තිබුණ අතර මේ දක්වා ලංකාවේ කිසිදු මාධ්‍ය ආයතනයක සිදු නොකළ තරමේ ගෙවීම් වේතන ලෙස නම් කර මෙම මාධ්‍ය ජාලය අරඹන්නේ මහ බැංකු බැඳුම් කර චෝදනාවට ලක්වූ
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා බව පැවසෙන අර්ජුන් ඇලෝසියස්ය.
මේ වන විට ප්‍රසිද්ධ පුවත්පතින් මාධ්‍යවේදීන් ඇතුලුව හතලිහකට ආසන්න පිරිසක් ඉවත්වී නව පුවත්පත් සඳහා එක්වී ඇති අතර තවත් විස්සකට ආසන්න පිරිසක් ජනවාරි පළමු වනදා එක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම එම මාධ්‍ය ජාලයේ සිංහල පුවත්පත පළමුවත් ඉංග්‍රීසි පුවත්පත දෙවනුවත් දමිළ පුවත්පත තෙවනුවත් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

Share this
|
|
0 Comment to "අර්ජුන්ගේ බෑණාගේ මාධ්‍යජාලය මාධ්‍ය දඩයමක !"
Post a Comment