31 December, 2016

මංගල නැකතින් නිවසට කැන්දාගෙන විත් සීතාවක ගං පතුලේ සැඟවුණු සඳමාලිගේ ඝාතනය

tyger-river-at-bottom-hidden-murder

දැන් කරන්න දෙයක් නෑ පුතේ..
උඹ මේ ගැන කාටවත් කියන්න එපා...
මාමා අතින් සඳමාලි විනාශ වෙලා...

තිරිසන් සතුන්ගෙන් මිනිසා වෙනස්වන්නේ තිරිසනුනට වඩා උසස් ලෙස සිතන්නට හැකියාව ඇති නිසාය.

ඒ සිතිවිල්ල තුළ දුක, වේදනාව, ළෙන්ගතුකම, සංවේදිකම වැනි උසස් මිනිස්කම් ගැබ්වී ඇත්තේ ඒ “මිනිස්” යන ගෞරවාර්ථයට පින්සිදු වන්නටය.

එහෙත් මිනිස්කමට නිඟාකළ තිරිසනුන් වැනි මිනිසුන්ද ලොවට වරින් වර උත්පාදවී ඇත්තේ එවන් අකුසලකම් කිරීමේ උරුමය පෙරදැරි කරගෙනය. කෙනකු මෙලොවට බිහිවන්නේ මියයන්නටය. එහෙත් එය කෙලෙස සිදුවන්නේද යන්න කාටවත් කිව නොහැක.

මංගල නැකතින් නිවෙසට කැන්දාගෙන ආ ළාබාල යුවතියක් සීතාවක ගං පතුලේ වැළලී ගියේ සංසාරයේ රැගෙන ආ බියකරු මරණයකට උරුමකම් කියමිනි.

මෙවන් රුදුරු මරණයකට උරුමකම් කියන්නට තරම් ඇය සංසාරයේ කළ පව කුමක්ද....?

හුදකලාවම නිහඬ මරණයකට උරුමකම් කියූ ඇය සීතල ගඟ දිය පතුලේ නිසල වූයේ කාටත් හොර රහසේය.

අචලා උපන්නේ ඇඹිලිපිටියේ දුෂ්කර ගම් පියසකය. ඇගේ මව විදේශගතව වෙනත් විවාහයක් කරගෙන සිටි නිසා අචලා ගෙවුයේ දුක්බර දිවිපෙවතකි.

අචලා සඳමාලි නමැති මේ විසිවැනි වියෙහි පසුවූ කාත් කවුරුවත් නොමැති තරුණියගේ ඉරණම විසදෙන්නේ අන්ත දුගී දුප්පත්කම ඔස්සේය.

ගයාන් ජීවත් වූයේ දෙහිඕවිට ප්‍රදේශයේය. ඔහු දෙහිඕවිට, පිටදෙනිය, ඉරට්ටවත්ත ජනපදයේ අංක හය ලිපිනයේ පදිංචිව සිටියේ පියා වූ ගාමිණී සමඟය.

පිය පුතු දෙදෙනාම කළේ ගඟේ වැලිගොඩ දැමීමය. ඒ වනවිට විසිහය හැවිරිදි වියේ පසුවූ තරුණයකු වූ ගයාන් වැලිගොඩ දැමීමෙන් පියාට සහාය වූයේ එය තම ජීවන වෘත්තිය වී තිබුණු නිසාය.

පියා වූ ගාමිණී පනස් වැනි වියෙහි පසුවූවෙකි. වැලිගොඩ දැමීම නොතිබුණ දිනවල ගයාන් ඇඹිලිපිටියට ගියේ සිය ඥාතියකු සමඟ අඹ කැඩීමටය.

අඹ කැඩීමට ඇඹිලිපිටි ගිය ගයාන් සිය මාමාගේ නිවසෙහි නතර වන්නේ දෛවයේ හමුවීමකට ඉඩ සලසන අතරය. ඒ නිවෙස අසළ පදිංචිව සිටි අචලා කෙරෙහි ගයාන්ගේ සිත ඇදී යන්නේ ඉරණම පරිදිය.

අචලා දැකගත් ගයාන් ඇය සමඟ විවාහ විය යුතු බව නිවෙසට පැමිණි පියාට කීවේය.

ඒ අනුව ගයාන්ගේ පවුලේ අයම ගොස් අචලා කැන්දාගෙන ආවේ ඇගේ දිළිඳුකම දෑසින්ම දැකගන්නා අතරතුරය.

ඇඳිවත පිටින්ම කැන්දාගෙන දෙහිඕවිට තම නිවෙසට ගෙන ආ මනාලිය සමඟ ජයටම මගුලක් ගන්නට ගයාන්ගේ පියා ගාමිණී කටයුතු කළේය.

වැලිගොඩ දමා ඉපැයූ මුදලින්ම මඟුල කෑ ගාමිණී සිය පුතු සමඟ එක්ව ආයෙමත් වැලිතොටුපළක් බදුගෙන වැලිගොඩ දැමීම සිදුකරගෙන ගියේය.

කාලය ගෙවී ගියේය. අචලා තම මනාලිය කර ගත්තද යුග දිවියේ බොහොමයක් හිස්බවක් ඇයට වැටහුණාය.

විවාහ වූ දිනයේත් ගයාන් නිදාගත්තේ තනිවමය. මනාලිය වූ අචලා ඔහේ පැත්තකට වී රාත්‍රිය ගෙවාදැම්මාය. අචලා බොහෝවිට නිදාගත්තේ ගයාන්ගේ මිතුරාගේ පෙම්වතිය ළඟය.

වැඩිපුර කාන්තාවන්ට ඇලුම් නොකළ ගයාන් තම බිරිය කැන්දාගෙන ආවත් ඇය සමඟ සමීප ඇසුරක් පවා නොතිබිණි.

අචලා සඳමාලි සියල්ල ඉවසා දරාගෙන සිටියේ කළ හැකි කිසිවක් නොවූ නිසාමය.

කාලය ටිකෙන් ටික ගෙවී ගියද ඇගේ ජීවිතයේ අලුත් වෙනසක් සිදුවූයේ නැති තරම්ය. සිදුවූ එකම දෙය නම් ඇඹිලිපිටියේ සිට දෙහිඕවිටට ආගමනය සිදුවීම පමණකි. මේ අතරේ ඇගේ ජීවිතයට තවත් කරදර ගලාගෙන ආවේය.

විවාහ දෙදරා යන තැනට කටයුතු සිදුවෙමින් තිබිණි. අචලා සඳමාලි ඇඹිලිපිටිය ගමේ ජීවත්වෙද්දී ඇගේ මාමා කෙනකු අතින් අතවරයට පත්වී තිබීමක් පිළිබඳ හෙළිදරව්වීම ඊට හේතුව විය.

එය ඥාතියකු විසින් ගයාන්ගේ කනේ තැබුවේය. නෝංජල් ගති පෑවද මේ නිසා ගයාන්ගේ හිතට ආවේ බලවත් කේන්තියක්ය.

ඒ පිළිබඳ දෙදෙනා අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවූහ.

ගැටුම් ඇතිවීමෙන් පසු ගයාන් සිය බිරියට නොසලකා හැරියේය. අඩු තරමේ අඳින්නට ඇඳුමක් ගෙනැවිත් දෙන්නට පවා ඔහුට වුවමනාවක් තිබී නැත.

ගැහැනියක විසින් නොවිඳිය යුතු දුක් වේදනාවන් අත් විඳිමින් රහසේ කඳුළු හෙළමින් ඇය ගතකළේ අපා දුකකි.

තම සැමියා වූ ගයාන්ගෙන් පමණක් නොව ඔහුගේ පියා වූ මාමණ්ඩියගෙන් පවා ඇයට ලැබුණේ රැවුම් ගෙරවුම්ය.

ඇගේ ජීවිතයේ උරුම කරුම තවමත් ඇය පසුපසම ලුහුබැඳ එමින් තිබිණි. කාත් කවුරුවත් නොමැති යැයි සිතූ නිසාම ඇයට ඔවුන්ගෙන් එල්ල වූ ගුටිබැටවල අඩුවක් නොවීය.

මේ අතරේ ගයාන්ගේ පියා වූ ගාමිණීගෙන් කිහිපවරක්ම ඇයට අඩන්තේට්ටම් සිදුවිය.

පුතුගේ බිරියට විවිධ අදහස් දක්වමින් ඔහු ඇය වරදට පොළඹවාගන්නට වෑයම් කළද ඒ සියල්ල වැරදී ගියේ සඳමාලි ඊට එරෙහිවීමත් සමඟය. ඇගේ විරෝධය නිසා ගාමිණී තුළ හටගත්තේ තදබල කෝපයකි.

දිනක් මෙවැනි මොහොතක ඇතිවූ ගැටලුවක් නිසා ගාමිණී එල්ල කළ තදබල පහරකින් සඳමාලි සිහිසුන් නැතිව ඇද වැටුණාය.

වියරුවෙන් හැසිරුණු ගාමිණී සිය පුතුගේ බිරියගේ ගෙල මිරිකා දැම්මේ තිරිසනකුටත් වඩා අන්ත ලෙසය.

ඇය කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත්තේ අබිරහසක් ලෝකයට ඉතිරි කරතබාය. මේ සියල්ල සිදුවන්නේ 2009 අප්‍රේල් 12 වැනිදාය.

පසු දිනට උදාවන්නට තිබුණේ සිංහල අලුත් අවුරුද්දේ අසිරිමත් පී‍්‍රතිමත් උත්සව සමයේ ඇරඹුමය. මෙලෙස සිංහල අලුත් අවුරුද්ද උදාවන්නට පැය ගණනක් තිබියදී අචලා සඳමාලි නම් අහිංසකාවිය නරුම ගති ඇති නරුමයකු විසින් මරාදමන ලද්දේ කිසිදු වගක් විභාගයක් නොමැතිවය.

ඒ වනවිටත් ඇගේ යුග දිවියට ගතව තිබුණේ මාස තුනක කාලයක් පමණි.

ගයාන්ගේ හැටි දන්නා ගාමිණී තම පුතුවද අස්වසාලීමට කටයුතු කළේය. නෝංජල් ගති පෑ මෝඩ තරුණයකු වූ ගයාන් නිවෙසට පැමිණෙන විටත් තම බිරියගේ පණනල සිදීගොස් අවසන්ය.

“දැන් කරන්න දෙයක් නැහැ පුතේ. උඹ මේ ගැන කාටවත් කියන්න එපා. වෙච්ච දේ වුණා. දැන් ඉතින් ගොඩ එන්න විදිහක් කල්පනා කරමු.”
ගාමිණී තම පුතුගේ සිතට අලුත් අදහස් එක් කළේය.

ලෝකයට හොර රහසේ එක්තරා තැනක මෙලෙස මිලේච්ඡ අපරාධයක් වහන්වෙමින් පවතිද්දී අවට ලෝකයේ කිසිවකු මේ බවක් දැන නොසිටීම ඔවුන්ගේම වාසියට හේතුවක් වන්නට ඇත.

සඳමාලි කාත් කවුරුවත් නැති අසරණියකැයි සිතූ ඔවුහු ඇය ගැන සොයන්නට කිසිවකු නොවනු ඇතැයි සිතූහ.

ඇගේ මව වෙනත් විවාහයක් කරගෙන විදේශගතව ඇති බව පමණක් ඔවුහු දැන සිටියහ.

සිත්පිත් නැති පියපුතු දෙදෙනා ඊළඟට සැරසුණේ මරාදැමූ අසරණියගේ සිරුර සඟවා දමන්නටය. හුදකලා විවාහයක කුරිරුකම් සිත්පුරා විඳගනිමින් මරණයට අතපෙවූ අචලා සඳමාලිගේ සිරුර සැන්දෑ ගොම්මනේ ගඟ අද්දරින් බැස යන ගඟ දියට එකතු කිරීම ඔවුන්ගේ අදහස විය.

අඳුර වැටෙත්ම තම ත්‍රීරෝද රියට අචලාගේ සිරුර දමාගත් දෙදෙනා කෙලින්ම පැමිණියේ දෙහිඕවිට, කඹුරාපොළටය. හදවතේ තෙතමනයක් නොමැති නරුමයන් දෙදෙනා පණනල සුන්ව ගිය ඇගේ සිරුරේ දෙකන් පෙති සැරසී තිබූ කරාබු කුට්ටම ගලවාගත්තේ මිලේච්ඡත්වය කෙතෙක් දැයි විදහා පාමිනි.

ඉන්පසු සීතාවක ගඟ ඉවුරට රැගෙන ආ සඳමාලිගේ සිරුර ඔවුහු ගඟ අයිනේ වූ බෝට්ටුවකට දමාගත්හ.

රෙදි අපුල්ලන විශාල ගල් කුට්ටියකට සඳමාලිගේ සිරුර තබා කිටි කිටියේ වයර්වලින් ගැට ගැසූහ. බෝට්ටුව පදවාගෙන ගියේ ගාමිණීය.

සිය පුතුගේද සහාය ඇතිව සඳමාලිගේ සිරුර සීතාවක ගං පතුළට අතහැර දමා කිසිවක් සිදුනොවූ සේ ආපසු බෝට්ටුවට නැඟ ඔවුහු ගොඩට ආහ.

පව්කාර දවසක් ගෙවී ගියේය. පසුදිනට තම පුතුව අවිස්සාවේල්ල පොලිසියට යවා සිය බිරිය ආගිය අතක් නැතැයිද ඇය කිසිවකු සමඟ හොර රහසේ පැන යන්නට ඇති බවටද පොලිසියට පැමිණිල්ලක් කිරීමට තරම් ගාමිණී නරුමයකු විය.

සඳමාලිට නිතරම කවුරුන් හෝ දුරකථනයෙන් කතා කරන බවද ඒ අම්මා යයි කීවද එම අංකවලින් කතා කරන්නේ අම්මා නොවන බවද ඔහු තවදුරටත් පැමිණිල්ලේ සඳහන් කිරීමට වගබලා ගත්තේය.

සඳමාලිව අමු අමුවේ මරාදමා ගං පතුළ යට සඟවා තබා ඔවුහු අලුත් අවුරුද්ද රිසි සේ සැමරූහ.

සඳමාලිගේ ඝාතනයත් සමඟම ගයාන් මත්පැනට ඇබ්බැහි වූ අතර ඔහුව කිසිවිටෙකත් තනි නොකිරීමට පියා වූ ගාමිණී කටයුතු කළේය.

සෑම දිනකම වැලි තොටුපළට ඔහු ගියේ පුතාත් සමඟය. ආපසු ආවේත් ඔවුන් දෙදෙනාය. පවුලේ අය සමඟවත් පුතා ඕනෑවට වඩා ඇසුරු කරනු දැකීමට ගාමිණී බිය විය.

ගයාන්ගේ මුවින් මේ බව හෙළිවේ යැයි උපන් බියකින් ගාමිණී නිරතුරුවම පීඩා විඳිමින් ඔහු රැකගත්තේය.

මේ අතර ඔවුන් නොසිතූ පරිදි සඳමාලිගේ මව ලංකාවට පැමිණියාය. දීගෙක ගිය තම දියණිය පිළිබඳ ඇය විමසිලිමත් වන්නේ මෙතැන් පටන්ය. සඳමාලි දකින්නට නොවීමත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවීමත් නිසා ඇය පසුවූයේ සැකයෙන් යුතුවය.

අවසානයේ ඇය පොලිස් සහන මැදිරියට පැමිණෙන්නේ පොලිස්පති ඉලංගකෝන් මහතාගෙන් පිළිසරණක් පතාගෙනය.

ඇගේ තොරතුරු අනුව පැමිණිල්ලක් ලබාගන්නා ඔහු මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට භාර කරන්නේ අවිස්සාවේල්ල පොලිස් විශේෂ කාර්යාංශයටය.

එහිදී උප පොලිස් පරීක්ෂක කුමාරතුංග යටතේ මූලික පරීක්ෂණයක් කළ පසු පිය පුතු දෙදෙනාගෙන් කළ යම් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් දෙදෙනා සැක කිරීමට තරම් හේතු සාධක තිබෙන බව පොලිසියට සාධාරණව පෙනී ගියේය.

ඇගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කර බලා එහි අංකය අනුව සඳමාලි එම කාලය තුළ විදේශගතවී නොමැති බවට නිලධාරීන් සහතික කර ගත්තේය.

ඉන් අනතුරුව සඳමාලිගේ අතුරුදන්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරකරන ලද්දේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යාමටය.

පොලිස් අධිකරී මහේෂ් පෙරේරා මහතාගේ නියෝගය මත සහකාර පොලිස් අධිකාරී පනාමල්දෙනිය යන මහත්වරුන් විසින් ඉන්පසු පරීක්ෂණ ආරම්භ කෙරිණ.

ඉන් අනතුරුව රහස් පොලිසිය පියපුතු දෙපළගෙන් ප්‍රශ්න කිරීමේදී අචලා සඳමාලිගේ අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම ඔවුනට හැකිවිය.

එපමණක් නොව මළ සිරුර ගඟට අතහැර දැමූ තැනද ඔවුන් පෙන්වා දුන් අතර නාවික හමුදාවේ රංගල කඳවුරේ සිට රැගෙන ආ කිමිඳුම්කරුවන් යොදා ගනිමින් ගං පතුළේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

මළ සිරුරේ කොටස් හමුනොවූවද සිරුරේ ගැටගැසූ ගල දක්නට ලැබිණි.

සඳමාලිගේ සිරුරේ තිබූ බවට සිතිය හැකි කාන්තා යට ඇඳුමක්ද සොයාගන්නා ලදී.

කාලගුණික විපර්යාසයන්ට ලක්වීමෙන් මළ සිරුරේ කොටස් විනාශ වී ගියද අනෙකුත් තොරතුරු ලබාගැනීමට නිලධාරීන්ට හැකිවිණි.

ගලවාගත් ඇගේ කන්පෙතිවල තිබූ කරාබු යුවළද උකස් කරන ලද තැනක තිබියදී සොයාගන්නට රහස් පොලිසියට හැකිවිය.

නයනා දේශපාලනයට එන කතාව ඇත්තක්ද?

nayana-kumari

නයනා කුමාරි කියන්නේ නිතර කලා නිර්මාණවලින් දකින්නට ලැබුණත්, නැතත් හැමදාමත් පාහේ තමන්ගේ ජනප්‍රියත්වය එක්තරා මට්ටමක පවත්වාගෙන යන රංගන ශිල්පිනියක්. ඇය කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා අලුත් පියවරක් තබන්න සූදානම් වෙනවා කියලා පුවතක් මේ දිනවල පැතිර යනවා. ඒ ගැන ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක අපි නයනාට කතා කළා.

නයනා දේශපාලන පිටියට පය තබන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?
අමුතුවෙන් එන්න දෙයක් නැහැ. මම දැනටමත් දේශපාලනය කරනවා.

ඒ කියන්නේ ඔබ ළඟදිම මහජන නියෝජිතවරියක් වේවි?
අ‍පොයි නැහැ. අපේ දේශයට වැඩක් ඇති දේවල් කරනවා කියන අදහසින් තමයි මම දේශපාලනය කරනවා කියලා කිව්වෙ. එහෙම නැතුව ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන අදහසක් නම් මගේ තුන්හිතකවත් නැහැ.

එතකොට නයනා කුමාරි දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට පත්වෙන්න හිතාගෙන ඉන්නවා කියලා ඇතැම් වබේ අඩවිවල පළ කරලා තියෙන්නේ බොරුවක්ද?
ඒ කතා පට්ටපල් බොරු. හුඟක් වබේ අඩවි අපි වගේ ප්‍රසිද්ධ චරිතවලට මඩගහන්න හිතාගෙන තමයි ඔය වගේ බොරු පතුරවන්නේ.

එළිපිට දේශපාලනයට නෑවිත් නයනා ජනතාව වෙනුවෙන් කරන සේවය මොකක්ද?

මගේ කාලය සහ මිල මුදල් වැය කරලා අහිංසක ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු රැසක් මම කරගෙන යනවා. ඒවා බොහොම නිහඬව කරන සේවාවන් නිසා තමයි ඒ ගැන වැඩිදෙනා නොදන්නේ.

දේශපාලනයට එන්න කියලා දේශපාලන පක්ෂවලින් ඔබට ආරාධනා ලැබිලාම නැද්ද?
මොකද නැත්තේ? එවැනි ආරාධනා නම් ඕනෑතරම් ලැබිලා තියෙනවා. හැබැයි මේ විදිහට නිහඬව ජනතාව වෙනුවෙන් සේවයක් කරගෙන ඉන්න එක වඩා හොඳයි කියලා මට හිතෙනවා.

කලාකරුවෝ එළිපිට දේශපාලනය කරන එක සුදුසු නැහැ කියලද ඔබ කියන්නේ?
ඒකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ. මොකද කලාකරුවන්ටත් අයිතිය තියෙනවා දේශපාලන අදහස් දරන්න. හැබැයි ජනතාවට සේවය කරන්න ඕනෑනම් පාර්ලිමේන්තුවට යන්නම වුවමනා නැහැනේ.

හැබැයි හුඟක් කලාකරුවන්ට වගේ ඔබටත් දේශපාලන පක්ෂ එක්ක කිට්ටු සම්බන්ධතා ඇති?
අ‍පොයි නැහැ. මට අදටත් දේශපාලන පක්ෂයක් නැහැ. මේ ආණ්ඩුවෙන් හෝ පසුගිය ආණ්ඩුවෙන් සතයක්වත් මම අරගෙනත් නැහැ.

මුල් කාලයේ වගේ වැඩිපුර කලා නිර්මාණවල පේන්න නැත්තේ ආරාධනා අඩු නිසාද?
එහෙම දෙයක් නෑ. සැලෝන් එකේ වැඩකටයුතු නිසා මට ටිකක් විතර කලාවෙන් ඈත්වෙලා ඉන්න සිදුවුණා. හැබැයි මේ දවස්වල නම් කලා කටයුතු නිසා මම හුඟක් කාර්යබහුල වෙලයි ඉන්නේ.

ඒ කියන්නේ ළඟදීම නයනා කලා නිර්මාණවලින් ආයෙමත් රසිකයන් අතරට ඒවි?
ඇත්තටම ඔව්. අලුත් ටෙලිනාට්‍ය තුන හතරකම රූගත කිරීම්වලට මම මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම ලබන ජනවාරි මාසේ ‘දියකිඳුරි’ කියලා අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ඇරඹෙනවා. රොජර් සෙනෙවිරත්න තමයි මා සමග එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. හුඟ කාලෙකට පසුවයි මට රොජර් අයියත් එක්ක වැඩ කරන්න ලැබෙන්නේ. අපි දෙදෙනා එකට රඟපාන පළමු චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්.

ඉදිරි වසරේ ඔබේ බලා‍පොරොත්තු මොනවාද කියලත් කියමු?
මම කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් වසර 26ක් වෙනවා. ඉතින්, මම මතෛක් කල් ලබාගෙන තියෙන දැනුම සිනමා, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කියන මාධ්‍ය තුන ගැනම පාඨමාලා පවත්වන ඇකඩමියක් ආරම්භ කරලා නවයකයන්ට බෙදා දෙන්න මම හිතාගෙන ඉන්නවා. කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයත් ඊට ලබාගන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ දැනට තියෙන සැලෝන් එකට අමතරව තවත් අලුත් සැලෝන් එකක් විවෘත කිරීමත්, රූපලාවන්‍ය පිළිබඳ දැනුම ලබාදෙන පාඨමාලා පෙළක් ආරම්භ කිරීමත් මගේ තවත් බලා‍පොරොත්තුවක්. මේ නිසා 2017 වසර මගේ බොහෝ සිහින සැබෑවන වසරක් බවට පත්වේවි.

30 December, 2016

SUV මෝටර් රථයක් තුළ අනාචාරයේ හැසිරුන යුවළකට හොඳ පාඩමක් උගන්වයි

couple-sex-in-a-car

කාමය පිළිබඳව තියෙන ආශාව ඕනෑම මිනිසෙකුට පහල වන හැඟීමක්. ඒ හැඟීම පාලනය කර ගැනීමට නොහැකිව සිමාවෙන් එහා ගිය වැඩ කරපු මිනිස්සු ඕනෑ තරම් අපිට දකින්න පුළුවන්.

මේ ආශාව පාලනය කර ගන්න අසමත් වෙච්ච කපල් එකක් සිය SUV මෝටර් රථයේම ලිංගිකව හැසිරී තිබෙනවා. ඒකත් සෙනඟ ගැවසෙන ස්ථානයක.

මේක බලන් ඉන්න බැරි නිසා වටේ හිටිය මිනිස්සු එකතුවෙලා මේ දෙන්නට වාහනේ ඇතුලේදීම පහරදීලා. පස්සේ පොලිසිය ඇවිත් මෙයාලව අත්අඩංගුවට අරගෙන.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ…


මහින්ද - හිරුණිකා මුහුණට මුහුණ හමුවෙයි

mahinda-hirunika-meets-face-to-face

හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා අද (30) අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පවුලේ සියලුදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසල ස්ථානයක වාඩි වී ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමග කතා කරමින්ද සිටියද හිරුණිකා මන්ත්‍රීවරිය අහක බලා සිටින ආකාරයක් දැකගත හැකිවිය.

කුලියට ගත්තු සුපිරි නිවසේ 1500 ට කකුල් මසාජ් කරනවා කියලා අමුතු අමුතු සැප දුන්නු හැටි මාට්ටු

legs-massage

ඔයාට කකුල් මසාජ් කළාම ඇතිද..?

වෙන ඕන දෙයක් කියන්න මම කරන්නම්...

තලවතුගොඩ පන්නිපිටිය පාරේ තිබෙන ස්පා මධ්‍යස්ථානය දෙස අසංක ඇස ගසාගෙන සිටියේ ටික දිනක සිටය.

එහි විශේෂයෙන්ම සිදු වූයේ පිරිමින්ගේ පාද මසාජ් කිරීමයි.

එම මධ්‍යස්ථානයේ ඇහැට කනට පෙනෙන කාන්තාවන් සිටින බවද දැන සිටි අසංක පසුගියදා එතැනට ගොඩවූයේ මාසික වැටුපෙන් ගෙදර වියදමටදී ඉතිරි කරගත් රුපියල් පන්දහසේ කොළයක්ද අතැතිවය.

එතැනට ගොඩවූයේ අසංකට පිළිගැනීමේ කවුන්ටරයේ කාන්තාවන් කිහිප දෙනෙකු සිටින බව දුටුවේය.

ඒ අතර සිටි වයස අවුරුදු විසි ගණන්වල පසුවන බවක් පෙනෙන්නට තිබූ තරුණිය දෙස ඔහුගේ දෑස් වැඩිපුර යොමුවිය.

මට මසාජ් එකක් කරගන්න ඕනේ. එන්න සර් පුළුවන්. ඇතුල්වීමේ ගාස්තුව රුපියල් එක්දහස් පන්සීයයි.

අසංක සිය මුදල් පසුම්බිය ගෙන එහි තිබූ පන්දහසේ කොළය පිළිගැනීමේ කවුන්ටරය වෙත ලබාදුන්නේය.

ඉන්පසු එතැන සිටි අය අසංක රැගෙන ගියේ කාන්තාවන් කිහිප දෙනෙකු ළඟටය.

මේ කට්ටියගෙන් කැමති කෙනෙක් තෝර ගන්න.

රුපියල් පන්දහසේ කොලය අතටගත් කාන්තාව එලෙස පවසද්දී අසංක එක්කෙනෙක් තෝරාගෙන අවසානය.

ඒ ඇතුල් වෙද්දීම ඇසගිය තරුණියයි. ඔහු ඇයට කැමති බව පැවසුවේය.

දුන් රුපියල් පන්දහසෙන් ඉතිරි තුන්දහස් පන්සියය අතට ගත් ඇය ඔහු ඇතුලට කැඳවාගෙන ගියාය.

එය පාටිෂන් ගසා කාමර ලෙස වෙන් කළ ශාලාවකි.

පත්තුවූ එකම රතු පැහැ බල්බයෙන් නිකුත්වන රතු එළිය අසංකගේ හැඟීම් උද්දීපනය කිරීමට සමත්විය.

අසල සිටි තරුණිය ඔහුගේ ඒ මානසිකත්වය තවත් වැඩි කළාය.

ඇය ඔහු කාමරයට කැඳවාගෙන ගියාය. එහි එක් පුටුවක් ඇත. එය ඇඳක් වන තුරුම දිග හැරීමට පිළිවන. ඇය ඔහුට එහි නිදාගන්නා ලෙසට පැවසුවාය.

අසංක එදින ඇඳගෙන ගොස් තිබුණේ කොට කලිසමකි.දිග කලිසම් ඇදගෙන එන අයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම ආයතනයෙන් කොට කලිසම්ද සපයයි.

පුටුවේ හිදගත් අසංකගේ පාදවල ක්‍රීම් වර්ගයක් තවරා ඇය ඒවා හොඳින් පිරිමදින්නට පටන් ගත්තාය. ඒ අතරේ ඇය ඔහුගෙන් තොරතුරු විමසන්නට වූවාය.
ඔයා කොහේද වැඩ කරන්නේ..?

මම ආර්.ටී.එකේ. ආ... හොඳ පඩියක් ගන්නවා ඇති නේද..?

ඔයාට කකුල් මසාජ් කළාම ඇතිද..? වෙන ඕන දෙයක් කියන්න මම කරන්නම්.

ඇයගේ කීමට අසංකට දැඩි සතුටක් දැනිණි. ඒ උපතින්ම ඔහු සරාගී පුද්ගලයෙකු බැවිනි.

ඔහුගෙන් කැමැත්ත ලද වහා ඇය ඉතිරි වැඩ කටයුතු ආරම්භ කළාය.

එලෙස කටයුතු සිදුවන අතරතුරේ ඔහු මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාගත්තේය.

මචං මම තලවතුගොඩ ඉන්නේ. මොකද කරන්නේ සෙට් වෙමුද..? හුඟ දවසකින් හම්බවුණේ නැහැනේ.

අපේ ගෙවල් පැත්තට වරෙන්. සෙට් වෙමු. එලෙස මිතුරාට දුරකථන ඇමතුමක් දුන් ඔහු තවදුරටත් ඇයගේ පහස ලබමින් සිටියේය.

විනාඩි දහයක් පමණ ගෙවී යන්නට ඇත.

වේගයෙන් ආ වෑන් රථයක් ස්පා ආයතනය ඉදිරිපිට නතර විය.

ඉන් බැස ගත් පිරිස ආයතනය වට කළහ. ඒ අතර සිටි එක් පුද්ගලයෙකු පොලිස් නිල ඇඳුමින් සැරසී උරහිසේ තරුවක්ද පැළඳ සිටියේය.

ඔහු මිරිහාන දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාය.

ස්පා ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක යෙදිණි.

එම විමර්ශනයේදී මෙම ස්ථානය ස්පා ආයතනයක් වුවද අවශ්‍ය අයට ගණිකාවන් සපයන බවට තොරතුරු හෙළි වෙයි.

අසංක දූෂණ මර්ධන ඒකකයේ කොස්තාපල්වරයෙකි. ඔහු එම ස්ථානයට යන්නේ උපාය දූතයෙකු ලෙසටය.

ඔහු රැගෙන යන රුපියල් පන්දහසේ කොලය පොලිස් දෙපාර්තමේන්තුව සතු වූවකි.

ඔහු මත්පැන් බීමට එන ලෙසට දුරකථන ඇමතුම දෙන්නේ ඒකකයේ ස්ථානාධිපතිවරයාටය.

ඒ මෙහෙයුමට පිටත්වීමට පෙර කතිකා කරගත් ආකාරයටය.

පොලිසිය එම ස්ථානය වටලන්නේ අධිකරණයෙන් ලබාදුන් සෝදිසි කිරීමේ වරෙන්තුවක්ද ඇතිවය.

පොලිසිය මෙම ස්ථානයේ සිටි කාන්තාවන් දස දෙනෙකුද එහි හිමිකරුද අත්අඩංගුවට ගත්තේය.

ඔහු ආබාධිත නාවික හමුදා භටයෙකි.

වයස අවුරුදු තිස් එකක් පමණ වන හිමිකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ ස්ථානයේ සේවයේ නිරත කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු අනුරාධපුර පදිංචි අය වූහ.

රුපියල් පනස් දහසක කුලියට ගත් ගොඩනැගිල්ලේ වසර තුනකට ආසන්න කාලයක් මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබිණි.

ඔවුන් මෙහි හිමිකරු හා පවතින හිතවත්කම් මත මෙම ස්ථානයේ රැකියාවට පැමිණ සිටියේය.

ඊට අමතරව පුවත්පත් දැන්වීම්වලින්ද කිහිප දෙනෙකු තෝරාගෙන තිබිණි.

මෙම ස්ථානයේ සිටි කාන්තාවන් අතරින් වයස අඩුම තරුණිය විසි වන වියේද වැඩිමල් කාන්තාව හතලිස් දෙවැනි වියේද පසුවූහ.

මොවුන් නිවෙස්වලට පවසා ඇත්තේ රූපලාවන්‍ය ආයතනවල සේවය කරන බවය.

ආයතනයේ හිමිකරු මේ සෑම කාන්තාවකටම මසකට රුපියල් තිස් දහසක පමණ වැටුපක් ගෙවයි.

ඊට අමතරව දක්ෂතා මත ඔවුන්ට මුදල් උපයාගත හැකිය.

ඒ අනුව එක් කාන්තාවකගේ මාසික ආදායම රුපියල් එක් ලක්ෂ පනස් දහස ඉක්මවන බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

මොවුන්ට මසකට දින හතරක නිවාඩුවක් ලැබේ.

සැලොන් රැකියාවෙන් හොඳ ආදායමක් ලබා ගන්නා බව කියමින් ගමට යන මෙම කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට ගමේ කිසිවෙකුත් දන්නේ නැත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ එහි හිමිකරු වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිසියට බාරදීමට මිරිහාන කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කටයුතු කළේය.

තලංගම පොලිසිය මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් කාන්තාවකට රුපියල් සියය බැගින්ද දඩද එහි හිමිකරුට රුපියල් පනස් දහසක දඩයක්ද අධිකරණයෙන් නියම කර තිබිණි.

කාන්තාවකගේ මිනී වළ හාරලා දේහයට කරපු අසික්කිත වැඩේ

the-remains-of-a-woman-who-dug-the-grave

නාරම්මල, මැදගොඩ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් හාරා භූමිදානය කරන ලද වයස් ගත කාන්තාවකගේ දේහයේ පැළඳ තිබු අරුංගල් යුවළ ගලවාගෙන පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි නින්දිතම කරුණ වන්නේ එම අරංගල් යුවල ගලවා දේහය එම ස්ථානයේම දමාගොස් තිබීමයි.

සැකකරුවන් සොයා කුලියාපිටිය සුනඛ කොට්ඨාසයේද සහාය ඇතිව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

පොඩි කොල්ලාගේ නිරුවත රට ඉඳං ඔන්ලයින් බලපු ඇන්ටි ලංකාවට ඇවිත් නටපු නාඩගම

aunt-with-small-boy

බාලවයස්කාර තරුණයකුගේ නිරුවත මුහුණු පොතෙන් දැක නිවෙස් අතහැර මාතලේට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

සැමියාගේ මරණයෙන් වැන්දඹුවක බවට පත් මෙම කාන්තාව විදේශගතව සිටියදී බාලවයස්කාර තරුණයා මුහුණු පොතෙන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

කල්යත්ම ඇසුර දුර දිග ගොස් ඇති අතර බාලවයස්කාර තරුණයාගේ නිරුවත මුහුණු පොතෙන් දැක ඇත්තේ ඒ අතරයි.

කාන්තාව මෙරට පැමිණි වහාම රෙදිපිළි ද රැගෙන තරුණයා සොයා මාතලේට පැමිණ තිබෙනවා.

තරුණයා නිවෙසේ නොසිටි බැවින් කාන්තාව නොසන්සුන්ව මාර්ගයේ ගමන් ගත් වාහනයකට පැන සියදිවි නසා ගැනීමට තැත්කර ඇති අතර පොලිසිය මැදිහත්ව කාන්තාව අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කල්පිටිය මුහුදේ රංඟන ඩොල්ෆින් මසුන්

kalpitiya-dolphin-season

මේ දිනවල 
කල්පිටිය මුහුදු වෙරළට යන්නන්ට ඉතාමත් සුන්දර දසුනක් නෙතට එක්කර ගත හැකි වනවා.

ඒ ස්වභාව ධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයක් වන ඩොල්ෆින් මසුන්ගේ අලංකාර රංගනයන්

සෑම වසරකම ඔක්තෝබර් මස අග භාගයේ සිට ඊළඟ වසරේ අප්‍රේල් මස දක්වා ඩොල්ෆින් මසුන් කල්පිටිය මුහුදේදී දැකගත හැකියි. 

මෙම අලංකාර දර්ශනය දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් මේ දිනවල කල්පිටියට ඇදී එනවා.

ඉහතින් දැක්වෙන්න් කල්පිටිය වෙරළ තීරයේදී එළෙස ලබා ගත් අලංකාර දර්ශනයක්.

මහ පාරේ අහම්බෙන් මුණ ගැහුණු පැරණි මිතුරන්

two-elephants-meet-on-the-road-by-chance-01

ඉන්න තැනක් කොහෙද කියල දන්නවනම් හොයාගෙන එනව. පාරෙදි මේ විදියට අහම්බෙන් මුණ ගැහුණෙ නැත්නම් ආයෙ කවදාවත් මුණ නොගැහෙන්නත් තිබුණ. මේ අපේ අන්තිම හමුවීම වෙන්නත් පුළුවන්. 

පුංචි කාලෙ ඉඳලම දැනුන සුවඳ තවමත් එදා වගේම මතකයි. ආයේ කවදා හරි කොහේදිහරි මුණගැහෙන්න ලැබෙයිද දන්නෙත් නැහැ. කමක් නැහැ මැරෙණතුරු අපි අපේ සුවඳ මතක තියාගමු.

සමහරවිට මේ දෙන්න සහෝදරයො වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එක රැළේ එක කැලේ කාලයක් එකට ජීවත්වුණ දෙන්නෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සුන්දර කාලය දැන් නැහැ. මේ දෙන්න මේ විදියට මුණ ගැහෙන්නේ ඉන්දියාවේ මහා මාර්ගයකදි.

two-elephants-meet-on-the-road-by-chance-02

29 December, 2016

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩු..? කාන්තා ඇමතිවරිය මැදිහත් වෙයි..!

women-menstruation

ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැ’යි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පවසන බව බීබීසීය පවසනවා.

ඇමතිවරිය ඒ බව පවසා ඇත්තේ චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි සංදේශය කළ විමසීමකදීය. 

ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැ’යි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය පවසා තිබෙනවා.

“දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.”

ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව ලබාදී තිබෙනවා. 

එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය පවසා තිබෙනවා.

මැණික් ගඟේ සැරිසැරූ කිඹුලා සෙල්ලකතරගමදී අහුවෙලා

crocodile-in-the-well-100-kg-weighted-01

කතරගම මැණික් ගඟේ නිතර සැරිසරන දැවැන්ත කිඹුලකු පෙරේදා (27දා) රාත්‍රි සෙල්ලකතරගම මාර්ගයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැක වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව අල්ලා ගනු ලැබීය.

අඩි 11ක් තරම් දිග වූ මෙම කිඹුලා පැමිණ ඇත්තේ නිවාස තුළ හා මාර්ගයේ සිටින බල්ලන් අල්ලා ගොදුරු කර ගැනීම පිණිස බව ප්‍රදේශවාසීහු පවසති.

දින කීපයක සිට විටින් විට නිවාසවල සිටි බල්ලන් අතුරුදන් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

සෙල්ලකතරගම මාර්ගයේ සිටියදී පෙරේදා රාත්‍රි මෙම කිඹුලා අල්ලා ගත් වනජීවී නිලධරීන් කිඹුලා යාල වන උද්‍යානය වෙත රැගෙන ගොස් තිබේ.

මේ වනවිට මෙවැනිම ප්‍රමාණයේ දැවැන්ත කිඹුලන් රැසක් කතරගම මැණික් ගඟේ නිතර සැරිසරන බව ජනයා පවසති.

_කතරගම - ඩී. එන්. කළුආරච්චි

ආච්චි අම්මාත් අත දරුවන් දෙදෙනකු සමඟ මවත් අතරමඟදී බසයෙන් බිමට දමා වෙනත් අය පටවාගෙන





සීගිරිය - ඉනාමළුව හන්දිය අසල සිට ගලේවෙල නගරය දක්වා යෑමට ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයකට 26 වැනි දින පස්වරුවේ නංවා ගත් වියපත් මවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු හා කුඩා අත දරුවන් දෙදෙනකු දඹුල්ල නගරයේදී බස් රථයෙන් බස්සවා වෙනත් මගීන් පිරිසක් බස් රථයට නංවාගෙන යෑමේ පුවතක් වාර්තා වේ.

ත්‍රිකුණාමලයේ සිට බස් රථය දඹුල්ල නගරයට ළඟා වනවිට එතරම් මඟින් සංඛ්‍යාවක බස් රථයේ සිට නොමැති අතර දඹුල්ල නගරයේදී කුරුණෑගල හා කොළඹ බලා යෑමට සිටි මගීන් පිරිසකට ආසන ලබාදීම සඳහා ඉනාමළුවෙන් නංවා ගත් වියපත් මව ඇතුළු පිරිස බස් රථයෙන් බස්සවා ප්‍රවේශ පත් හෝ ලබා නොදී රුපියල් 150ක මුදලක්ද බස් රථයෙන් බහින අවස්ථාවේ අයකර ගෙන ඇත.

අදාළ සිද්ධිය පිළිබඳ බස් රථයේ සිටි සෙසු මගීන් හා බස් නැවතුමේ සිටි පිරිස්ද දැඩි විරෝධය පළ කර ඇති අතර කොන්‍ෙදාස්තරවරයා ඔවුනට පවසා ඇත්තේ තමන්ට වුවමනා දේ තමන් සිදුකරන බවත් ඕනෑම තැනකට පැමිණිලි කරන ලෙසත්ය.

සිද්ධියට මුහුණදුන් පිරිස මේ පිළිබඳ 1955 හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර ඇත.

අකරතැබ්බයට පත් පිරිස වෙනත් බස් රථයක නැඟී ගලේවෙල බලා ගොස් ඇත.

(දඹුල්ල - ධම්මික නාමල් කෝරාළ / සීගිරිය - දිනේෂ් ආරච්චිලාගේ_මව්බිම)

මහ රෑ දඹුල්ලේ පිරිමි කල්ලි දෙකක් එක ගැහැනියක් බෙදා ගන්න ගුටි කෙළගෙන


දැන් දැන් මේ සමාජයේ වෙන දේවල් එක්ක අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වෙනවානේ කියලා ඔයාලට මේ පුවත ඇහුවාම හිතෙන්නට පුළුවන්.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ (Dambulla Economic Centre) වෙළෙදසැලක් තුළයි.

ඊයේ (28) රාත්‍රියේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැළක සේවකයින් පිරිසක් කාන්තාවක් රැගෙන ගොස් එහි ඇතුළත තබාගෙන සිට තිබෙනවා.

ඒ අවස්ථාවේ අසළ පිහිටි තවත් වෙළෙදසැළක සේවකයින් පිරිසක් එය දැක එම කාන්තාව ඉල්ලා තිබෙනවා.

ඇය ලබානොදීම නිසා දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම අවස්ථාවේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් පැමිණ සිද්ධිය පාලනය කොට දඹුල්ල පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

එම ස්ථානයට පැමිණි පොලීසිය අදාළ කාන්තාව සහ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කාන්තාව රැගෙන ආ වෙළෙදසැළට අද අළුයම දෙකට පමණ සීල් තැබීමට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

කුරුණෑගල නව ජාත්‍යන්තර පාසලක ත්‍රස්තවාදී ප්‍රේමයක්!

international-school-terrorist-love

කුරුනෑගල ප්‍රදේශයේ නොබෝ දිනකට පෙර ස්ථාපිත වූ ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක නව ශාඛාවක තස්ත්‍රවාදී ප්‍රේමයක් හටගෙන ඇති බැව් වාර්තා වෙනවා. 

මෙම ජාත්‍යන්තර පාසල ලංකාවේ විශිෂ්ඨ නමක් දිනාගෙන ඇති පාසලක් වන අතර එහි නව ශාඛාව කුරුනෑගල ස්ථාපිත කරා

එහි සේවක මණ්ඩලයේ රසබර සිද්දියක් වාර්තා විය. එනම් එහි සේවය කල තස්ත්‍රවාදියෙකු යැයි සැක කල ජා ඇල ප්‍රදේශයේ සිට පැමිණි දමිල නිලධාරියෙකු වයස විසි පහට අඩු නිලධාරිනියන්ට තමන්ගේ දුක්ගැනවිලි කියමින් ආදරය ප්‍රකාශ කිරීමයි. 

වයස පනහ ඉක්මවූ මෙම දමිල නිලධාරියාගේ හැසිරීම පිළිඹඳ දෙමව්පියන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සුළු සේවකයන්ද විදුහල්පතිට පැමිණිලි කලත් එම විදුහල්පතිවරයා එය ගණනකටවත් නොගෙන ඇත

කෙසේ වෙතත් තත්වය බරපතල වුයේ එම දමිල නිලධාරියා ලාබාල නිලධාරිනියන්ට තෑගී බෝග චොකලට් සහ ගමනාගමන පහසුකම් සපයාදීමට ගොස් වැඩ වරද්දා ගැනීමෙනි. 

අවසානයේ එම නිලධාරිවරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද විදුහල්පතිට මේ ගැන පැමිණිලි කිරීමෙන් එකී දමිල නිලධාරිවරයා එම ජාත්‍යන්තර පාසල් ජාලයේම ප්‍රවාහණ අංශයට මාරුකර යවා ඇත. 

කෙසේ වෙතත් මෙම පාසලෙහි ගුරුවරුන් සහ දෙමාපියන්ද ඉහත සිදුවූ පටලැවිල්ල සම්බන්ධයෙන් පාසලෙහි නොයෙක් නිලධාරීන්ට පැමිණිලි කලත් අපට වාර්තා වූ ආකාරයට එකී නිලධාරීන් කිසිදු පියවරක් නොගෙන ඇත. 

කෙසේ වෙතත් චොකලට් ප්‍රේමය ඉදිරියට ගෙනගිය දමිල නිලධාරිවරයා (ඔහු ගණකාධිකාරීවරයෙකි) විසින්ම පාපොච්චාරණයක යෙදෙමින් තමන්ගේ වැරැද්ද මේ වන විටත් පිලි අරගෙන ඇතැයි වාර්තා වේ.

එම පාසලේ විසුහල්පතිවරයා තම පාසල් ජාලයේ මෙතෙක් නොවූ සිද්දියක් කුරුණෑගල ශාඛාවේ සිදුවීම නිසා දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙනවා.

උතුරු කොරියානු ඒකාධිපතියා පුද්ගලයින් 340ක් එල්ලා මරා දමලා

kim-jong-un

උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් පුද්ගලයින් 340ක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ 2011 ඔහු බලයට පත් වූ දා සිට පුද්ගලයින් 340 ඉතා කුරිරු අත්තනෝමතික ලෙස එල්ලා මරා දමා ඇති බවයි.

මෙසේ මරා දමා ඇති පුද්ගලයින් අතුරින් 140 දෙනෙකු එරට රජයේ ඉහළ තනතුරු දරන්නන් බවයි පැවසෙන්නේ.

තවද හමුදාවේ නිළධාරීන්ද මෙසේ මරා දමා ඇත.

ඔහු පාලනය කළ පස් අවුරුද්ද තුළ ආරක්ෂක ඇමතිධූරය පස්වතාවක් වෙනස් කර ඇත.

කිම් ජොන් උන්ගේ පියා වසර 17 පලනය කළද ආරක්ෂක ඇමතිධූරය වෙනස් කොට ඇත්තේ 3 වතාවෙක් පමණි.

නිල ඇඳුම ගලවා අඩ නිරුවත් වුණ ඊශ්‍රායල් සෙබළියන්

ඊශ්‍රායල් සෙබළියන් නිල ඇඳුමින් වැසී ඇති තම සුන්දර සිරුර පෙනෙන සේ අඩ නිරුවතින් ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

සියලුම යුදෙව්වන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු වසර 02ක කාලයක්වත් හමුදා සේවයට එක්වීම ඊශ්‍රායලය තුළ අනිවාර්ය කර තිබෙනවා. 

මේ සුන්දර තරුණ යුවතියන්ද එලෙස ආරක්ෂක සේවයට ඇතුළත් වූවන් වනවා.













සුසන්තිකා ජයසිංහ ගුවනින් කොළඹට (Photos)

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පසුගිය දිනක දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ ඩෙංගු රෝගය වැළඳීමෙන්.

එළෙස දියතාලව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා. 

ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගනය වෙත සුසන්තිකා රැගෙන ආ අවස්ථාවේ ඡායාරූප පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ මෙලෙසින්.









හින්දි ගීයෙන් ලොවක් මවිත කළ බොලිවුඩයටත් ආරාධනා ලද ලංකාවේ කෙල්ල

kushi-madusha-gimhani-01

බහරේනයේ සිට අන්තර්ජාලය කළඹන මියුරු ගී රාවයක්.

අති මියුරු හඬකින් හින්දි ගීතයෙන් රසිකයන් පිනවන ඇය ශ්‍රී ලාංකික තරුණියක්.

‘ස්මියුල්’ මෘදුකාංගය ඔස්සේ ඔබ හමුවන ඇය ‘කුෂී’.

කුෂී ගිම්හානි.

‘කුෂී’ ලෙසින් මිතුරු මිතුරියන් හැඳින්වුවත් ඇගේ සැබෑ නම මධූෂා ගිම්හානි.

දැනට ‘ස්මියුල්’ මෘදුකාංගය යොදාගෙන ගී ගයන බොහෝදෙනාට එය හඳුන්වා දුන්නේ තමන් බවත් ඇය පවසන්නීය.

එහෙත් ඇය වෘත්තීය ගායිකාවක හෝ සංගීත ශිල්පිණියක නොවේ.

ඇය බහරේනයේ රූපලාවණ්‍ය ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණියක්.

“මම කවදාවත් සංගීතය ඉගෙනගෙන නෑ,” යැයි කුෂී පවසන්නීය.

“හැබැයි ලංකාවේදීත්, බහරේන්වලත් ප්‍රසංගවල එහෙම මම ගීත ගායනා කරලා තියෙනවා.”

හින්දි භාෂාව චතුර ලෙස හසුරුවමින් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු ප්‍රධාන පෙළේ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් තමන්ට බොලිවුඩ් පුරවරයට ආරාධනා කළ බවත් කුෂී සංදේශයට කියා සිටියාය. එහෙත් ඇය තවම ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැහැ.

කුෂී හෙවත් මධූෂා ගිම්හානි ගී ගයන්නේ හින්දි භාෂාවෙන් පමණක් නොවේ.

නුදුරු අනාගතයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ලාංකීය රසික රසිකාවියන්ට සිය නිර්මාණවලින් සංග්‍රහ කිරීම කුශී ගේ බලාපොරොත්තුවයි.


බීබීසී සංදේශය සමඟ කළ සාකච්ඡාව.






kushi-madusha-gimhani-02

kushi-madusha-gimhani-03

kushi-madusha-gimhani-04

kushi-madusha-gimhani-05

28 December, 2016

බදුලු දුම්රියේ බෝම්බ කියලා ෆෝන් කරලා තියෙන්නේ පෙම්වතා යන එක නවත්තන්න

badulla-train-bombing
කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රිය බෝම්බ බියක් හේතුවෙන් ධාවනය කෙරුණේ පැය 2කටත් අධික ප්‍රමාදයකින් අනතුරුවයි.

එහි සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට මුලික පරීක්ෂණවලදී  හෙළි වී තිබෙනවා.

මේ වන විට හෙළි වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත ඇය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.

පන්සල්-වෙහෙර විහාරවල බුදු පිළිමයක්වත් තියාගන්න බැරි තත්ත්වයක්



වෙහෙර විහාර හා දේවාලයන්හි ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත පූජා භාණ්ඩ මෙන්ම බුදු පිළිමයන්හි උෟර්ණ රෝම ධාතුව හා චූඩා මාණික්‍යයන් සොරා ගන්නා කණ්ඩායමක් නිසා විහාරාධිපති හිමිවරු හා දේවාලයන් හි නිලමේවරු මහත් බියකින් පසුවන බව පවසති.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් චෛත්‍ය 16ක පමණ පසුගිය කාලසීමාව තුළ චූඩා මාණික්‍ය ගලවාගෙන ගොස් ඇති අතර බුදු පිළිම රාශියක රන් ආලේපිත උෟර්ණ රෝම ධාතුව ගලවා ගෙන ඇත.

ඓතිහාසික ගනේගොඩ කතරගම දේවාලය පමණක් මේ වනවිට තුන්වරක් බිඳ එහි වටිනා භාණ්ඩ රැගෙන ගොස් ඇත.

පසුගිය සතියේ මෙම දේවාලය කඩා එහි තිබූ රන් දෝලාවද රැගෙන ගොස් තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේවාල 32 අතරින් මේ ආකාරයට දේවාභරණ වැඩම කරන රන්දෝලියක් සොරා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවේ. දුටුගැමුණු රජ සමයටත් වඩා පැරැණි කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරය බිඳ එහි තිබූ දඹරන් බුදු පිළිම සොරා ගෙන ගිය අතර මෙයට මාස 2කට පෙර එහි තිබූ ගම්පොළ බුවනෙකබා රජ විසින් කරවන ලද ඇත්දළ හා මුතු මැණික් එබ්බ වූ මකර තොරණද සොරා ගන්නා ලදී.

මේ ආකාරයට ගම්පොළ ඇත්ගාල විහාරය, පුස්සැල්ලාව ඉබ්බන් වැව විහාරය, මන්තින්දාරාම විහාරය, නාවලපිටිය වේළුවනාරාමය, ගම්පොළ රතනසාර විහාරය, උලපනේ බෝධිරුක්ඛාරාමය, ඇල්පිටිය පොත් ගුල් රජමහ විහාරය, ලබුවැල්පොළ පිරිවෙන ඇතුළු විහාර ගණනාවක පැරැණි කෞතුක භාණ්ඩ, චූඩා මාණික්‍ය ආදිය සොරා ගෙන ඇත.


දිගින් දිගටම සිදුවන මෙම සොරකම් සමඟ විහාරාධිපති හිමිවරු හා දේවාලවල නිලමේවරු මෙන්ම කපු මහත්වරුද මේවා ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසට ඉල්ලා සිටිති.

ගම්පොළ - මාධව බණ්ඩාර

උපන් ඇඳුමින් අල්ලපු ගෙදරට රිංගපු බේබද්දා වෙරි හිඳෙන්න ගුටිකයි

nude-man-beaten

සිවිලිම දිගේ බඩගාගෙන ගොස් අල්ලපු ගෙදරට රිංගා සිටියදී හසුවූ නිරුවතින් බීමත්ව සිටි අයකු අසල්වාසීන්ගේ පහරකෑමට ලක්ව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.

පෙරේදා (25දා) සවස මෙම සිදුවීම වී ඇත්තේ ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් ඩෙයාර්වීල් වත්ත තුළදීය.

පහරකෑමට ලක්ව ඇත්තේ 39 හැවිරිදි එක්දරු පියෙකි.

තරුණ දියණියක්ද වෙසෙන මෙම නිවසේ මව මුළුතැන්ගෙයි සිටින විට එක්වරම ගේ ඇතුළෙන් කිසිවක් කඩා වැටෙන හඬක් ඇසී බලන විට කඩා වැටුණු ඇඳක් මත නිරුවත් අයකු සිරවී සිටිනවා දැක බියපත්ව කෑගසන විට අසල්වාසීන් පැමිණ තිබේ.

මෙසේ අල්ලාගත් පුද්ගලයා එම ලැයිම් පේළියේම අල්ලපු නිවසේ පදිංචි අයකු වන අතර එම වතු ලැයිම් පේළිවල සිවිලිමට උඩින් තිබෙන ඉඩ ඔස්සේ බඩගාගෙන පැමිණ රහසේම බිමට බැසීමට ඇඳ මතට කකුල තියන විට ඇඳ කඩා වැටී ඇත.

ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

මහනුවරදී ත්‍රිරෝද රියකින් තරුණියක් පැහැරගෙන යන්න තැත් කරලා

kidnap-girl-02

මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී තරුණියක් පැහැරගෙන යෑමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු මහනුවර පොලිසිය විසින් පෙරේදා (25දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිට තම සහෝදරයා සමඟ පසුගියදා (24දා) රාත්‍රි 9.30ට මහනුවරට පැමිණ තිබෙන මෙම 21 හැවිරිදි තරුණිය තැන්නකුඹුරේ පිහිටි නිවෙස බලා යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවේ එහි රියැදුරු ඇගේ සහෝදරයා ඊට නඟින තුරු නොසිට තරුණිය පමණක් සිටියදී වේගයෙන් රිය ධාවනය කර ඇත. 

යුද හමුදා සෙබළකු වන සහෝදරයා ත්‍රිරෝද රථය පසුපස පන්නා ගොස් එය අල්ලා රියැදුරුට පහරදුන් අවස්ථාවේ සහෝදරිය ත්‍රිරෝද රථයෙන් පිටතට පැන ඇත.

පලාගිය ත්‍රිරෝද රථයේ ඡායාරූපයක් යුද හමුදා සෙබළා විසින් තම ජංගම දුරකතනයෙන් ලබාගෙන එය මහනුවර පොලිසියට ඉදිරිපත් කර තිබේ.

එම ඡායාරූපය අනුව පරීක්ෂණ සිදු කළ පොලිසිය පෙරේදා (25දා) පෙරවරුවේ සැකකරු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මහනුවර - කමල් සුරවීර

පිටගමක කෙල්ලකට පෙම්කළ වරදට ගුටි කෑ තරුණයා මියයයි

indian-guys-beaten-by-polititian-son

පෙම් සබඳතාවක් ගොඩනඟා ගැනීමට තරුණියකගෙන් කැමැත්ත විමසීමේ සිද්ධියක් මුල්කරගෙන එම තරුණියගේ ගමේ පිරිසකගේ පහර කෑමට ලක්වූවා යැයි කියන 22 හැවිරිදි තරුණයකු වලපනේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

පෙරේදා (26දා) සවස සිදුව තිබූ පහරදීමෙන් එදින රාත්‍රියේ මියගොස් ඇත්තේ වලපනේ, රෝහල පාරේ පදිංචිව සිටි එම්.ජී. රුවන් සාවින්ද නමැති අයෙකි.

නිල්දණ්ඩාහින්න, පුස්සලපිටිය ප්‍රදේශයේදී මේ පහරදීම සිදුව ඇති අතර තරුණයාට පහරදීමෙන් අනතුරුව ඔහු ත්‍රීවීල් රථයක දමාගෙන වලපනේ ප්‍රදේශයට ගෙනවිත් දැමූ පසු අසල්වාසීන් විසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබේ.

මේ පහරදීමට සම්බන්ධ යැයි සැකකරන හතරදෙනකු වලපනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරදීමට සම්බන්ධ තවත් පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ සහ වලපනේ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත වලපනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.

මන්ද මානසික දරුවාට ලිංගික අතවර සිදු කරලා

දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි නව හැවිරිදි (09) මන්ද මානසික පිරිමි දරුවකුට අමානුෂික ලෙස ලිංගික අතවර කළ බව කියන එම මධ්‍යස්ථානයේ සේවකයකු ජනවාරි මස 06 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (27දා) නියම කළේය.

මැදිවෙල ප්‍රදේශයේ පදිංචි ඩයස් නමැත්තකු එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන පොලිසියේ සැරයන් හේරත් (22171) මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ඉහතකී දරුවා පසුගිය දිනයක අසනීපවීම හේතුවෙන් ඔහුගේ මව පැමිණ ඔහුව සිය නිවෙස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ විවිධ ස්ථානවල තිබූ තුවාල කැළලි දැක ඇති ඇය ඒ පිළිබඳ දරුවාගෙන් විමසීමේදී ඉහතකී අතවර සිද්ධිය අනාවරණය කරගෙන ඇති බවත්ය.

මෙකී දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමුකර ඇති බවද අනාවරණය කෙරිණි.

lonely-boy

කුමුදු උපුල් ශාන්ත