29 December, 2016

උතුරු කොරියානු ඒකාධිපතියා පුද්ගලයින් 340ක් එල්ලා මරා දමලා

kim-jong-un

උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් පුද්ගලයින් 340ක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ 2011 ඔහු බලයට පත් වූ දා සිට පුද්ගලයින් 340 ඉතා කුරිරු අත්තනෝමතික ලෙස එල්ලා මරා දමා ඇති බවයි.

මෙසේ මරා දමා ඇති පුද්ගලයින් අතුරින් 140 දෙනෙකු එරට රජයේ ඉහළ තනතුරු දරන්නන් බවයි පැවසෙන්නේ.

තවද හමුදාවේ නිළධාරීන්ද මෙසේ මරා දමා ඇත.

ඔහු පාලනය කළ පස් අවුරුද්ද තුළ ආරක්ෂක ඇමතිධූරය පස්වතාවක් වෙනස් කර ඇත.

කිම් ජොන් උන්ගේ පියා වසර 17 පලනය කළද ආරක්ෂක ඇමතිධූරය වෙනස් කොට ඇත්තේ 3 වතාවෙක් පමණි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උතුරු කොරියානු ඒකාධිපතියා පුද්ගලයින් 340ක් එල්ලා මරා දමලා"

    Post a Comment