12 October, 2016

14 හැවිරිදි පුතු සිපිරි ගෙයට යන සැටි බලාසිටි පියා, දරු පෙම වාවගත නොහැකිව ආපසු නොඑන ගමන් ගිහිල්ලා

කසළ ප්‍රශ්ණයක් දුරදිග යාම නිසා පුතු අත්අඩංගුවට පත්වූ ශෝකයේ වේදනාවෙන් පියා හෘදයාබාධයක් වැලඳී මරණයට පත්වූ පුවතක් දකුණු කළුතර ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙහිදී අත්අඩංගුවට පත්වී ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙක්.

අසල්වැසි නිවාස දෙකක් අසළ කසළ ගොඩක් ගිනි ගැබීමෙන් පරිසර දූෂණය පිළිබඳ කතාබහක් දුරදිග යෑමෙන් මින් එක් නිවසක පදිංචිව සිටි මෙම සිසුවා අසල්වැසි නිවසේ සිටි 80 හැවිරිදි පුද්ගලයෙකුට ගල් ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළ බවත් පසුව කොළඹ මහ රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තාවනවා.

අනතුරුව අත්අඩංගුවට පත්වූ 14 හැවිරිදි සිසුවා පෙරේදා (10දා) දක්වා රිමාන්ඩ් (පරිවාස) ගත කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.

තම පුතා පොලිස් භාරයට රැගෙන යන අයුරු දැක සිසුවාගේ පියා හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති අතර විත්තිකරුගේ නීතිඥවරයින් ඉල්ලා ඇත්තේ තම සේවාදායකයාගේ පියා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බැවින් ඇප ලබා දෙන ලෙසයි.

ඒ අනුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත විත්තිකාර ශිෂ්‍යයාට ඇප හිමිවී තිබෙනවා.

සෑම මසකම අවසන් ඉරු දින දකුණු කළුතර පොලිසියේ වාර්තා කරන ලෙසත් පැමිණිලිකරුවන්ට, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සිසුවාට නියෝග කොට තිබෙනවා.


son-arressted-father-died

-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "14 හැවිරිදි පුතු සිපිරි ගෙයට යන සැටි බලාසිටි පියා, දරු පෙම වාවගත නොහැකිව ආපසු නොඑන ගමන් ගිහිල්ලා"

    Post a Comment