14 September, 2016

කෝවිලේ පූජාවට සොඳුරු අවිහිංසකාවිය රවටාගත් නරුමයා යහනෙන් අතුරුදන් වූ හැටි!

සිය මව්පියන් විසින් කුඩා අවධියේදී මහමඟ අතහැර දමාගිය තරුණියකි.

කාලයේ ඇවෑමත් සමග ළමා නිවාස කීපයක හැදී වැඩෙන ඇය උපස්ථාන සේවිකාවක වනවාය.

පසුකලෙක ඇය නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සුවසේවා උපස්ථාන මධ්‍යස්ථානයක සේවිකාවක් වශයෙන් කටයුතු කිරීම අරඹනවාය.

කුඩා කල ලැබූ සිය කටුක ජීවිතය මොහොතකට අමතක කරවන රූ සපුවක් ඇය සතුවිය. 


මේ නිසාම ඇගෙන් රොන් පතා පැමිණෙන බඹරුන්ගෙන් නම් අඩුවක් නොවීය.

අවසානයේ ඇගේ හිත දිනාගන්නේ දිනූක නම් තරුණයෙකි.

ටික කලක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කළ පසු “අපි විවාහ වෙමු”යැයි පෙම්වතා යෝජනා කළේය.

මෙම යෝජනාවෙන් තරුණියගේ ඉහේ මලක් පිපිණ. ජීවිතයේ ලද අනේක විඳ දුක් කම්කොටලු නිසා විවාහ ජීවිතය පිළිබඳ දහසක් බලාපොරොත්තු ඇයට තිබිණි.

තරුණයාගේ යෝජනාවෙන් පසු දෙදෙනාම නුගේගොඩ ප්‍රදේශයේ කෝවිලක් වෙත් ගොස් පූජාවකට සහභාගී වී ඇත.

අනතුරුව පෙම්වතාගේ යෝජනාව වී ඇත්තේ නවාතැන්පොළක තනිවීමටය.

පෙම්වතාගෙන් තොර ලොවක් නොතිබූ මෙම තරුණිය එයට එකඟ වන්නේ දෙවරක් නොසිතාය.

මෙතෙක් කල් රැකගත් බොහෝ දේ සිය පෙම්වතාට පුද දෙන්නේ ඔහුට තිබූ ආදරය නිසාමය.

එදායින් පසු පෙම්වතා අතුරුදන් වී ඇත.ඔහු ගැන ආරංචියක් හෝ ඇයට සොයාගන්නට ලැබී නැත.

අවසානයේ තමා දූෂණය කොට පලාගිය නරුමයා සොයා ඇය පොලීසියේ පිහිට පැමිණෙයි.

තවමත් ඔහු පිළිබඳ ආරංචියක් නැතැයි පොලීසිය පවසයි.


-නිව්ස්ෆස්ට්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෝවිලේ පූජාවට සොඳුරු අවිහිංසකාවිය රවටාගත් නරුමයා යහනෙන් අතුරුදන් වූ හැටි!"

    Post a Comment