14 September, 2016

නිරුවත දරු සෙනෙහෙන් වැසූ ‘ඇසැබි චිත්‍රපට නිළියකගේ සංවේදී කතාව‘ මෙන්න (PHOTOS)

ඇය නමින් නටාලි සුලෙයිමාන්. තවත් විදියකට හැඳන්වුවොත් නිරූපිකාවක්, අසැබි චිත්‍රපට වලට පෙනීසිටි නිළියක්, දරුවන් 14 දෙනෙකු රැක්බලාගන්නා ආදරණීය මවක්.

මෙවැනි බොහෝ අකාරයට හඳුන්වන්න පුලුවන් ඇය පසුගිය දිනෙක මාධ්‍යට විශේෂ කතාවක් කියලා තිබුණා.

ඒ ඇය තමුන්ගේ දරුවන් රැකබලාගෙන පෝෂණය කරන්න නොවිඳිනා දුක් විඳි බවයි.

ඒ වනවිටත් දරුවන් 6 දෙනෙකුගේ මවක් වූ ඇය තවත් දරුවෙකු අපේක්ෂාවෙන් කෘතිමව දරුවෙක් ලබාගැනීමට තීරණය කරලා තිබෙනවා.

මේ උත්සහය වැරදී ගියේ තවත් දරුවන් 8 දෙනෙකු අගේ කුසට පැමිණිමෙන්.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මෙම දරුවන්ට උපත නොදිය යුතු බවක්.

නමුත් ඈ එයට එකඟ වූයේ නැහැ. ඈ මෙම දරුවන් 8 දෙනාටම උපත ලබා දෙනවා.

දරුවන් 14 දෙනෙකු පෝෂණය කරන්නට තරම් ඇයට ආර්ථික ශක්තියක් තිබී නැහැ.

මේ නිසාම ඇය තීරණය කරනවා නිරූපිකාවක ලෙස කටයුතු කරන්න.

නමුත් මෙයිනුත් ලැබෙන මුදල දරුවන් 14 දෙනෙකු හදාවාඩා ගන්න තරම් ප්‍රමාණවත් වී නැහැ.

ඒ නිසාම ඇය තීරණය කළා අසභ්‍ය වීඩියෝ පට නැතිනම් අසභ්‍ය චිත්‍රපට වල රඟපාන්න.

තමා අසභ්‍ය චිත්‍රපට රඟපෑම පිළිබඳව දැන් මහත් සේ කණගාටු වන බව මේ මාධ්‍ය හමුවේදී ඇය කියලා තිබුණා.

කාලයක් මත්දුව්‍ය වලට දැඩි සේ ඇබ්බැහි වී සිටි ඇය අද වන විට ඒ හැමදේම නවත්වලා.

දරුවන් 14 දෙනෙකුට උපත ලබාදීම නිසාම දැන් ඈ කොන්දේ ආබාධයකිනුත් පෙළෙන බවයි ඈ කියලා තිබුණේ.

හැමදෙයක්ම අමතක කරලා දරුවන් සමග සතුටින් සිටීම දැන් ඇයගේ එකම බලාපොරොත්තුව වෙන බවත් ඇය පවසා තිබුණා.




































-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිරුවත දරු සෙනෙහෙන් වැසූ ‘ඇසැබි චිත්‍රපට නිළියකගේ සංවේදී කතාව‘ මෙන්න (PHOTOS)"

    Post a Comment