14 September, 2016

ජර්සිය වෙන්දේසි කර ‘ලැබුණු මුදලත් රැගෙන’ හරීන් අද ගිය ගමන (PHOTOS)

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමන්ට හිමිවූ All Blacks ජර්සිය වෙන්දේසි කිරීමෙන් රුපියල් ලක්ෂ 55ක් පසුගිය දා ලබා ගත්තා.

ඔහුගේ අරමුණ වුණේ එම මුදලින් ක්‍රීඩා පිටියක් නොමැති කොළඹ ඉසිපතන විද්‍යාලීය දරුවන්ට ක්‍රීඩා පිටියක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමයි.

ජර්සිය වෙන්දේසි කිරීමෙන් හිමිවූ මුදල් චෙක් පතත් රැගෙන හරීන් අද (14) පෙරවරුවේ ඉසිපතන විද්‍යාලයට ගියේ තමන්ගේ අරමුණ ඉටු කිරීම සඳහායි.

තමන් අධ්‍යාපනය නොලැබුවත් රග්බි පිටියට දක්ෂයන් බිහි කරන ඉසිපතනයට ඔහු රුපියල් ලක්ෂ 55ක චෙක් පත ප්‍රධානය කළ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.


















-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජර්සිය වෙන්දේසි කර ‘ලැබුණු මුදලත් රැගෙන’ හරීන් අද ගිය ගමන (PHOTOS)"

    Post a Comment