06 September, 2016

ISIS ත්‍රස්තවාදීන් බුර්කාව තහනම් කරයි

ISIS සංවිධානය විසින් බුර්කාව තහනම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාකයේ මොසුල් නගරයේ හි පිහිටි තම ආරක්ෂක මධ්‍යස්ථානයට බලපාන පරිදි මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ISIS සංවිධානය මීට පෙර කාන්තාවන්ට නීති පනවා තිබුණේ කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු ලෙසයි.

එහෙත් ආරක්ෂක හේතුන් මත මොසුල් ආරක්ෂක මධ්‍යස්ථානයට පැමිණෙන කිසිවෙකුට හෝ මුහුණ වසාගෙන පැමිණීම අවසර හිමිවන්නේ නැහැ.

ISIS සංවිධානය පසුගිය සමයේ සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීමට එරෙහි වූ කාන්තාවන් ඝාතනය කිරීමට සහ ඔවුන්ට වද හිංසා කිරීමට පියවර ගත්තා.

එම නීති රීති වලට එරෙහිව කාන්තාවන්ද යම් යම් විරෝධතාවන් පලකරනු ලැබුවා.





ඩේලි මේල් ඇසුරෙනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ISIS ත්‍රස්තවාදීන් බුර්කාව තහනම් කරයි"

    Post a Comment