05 September, 2016

මාස 10කට පසු පන්දුව අතින් ගෙන ලසිත් මාලිංග නැවතත් කරළියට පැමිණෙයි

''මම අයින්වෙන දවසට මීට වඩා දේවල් කියන්නම්,

දිල්ෂාන් අයියාගේ අන්තිම මැච් දෙක සෙල්ලම් කරන්න අවස්ථාව ආවොත් කකුළ කැඩුනත් සෙල්ලම් කරලා තමයි නවතින්නේ''

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධානම වේගපන්දු යවන ක්‍රීඩකයා ලෙසින් වසර ගණනක් ක්‍රීඩා කල ලසිත් මාලිංග පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටියත් ඔහු නැවත් අද (5) දිනයේ පුහුණුවීම් ආරම්භ කළා. 

මේ අවස්ථාවේ මාලිංගගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනගැනීමට හිරු ගොසිප් අපද මාලිංග පුහුණුවීම් ආරම්භ කළ ස්ථානය වෙත ගිය අතර එහිදී ඔහු අප සමඟින් පැවසුවේ ඉදිරියෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් තමන් මෙලෙස පුහුණුවීම් ආරම්භ කළ බවයි.

එමෙන්ම පිටියෙන් සමුගත් දිල්ෂාන් පිළිබඳවස මෙහිදී මාලිංග පවසා සිටියා. ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙසින් එක්දින පිටියට සමුදෙන අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ට එල්ලවූ අභියෝග සම්බන්දයෙන් දිල්ෂාන් පැවසූ කරුණු සම්බන්ධයෙන් මාලිංගද අදහස් පල කර සිටියා. 

එමෙන්ම මාලිංග වැඩිදුරටත් පවසා සිටියේ තමන් සමුගන්නා දිනයක මීට වඩා කියන්නට දේවල් රැසක් ඇති බවයි. 

තවද දිල්ෂාන්ගේ අවසන් විස්සයි විස්ස තරඟ දෙකේ ක්‍රීඩා කරන්නට කණ්ඩායමේ අවස්ථාවක් හිමි වුණහොත් කකුල කඩාගෙන හෝ දිල්ෂාන් වෙනුවෙන් තමන් එම තරඟ දෙකේ පන්දු යවන බව මාලිංග පවසා සිටියා.

මේ මාලිංග සමඟින් හිරු ගොසිප් කළ විශේෂ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝවයි...



(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාස 10කට පසු පන්දුව අතින් ගෙන ලසිත් මාලිංග නැවතත් කරළියට පැමිණෙයි"

    Post a Comment