08 June, 2016

පෙම පිළිනොගත් එක්‌දරු මවගේ දාහත් පලකට පිහියෙන් ඇනලා

අනියම් පෙම පිළිනොගත්තැයි උරණ වූ තරුණයකු එක්‌දරු මවකට 17 පලකට පිහියෙන් ඇනීම නිසා බරපතළ තත්ත්වයේ පසුවන ඇය නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කොට ඇත.

නෝර්ටන්බ්‍රිඡ් පොලිස්‌ වසමේ පදිංචි (29) හැවිරිදි විවාහක එක්‌දරු මවකට මෙසේ පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කොට ඇත්තේ 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

තුවාල ලත් කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ පෙදරේරු රැකියාවක නිරත වන අතර නිවසේ සිටින ඇය සිය දරුවා පාසලෙන් රැගෙන ඒමට යමින් සිටියදී මෙම ඉරණමට ගොදුරු වී තිබේ.

ආදරය සම්බන්ධ ඇයගේ ප්‍රතිචාර නොඉවසූ මෙම තරුණයා පිටු පසින් ගොස්‌ ඇයට පිහි පහර එල්ල කොට ඇති බව අනවරණය වී ඇත.

බරපතළ තුවාල ලැබූ ඇය ලක්‌ෂපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය රෝහල් පොලිසියේ (33848) ජයසිංහ මහතා නෝටර්බ්‍රිඡ් පොලිසිය වෙත සිද්ධිය දන්වා ඇති අතර නෝටන්බ්‍රිඡ් පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොල - සුරංග දිල්හාන්‍ෙ (දිවයින)



Mother stabbed by man

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම පිළිනොගත් එක්‌දරු මවගේ දාහත් පලකට පිහියෙන් ඇනලා"

    Post a Comment