09 June, 2016

සැප වාහන නැතුව බරි ලංකාවේ මහජන සේවකයින්ට හොඳ පාඩමක්

මෙක්සිකෝව කියන්නේ ඉතා දියුණු රටක්ග ඒ වගේම මුදල් අතිනුත් ඉහළ ආදායම් තියෙන රටක්.

ඒ වුණාට ඉන්දියාවේ සිටින මෙක්සිකෝවේ තානාපතිවරිය අපූරු ආදර්ශයක් දෙනවා. මුළු මහත් ලෝකයටම.

ඇය ඇයගේ දෛනික කටයුතු වලට මෙන්ම රාජකාරී කටයුතු වලටද කිසිදු දිනක සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නේ නැහැ.

ඔන්න ඒකට අපේ රටේ ඉන්න මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන නැතුව රාජකාරීන් කරන්න බැහැනේ.

ඒ වාහන අතරත් ඉතා වැඩි මුදලක් වටිනා සුඛෝපභෝගී වාහන තමයි මෙයාල ඉල්ලන්නේ.

කොහොම වුණත් ඔන්න ඉන්දියාවේ සිටින මෙක්සිකෝවේ තානාපතිවරිය සුඛෝපභෝගී වාහන ඉවත ලා ත්‍රීරෝද රථයක් භාවිතා කරනවා.

ත්‍රී රෝද රථය භාවිතා කිරීම මගින් පරිසර දූෂණය අවම කෙරෙන අතරම දිල්ලි අගනුවර වාහන තදබදයෙන් මිදීමටත් තානාපතිවරිය මේ ක්‍රමය භාවිතා කරන බව වාර්තා වෙයි.

ඔන්න මේ තානාපතිවරිය නම් ලංකාවේ ඉන්න සහ හිටිය මැති ඇමතිවරුන්ට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා.







Maxico-ambassador india

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැප වාහන නැතුව බරි ලංකාවේ මහජන සේවකයින්ට හොඳ පාඩමක්"

    Post a Comment