09 June, 2016

සැප එපා කීව ඇමතිලා මෙන්න

වාහනවල බදු වැඩි කිරීමත් එක්ක සමාජයේ ලොකු කතාබහක් වගේම එක එක පුද්ගලයෝ එක එක මත දරන්න පටන් ගත්තා.

සමහරු කිව්වේ වාහන වැඩි නිසා මේ විදිහට බදු වැඩි කරනවා කියලයි.

තවත් අය එක එක විදිහේ කතා කියන්න පටන් ගත්තා.

මේ කොහොම වුණත් අමාත්‍යාංශය මගින් ලබාදෙන නිල රථයට යන මුදල කලා කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා යොදවන්න පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා තීරණය කරලා තියෙනවා කියලා අපිට අහන්න ලැබුණා.

එතුමා ඒ බව සිය ෆෙස්බුක් ගිණුමෙත් සටහන් කරලා තිබුණේ ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්තුමාට යවපු ලිපියකුත් එක්කමයි.

ඒ වගේම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වත් අලුත් වාහනයක් ගන්න තමන් ඉල්ලුම් කළේ නෑ කියලා සිය ෆෙස්බුක් ගිණුමේ දාලා තියෙනවා.

එතුමා කියලා තියෙන්නේ කලින් ඉදන් තමන්ට තියෙන වාහනයම දිගටම පාවිච්චි කරනවා කියලයි.

තවද රංජන් රාමනායක ඇමතිතුමත් තමන් රජයේ නව වාහන හෝ ඇමති නිල නිවාසයක් ලබානොගන්නා බව අමාත්‍යාංශයට දන්වා ඇති බව ට්විටර් අඩවියේදී ඔහුට නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සටහන් කරලා තිබුණා.

පාලිත තෙවරප්පෙරුම, හර්ෂද සිල්වා හා රන්ජන් රාමණායක යන අමාත්‍යවරු තැබූ සටහන් පහතින්....









Here the ministers do not accept luxury vehicles

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැප එපා කීව ඇමතිලා මෙන්න"

    Post a Comment