10 June, 2016

අවු 15 දැරියක් ගෙනගොස් මාස 5ක් අඹුකමේ තියාගත් හමුදා සෙබළා

පහළොස්‌ හැවිරිදි දැරියක්‌ රවටා දිඹුලාගලට රැගෙන ගොස්‌ මාස පහක්‌ රඳවා තබාගෙන අතවර කළ බව කියන විසිහය හැවිරිදි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

මංගල සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර දැරිය හා මිතුරු වී ඇති සැකකාර හමුදා සෙබළා ඉකුත් දෙසැම්බර් 28 වැනිදා දිඹුලාගල සිට කහතුඩුවට පැමිණ ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්‌ ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මීට දින කිහිපයකට ඉහතදී සැකකාර හමුදා සෙබළා දැරිය හැඳුනුම්පත සාදාගෙන පැමිණෙන ලෙස පවසා නිවසට එවූ අවස්‌ථාවේදී දැරියගේ මවුපියන් ඇයව පොලිසිය වෙත රැගෙන යැමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු දැරිය ගෙන ගිය අයුරු පැවසූ බව පොලිසිය කියයි.

දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත් පොලිසිය ඇය විවාහ කර දීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කර ගැනීමට පැමිණෙන ලෙස පොලිසියේ උපදෙස්‌ මත සැකකරුට පවසා ඔහු නිවසට පැමිණි මොහොතේ ලබාදුන් තොරතුරක්‌ අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මීට පෙර විවාහ වී දික්‌කසාද වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

කහතුඩුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන ජයනාත්, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර දන්තනාරායන, ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඉෂානි රත්නායක ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

කැස්‌බෑව - ලෙනාඩ් ජයසේකර




Army solider taken 15 years old girl

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවු 15 දැරියක් ගෙනගොස් මාස 5ක් අඹුකමේ තියාගත් හමුදා සෙබළා"

    Post a Comment