16 May, 2016

හොලිවුඩයේ නවක තරුව Sophie Turner

X-Men: Apocalypse පසුගියදා (09දා) ලන්ඩනයේදී එළිදැක්වූ අතර, එය නැවතත් මැයි 27 වැනිදා එළිදැක්වීමට නියමිතය.

මෙම එළිදැක්වීම නියමිතව තිබුණේ මැයි 18 වෙනිදා වුවත් එය 27 වැනිදා දක්වා කල් ගොස් තිබේ.

මෙම චිත්‍රපටය සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ මෙහි ඇති ප්‍රධාන චරිතය වන 'වොල්වරින්' මෙයින් ඉවත් කර ඇති හෙයිනි.

මෙම චිත්‍රපටයේ තවත් විශේෂ කරුණක් වන්නේ මේ සඳහා අලුත් චරිත 03 ක් ඉදිරිපත් කර ඇති නිසාය.

මෙම චරිත සඳහා රංගනයෙන් දායක වන නිළියන් තිදෙනාගෙන් බොහෝ අවධානයක් යොමුව ඇත්තේ නවක නිළියක් වන Sophie Turner වෙතයි.

21 වැනි වියේ පසුවන Sophie Turner වෘත්තීය වශයෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නේ රූපවාහිනී කතාමාලාවක් ඔස්සේය.

ඒ 2011 වර්ෂයේදී බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවූ Game of Thrones රූපවාහිනී කතාමාලාවෙනි.

ඇය මේ වනවිටත් එම රූපවාහිනී කතාමාලාවේ Sansa Stark චරිතයට පණ පොවයි.

ඇයට චිත්‍රපට ක්ෂේත්‍රයට ඒමට අවස්ථාව හිමි වූයේ 2013 වර්ෂයේදී තිරගත වූ 'Another Me' නම් චිත්‍රපටය ඔස්සේය.

ඉන්පසු ඇයට 2013 වර්ෂයේදී ඔයැ ඔයසරඑැැබඑය Tale රූපවාහිනී කතාමාලාව සඳහා දායක වීමට වරම් හිමි විය.

2011 වර්ෂයේ ඇය රංගනයෙන් දායක Game of Thrones කතාමාලාව හේතුවෙන් 2011 වර්ෂයේදී පැවැත්වූ Screen Actors Guild Award ඒකාබද්ධ නාට්‍ය උලෙළේ හොඳම රංගනය වෙනුවෙන් ඇය නිර්දේශ විය.

තමන් රංගනයෙන් දායක වූ පළමු නිර්මාණය වෙනුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ වීම පිළිබඳව ඉතාමත් සතුටුවන බවද ඇය පවසා ඇත.

ඉන්පසු 2012 වර්ෂයේදී Young Artist Award හිදී රූපවාහිනී නාට්‍ය මාලාවල හොඳම රංගනය වෙනුවෙන්ද ඇය නිර්දේශ විය.

ඇයට චිත්‍රපට ක්ෂේත්‍රයට ඒමට අවස්ථාව හිමි වූයේ 2013 වර්ෂයේදී තිරගත වූ 'Another Me'  නම් චිත්‍රපටය ඔස්සේය.

ඉන්පසු 2015 වර්ෂයේදී තිරගත වූ 'Barely Lethal' නම් චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටය විය.

එම චිත්‍රපටය හේතුවෙන් 2015 වර්ෂයේදී Empire Hero Award හිදී හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මෙම වර්ෂයේදී ඇය චිත්‍රපට 03ක් සඳහා දායක වීමට අවස්ථාව හිමිවී තිබේ.

ඉදිරියේදී X-Men: Apocalypse නම් චිත්‍රපටය එළිදැක්වීමට නියමිත අතර, අනෙක් චිත්‍රපට දෙක වන 'Alone' චිත්‍රපටය සහ Mary Shelley's Monster යන චිත්‍රපටයේ වැඩකටයුතු තවමත් සිදුවන බව සඳහන් වෙයි.

Sophie Turner ට මේ වනවිට රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිව ඇත්තේ චිත්‍රපට 05ක් සඳහා පමණි.

ඇයට X-Men: Apocalypse චිත්‍රපටය සඳහා රංගන වරම් හිමිවීම පිළිබඳව ඇයට ඇත්තේ ඉමහත් සතුටක් බවද සඳහන් කරන්නීය.

ඊට අමතරව ඇය සඳහන් කර ඇත්තේ එම චිත්‍රපටය හේතුවෙන් ඇයගේ රංගන දිවියට මහ`ගු අත්වැලක් එම හිමි වූ බවයි.

ඩිලාන් ක්‍රිෂාන්ත ( අද )










Hollywood's new star Sophie Turner (Photos)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොලිවුඩයේ නවක තරුව Sophie Turner"

    Post a Comment