පැහැරගෙන ගිය වාරියපොල මොහොමඩ් ආෂික් නමැති (20) තරුණයා ඊයේ පැහැගත් කල්ලිය නිදහස් කළා.
කප්පම් කල්ලිය තමාට කෑමට දුන්නේ බිස්‌කට් පමණක් යැයි රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගැනීමට පැහැර ගැනුනු තරුණයා පැවසුවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙසේ තමන් ලද අත්දැකීම් ඔහු මෙසේ හෙළි කළා.
'එදා 12 වැනිදා රෑ මම කඩේ ඉඳලා ගෙදර යනකොට සුදුපාට කාර් එකක් මා ළඟ නැවැත්තුවා.
ඒ කාර් එකේ හිටපු අය මගේ ඛෙල්ලෙන් අල්ලා කාර් එකේ දාගෙන ගියා.
ඔවුන් මගේ අත් ගැට ගැසුවා. කටයි ඇසුයි බැඳලා ගෙදරකට ගෙනත් දැම්මා.
මම ඒ ගේ කොහේ තියෙන එකක්ද කියල හරියට කියන්න දන්නේ නැහැ හැබැයි මාව අල්ලගෙන පැය 1/2 ට විතර පස්‌සෙයි ඒ ගෙදරට ගෙනත් දැම්මේ.
මට බිස්‌කට් කන්න දුන්නා. වතුර බොන්න දුන්නා. එච්චරයි.
එයාලා මගෙන් ඇහුවා උඹලගේ තාත්තාට සල්ලි තියෙනවා නේද කියලා.
මම කිව්වා එච්චර සල්ලි නැහැ කියලා. ඒත් එයාලා ඒක විශ්වාස කළේ මනැහැ.
උඹ බොරු කියනවා කියලා මගේ කටට ගැහුවා.
මගේ ෆෝන් එක අරගෙන ඒගොල්ලෝ අපේ ගෙදරට කතා කෙරුවා.
පුතා අපි ගාව ඉන්නේ අපි පස්‌සේ කතා කරමු කියලා ඔවුන් මුලින්ම කිව්වා.
ඊට පස්‌සේ ගෙදරින් සල්ලි ඉල්ලලා තර්ජනය කළා.
අන්තිම දවසේ එයාලා කලබල වෙලා වගේ මාව තැනකට ගෙනල්ලා දාලා යන්න ගියා.
ඊට පස්‌සේ වැස්සෙ තෙමි තෙමි මම තනියම ආවා. මගේ තාත්තාත් එතනට ආවා.'

Boy said his experiences in Wariyapola abduction
Share this
|
|
0 Comment to "තමන් විඳි බිහිසුණු අත්දැකීම් ගැන පැහැරගත් වාරියපොළ තරුණයා කී කතා"
Post a Comment