29 June, 2017

මෝටර් රථ ‍රියදුරනි ප්‍රවේශම් වන්න - කොළඹ ත්‍රීරෝද රථ රියදුරන් වංචාවක ...!!!

Three wheeler drivers fraudulent

කොළඹ සහ තදාසන්න පෙදෙස් වල සමහරක් ත්‍රීරෝද රථ රියදුරන් සිදු කරනා වංචාවක් පිළිබද වාර්තා වනවා.

එනම් එම ත්‍රීරෝද රථ රියදුරන් හිතාමතාම මෝටර් රථ වලට සිය ත්‍රී රෝද රථය ගෑවීමට සලස්වා මෝටර් රථ රියදුරන්ගෙන් මුදල් ගරා ගැනීම පිළිබද සිදුවීම්‍‍ය.

ත්‍රීරෝද රථ රියදුරන් මෙලෙස සිය ත්‍රීරෝද රථ මෝටර් රථ වල ගෑවීමට සල්ස්වා ඔහුන්ගේ පැති කණ්නාඩි බිදි ගිය බව අගවා මුදල් ගරා ගැනිමේ අවස්තා කිහිපයක්ම වාර්තා වී තිබෙනවා.

මෙවැනි සමහර සිදුවීම්වලදි මෝටර් රථ රියදුරන් සිය වාහනයෙන් බැස ත්‍රීරෝද රථ ‍රියදුරන් අසලට ප්‍රශ්නය විසදා ගැනීමට යාමේදී ඔහුන්ගේ මුදල් පසුම්බි පැහැර ගත් අවස්තාද වාර්තා වනවා. 

පොලීසිය පවසන්නෙ මෙවැනි අවස්තා වලදි ලගම ඇති පොලිසීයට පැමිණිලි කරන ලෙසයි. (nethgossip)

මාලිංග දැඩි කළකිරීමෙන් - තවත් කඩුලු 6ක් දවා ක්‍රිකට් පිටියෙන් සමුගනී?

Lasith Malinga - sad

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින තරඟ දිවියේ කඩුලු 300ක් ලබාගැනීමෙන් අනතුරුව සිය එක්දින ජාත්‍යන්තර තරඟ දිවියට සමුදීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

එක්දින ජාත්‍යන්තර තරඟ 194ක් ක්‍රීඩා කොට ඇති මාලිංග එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාඇති කඩුලු සංඛයාව 294කි.

ඒ අනුව ඔහුට කඩුලු 300ක් ලබාගැනීමට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6කි.

මෙම කඩයිම පසු කිරීමෙන් පසු මාලිංග සිය එක්දින තරඟ දිවියට සමුදීමට සූදානමන ඇති බව පැවසේ.

ලබන 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ආරම්භ වන එක්දින තරඟාවලියට මාලිංග නම්කොට ඇති අතර එහිදී ඔහු කඩුලු 6ක් දවා කඩුලු 300 සීමාව පසුකලහොත් බොහෝ විට මාලිංගගේ අවසන් එක්දින තරඟාවලිය මෙය වනු ඇති බව වාර්තාවෙයි.

පසුගියදා ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදය හේතුවෙන් මාලිංග දැඩි කලකිරීමෙන් සිටින බවද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

මීට පෙර ඔහු පවසා තිබුණේ තමා 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බවය.

දියණිය වෙනුවෙන් සොහොනක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින පියා ...!!!

father waiting for daughters death

තැලසීමියා රෝගයෙන් පෙළෙන තම දෙහැවිරිදි සිඟිති දියණියට තව දුරටත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති ගොවියෙක් ඇය වෙනුවෙන් සුසානයක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින බවට පුවතක් චීනයෙන් වාර්තා වනවා.

චීනයේ සිචුආන් පළාතේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වන සැන්ග්-ලියොන් නම් මේ පියා තමා සන්තකයේ තිබූ සියලු දේපොළ මුදල් කර දුවට ප්‍රතිකාර කර ඇති අතර, අනතුරුව හිතවතුන්ගේ උපකාර මුදලින් මේ වන තුරු බෙහෙත් ඖෂධ මිලදී ගෙන තිබෙනවා.

තැලසීමියා ප්‍රතිකාර වෙනුවෙන් ගතවූ වසර දෙකට ඔහු වියදම් කර ඇති මුදල පවුම් එකොළොස්දාහක්.

නමුත් තව දුරටත් බෙහෙත් සඳහා වන මුදල ඉල්ලා ගැනීමට කිසිවකු නොමැති නිසා තමාට වෙනත් විසඳුමක් නොමැති බැවින් දියණියට සුසානයක් තනා මරණය එනතුරු බලා සිටින බවයි ඔහු බිඳුණු හදවතින් සඳහන් කර ඇත්තේ

“ඇය ළඟදීම දවසක මෙතැනට එනවා. ඇයව මෙතැනට හුරු කරන්නට මම දැන් නිතර මෙතැනට ඇවිත් ඇය සමඟ සෙල්ලම් කරමින් ඉන්නවා. එවිට මම නැතත් මෙතැන තනිවම නිදන්නට ඇය හුරු වේවි. එදාට දුවට මම නැතත් පාලුවක් දැනෙන එකක් නැහැ.” සැන්ග්-ලියොන් කඳුළු පිරි දෙනෙත් සඟවාගනිමින් කියා සිටියා.

"මැරුවත් එකයි වේදනාවක් දුන්නත් එකයි! මාලිංගලාට සුසන්තිකාලට ආණ්ඩුවෙන් අසාධාරණ" - රන්ජන් (Video)

Ranjan - Susanthika - Malinga

ලසිත් මාලිංග, සුසන්තිකා ජයසිංහ වැනි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුව මගින් අසාධාරණයක් සිදුවූ බවට හැගෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දැරියන් දූෂණය කරන විඩියෝ විකිණීමේ ව්‍යාපාරයක් - විද්‍යා දැ‍රිය දූෂණයත් එහිම කොටසක් ...!

vidya-murder-05

යාපනයේදී අපයෝජනයට ලක් කොට ඝාතනය කර තිබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත් හෙළිව ඇත.

දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් බිහිව ඇති අතර මෙම අපරාධය ඔහුන්ගේ ක්‍රියාවක් බව වාර්තා වේ.

අපරාධය සිදු කළ ඝාතක‍යන් ආරක්ෂා කිරීමට උත්සාහයක්ද තිබි ඇති අතර යම් පිරිසක් රුපියල් මිලියන 20ක්පොලිස් ප්‍රධානියෙකුට ලබා දී විමර්ශන යට ගැසීමට උත්සාහ කර ඇත.

කෙසේ නමුත් මේ වන විට නීතීපතිවරයා 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ.

සෝනම් කපූර් හොරෙන්ම ලංකාවට ඇවිත්

Sonoma Kapoor in SL

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන සෝනම් කපූර් මේ වන විට ලංකාවට පැමිණ තිබෙන බව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ දැන ගැනීමට හැකියාව තිබෙනවා. 

ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක විවේකීව කාලය ගත කරන ආකරය ඇතුලත් ඡායාරූප කිහිපයක්ම මේ වන විට ඇගේ ඉන්ස්ටගෑම් ගිණුමට එක කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

Sonoma Kapoor in SL - 2017-06-29-09-30-24

(saaravita)

ඩයිනසෝරයන් ගැන තවත් අලුත් මතයක්

dinosaurs

ඩයිනසෝරයින් සැලකෙන්නේ මීට වසර මිලියන ගණනකට පෙර මහ ‍පොළොවෙන් වඳ වී ගිය දැවැන්ත සත්ව කොට්ඨාසයක් ලෙසිනි. මෙසොසොයික(Mesozoic) යුගය ලෙස හැඳින්වෙන කාලයේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය දැරූ ඔවුන් පෘථිවිතලයෙන් අතුගා දමන්නට හේතු වූයේ මෙයට වසර මිලියන 60කට පමණ ඉහත මහ ‍පොළොවෙහි ගැටුණු විශාල ආකාශ වස්තුවක් (උල්කාවක්) නිසා හටගත් අතුරු ප්‍රතිඵල බව පිළිිගත් මතයයි. 

ඩයිනසෝරයින් මේ ආකාරයෙන් වඳ වී යාමට හේතුව ගැන බොහෝ දෙනකු දැන සිටියත් මේ දැවැන්තයින් වසර මිලියන ගණනක් තිස්සේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය හිමිකරගෙන සිටින්නට සමත් වූ හේතු ගැන නිශ්චිත අවබෝධයක් තිබුණේ නැත. දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති.

ඔවුන් ඉදිරිපත් කර ඇති මතයට අනුව ඩයිනසෝරයින් මේ ආකාරයෙන් මහ ‍පොළොවේ ප්‍රධාන සත්ව කොට්ඨාසය බවට පත්වීමට බලපා ඇත්තේ වසර මිලියන 200කට පමණ පෙර සිදු වූ ඉතා ප්‍රබල ගිනි කඳු පිපිරීම් මාලාවකි. ලෝකය පුරාම ඉතා පුළුල් ආකාරයෙන් පැතිර ගොස් ඇති බව පෙනෙන මෙම ගිනි කඳු පිපිරීම් නිසා වායුගෝලයට අති විශාල වශයෙන් මුදාහැරුණු කාබන් ඩයොක්ඩයිඩ් වැනි වායුන්ගෙන් හටගත් අහිතකර බලපෑම්වල හේතුවෙන් එම යුගයේ වාසය කළ වෙනත් සත්ව කොට්ඨාසවලට ජීවත් වීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බව මෙම පර්යේෂකයින්ගේ අදහසයි. 

මෙම සිදුවීම් මාලාව සිදුව ඇතැයි ඔවුන් පෙන්වා දෙන්නේ මෙයට වසර මිලියන 200කට පමණ පෙරය. ඒ කාලයේ ඩයිනසෝරයින්ද මහ ‍පොළොවේ ජීවත් වූ නමුත් ඔවුන් කිසියම් ආකාරයකින් මෙම තත්ත්වය තුළ ජීවිතය රැකගන්නට සමත්ව ඇත. ඒ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පර්යේෂකයින් තුළද පවතින්නේ අවිනිශ්චිත බවකි. 

කෙසේ වෙතත් ඒ කාලයේ සිටි අනෙකුත් සත්ව විශේෂ මහා පරිමාණයෙන් වඳ කර දැමීමට ඉහත කී ගිනිකඳු පිපිරීම්වලට හැකිව තිබෙන අතර ඩයිනසෝරයින්ට තරගයක් දිය හැකි වෙනත් කිසිදු තරගකාරයෙකු ඉන්පසු නොසිටින්නට ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ නිසා ඩයිනසෝරයින්ට ජීවත් වීමට තිබූ ඉඩ ප්‍රමාණය වැඩිවීමද, ආහාර සඳහා තරගයක් නොමැතිවීමද ආදී සාධක හේතුවෙන් ඔවුන් මහ ‍පොළොවේ රජවරුන් බවට පත්වන්නට ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

වසර මිලියන 200කට පෙර ඉහත කී ආකාරයේ ගිනි කඳු පිපිරීම් මාලාවක් සිදු වූ බව සනාථ කිරීමට ලෝරන්ස් පර්සිවෙල් ප්‍රමුඛ මෙම පර්යේෂක කණ්ඩායම යොදා ගන්නේ ඒ කාලයට අයත් බව පිළිගැනෙන පාෂාණ තට්ටුවල තැන්පත්ව ඇති මූලද්‍රව්‍යයකි. ලෝකය පුරා විවිධ ස්ථානවලින් ගත් එවැනි පාෂාණ ස්ථර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඒවායෙහි විශාල වශයෙන් රසදිය තැන්පත්ව තිබෙන බවයි. රසදිය සැලකෙන්නේ ගිනි කඳු පුපුරා යාමේදී ඉහළට විහිදෙන වායු ධාරාවන් සමග මුසුව නික්මෙන ද්‍රව්‍යයක් වශයෙනි. මෙම රසදිය වායුගෝලයට එක්ව ලොව පුරා විහිදීයන අතර පසුව කමෛන් කමෛන් නැවත පෘථිවිය මත පතිතව එහි තැන්පත් වෙයි. 

විද්‍යාඥයින් කණ්ඩායමට ඒ කාලයට අයත් පාෂාණ ස්ථරවල තිබි හමු වූයේ මෙසේ තැන්පත් වූ රසදිය ලෙස සැලකෙයි. රසදියට අමතරව මෙම පාෂාණ ස්ථරවල විශාල වශයෙන් ලාවා තැන්පත්ව තිබෙනු ද දැකගන්නට ඔවුනට හැකි වී තිබේ. මෙම සාධක දෙකම පෙන්වා දෙන්නේ එම කාලයෙහි මහා පරිමාණයෙන් ගිනි කඳු පුපුරා යාමක් සිදුව ඇති බවය යන්න විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මෙම ගිනි කඳු පුපුරා යාම් ඇතැම් අවස්ථාවල එක දිගට දශක ගණනක් පුරා සිදුවන්නට ඇති බවත් සෑම වසර 100ත්, 1000ත් අතර කාලයකට වරක්ම එවැනි පුපුරා යාම් සිදුවන්නට ඇති බවත් ඔවුහු සඳහන් කරති. ඒ කාලයේ ලෝකයේ මහාද්වීප වෙන් වෙන්ව නොපැවැති අතර පැවැතියේ එකම ගොඩබිමක් වශයෙනි. එම ගොඩබිම හඳුන්වන්නේ පැන්ජියාව (Pangea) යනුවෙනි. මෙම පැන්ජියාව බිඳී ගොස් මහාද්වීප වෙන්වීම ආරම්භ වූයේදඉහත කී ආකාරයෙන් කාලයක් තිස්සේ සිදු වූ ගිනිකඳු පුපුරා යාම්වල බලපෑම හේතුවෙන්ය යන්නද පෙන්වා දෙනු ලැබේ.

කෙසේ හෝ වේවා මෙම සිදුවීම් මාලාවෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විශාල සත්්ව කොට්ඨාස පෘථිවියෙන් වඳ වෙමින් යද්දී ඩයිනසෝරයින් පමණක් කුමන ආකාරයකින් හෝ නොනැසී සිටින්නට සමත්ව ඇති බවත්, පසුව ‍පොළෝ තලයේ ආධිපත්‍යය හිමිකර ගන්නට ඇති බවත් මෙම පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කරන මතයයි. 

එයින් පසු, මීට වසර මිලියන 60 කට පෙර උල්කාවක් පෘථිවියෙහි ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් මත ඔවුන් වඳ වී යනතෙක්ම මහ ‍පොළොවේ රජ කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. කලින් කී ලෙස ගිනි කඳු පුපුරා යද්දී අනෙක් සතුන්ට මෙන් ඩයිනසෝරයින්ට තර්ජනයක් ඇති නොවූයේ මන්ද යන්න සොයා ගැනීම විද්‍යාඥයින්ගේ මීළඟ පියවර වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව කියැවේ.

කිත්සිරි මල්වත්ත (Samudura)

මගේ ලේ කිරි නොවුණේ ඇයි කියලා දැනුණ වාර අනන්තයි

Ravindra Randeniya - 2017-06-28_13-20-45

අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුණේ
කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ

පද රචනය - මාලනී ජයරත්න
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

මාලනී ජයරත්න රචනා කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළ ටී. එම්. ජයරත්න ගායනා කරන 'අම්මා සඳකි මම ඒ ලොව' කියන ගීතය තමයි මම කැමැතිම ගීතය ලෙස එකවිටම මට මතකයට නැඟෙන්නේ.

මේ ගීතය මට විශේෂ වෙනවා වගේම මේ ගීතයටත් වෙනම විශේෂත්වයක් තියෙනවා. ඒ දේ බොහෝ විචාරකයන් පවා කියල තියෙනවා. මොකද බොහෝම කලාතුරකින් තමයි පිය සෙනෙහස ගැන ගී ලියැවෙන්නේ. දැන් අපිට අහන්න ලැබෙන ගොඩක් ගීත පමණක් නොවෙයි සාහිත්‍ය තුළත් අම්මා ගැන තමයි විශාල වශයෙන් සඳහන්ව තියෙන්නේ. හැබැයි පිය සෙනෙහස ගැන සඳහන් වෙනවා අඩුයි.

මමත් තාත්තා කෙනෙක්. ඉතින් අපේ ආදරය ගැන දරුවන්ට දැනෙනව අඩුයි. විශේෂයෙන් ආසියානු කලාපයේ සම්ප්‍රදාය අනුව පියවරු විවෘතව තමන්ගේ ආදරය දරුවන්ට ප්‍රකාශ කරන්නේ නෑ.

පිරිමින්ගේ හැඟීම් ප්‍රකාශය බොහෝම අඩුයි. වධ වේදනාවන් නෙවෙයි සතුටක් වුණත් පැතිරිලා යන විදියට ප්‍රකාශ කරන්නේ නෑ.

නමුත් කාන්තා පක්ෂය බොහොම හැඟීම්බරයි. වේදනාවකදී හඬා වැලපෙනවා. කෑ ගහනවා. හැබැයි පිරිමි එහෙම නෙවෙයි.

මෙන්න මේ හැඟීම් සමුදායම මේ ගීතය ඇතුළේ කතා කරනවා.

තාත්තාගේ ආදරයත් මහමෙරක් වගේ. හිතේ තිබුණත් ප්‍රකාශ වන අවස්ථා අඩු නිසා මං හිතනවා නිර්මානකරණයේදී පවා ඒ පිය ගුණ සමර ගැන කතා බහ වෙනවා අඩුයි. එහෙමයි කියල පිය සෙනෙහස වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑ. මට මේ සියල්ල හරියටම දැනෙනවා. මමත් තාත්තෙක් නිසා.

මේ ගීතයේ ඉතාමත් වටින තැන් කීපයක් තියෙනවා. ඒවා මට පුදුම විදියට දැනෙන තැන්. ගීතය ඇහෙද්දි මම හරි සංවේදී වෙනවා. කොයිතරම් දැඩි හදවතක් තිබ්බත් ඇස්වලට කඳුළු එනවා. එහෙම දැනෙන තැනක් තමයි "පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ" කියන පද පේළිය.

ඒ පද තුළ තියෙන්නේ පියාගේ සැඟවුණු සෙනෙහසේ තරම. තාත්තාට හිතෙනව ඇයි මගේ ලේ කිරි නොවෙන්නේ කියලා. මටත් එහෙම දැනුණු වාර අනන්තයි.

"මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ" කියන පද පේළිය තුළ තියන්නේ අම්මා දරුවෝ රැක බලාගත්තට මේ සියලු බර තියෙන්නේ පියාගේ හිතේ කියලා. ඉතින් උඹලාට මං මහ මෙරක් තරම් ආදරෙයි කියල කියන්නේ. මේ ගීතය මගේ ගීතයක් වගේ දැනෙන්නේ.

පියවරුන්ගේ සෙනෙහස පවුලකට කාන්දු වෙනවා දැනෙනව අඩු වුණාට මේ පවුලම රැකීමේ කාර්යය ඔහු අති විශිෂ්ට ලෙස කරනවා. එවිට ආදරය හිතේ හංගගෙන වැඩ කරන්න වෙනවා. මොකද ජීවත්වෙලා ඉන්න එපැයි ආදරය කරන්න.

පියා පාන්දර එළියට ගිහින් හේනක, කුඹුරක, ගොඩනැඟිල්ලක රැකියාවක් කරල ගොම්මන් කළුවරේ ගෙදර එන්නේ. ඒ තාත්තා පවුලේ සියල්ලටම ආදරය රැගෙන එන්න තමයි ඒ යන්නේ. ඉතින් මේ පියාගේ මෙහෙවර මහ මෙරක්. හැබැයි බේබදු පියවරුත් ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි මේ කියන්නේ මේ තමයි සැබෑම පියවරු, ගීතයට ලඝු කරන්න බෑ මේ සෙනෙහස.

ඒත් මේ ගීතයේ ඒ සෙනෙහස ගැබ් වෙලා තියෙනවා. මම වුණත් අද වයසට ගිහින් ඉන්නේ කුටුම්බය ආරක්ෂා කරලා. හැබැයි දවසක දරුවන්ට පියාපත් ලැබුණම ඔවුන් ඔවුන්ගේ ලෝක කරා පියඹලා යනවා. අපිට දුක දැනෙනවා දරා ගන්න බැරි විදියට. නමුත් අපිට අඬන්න බෑ. මොකද දරුවන්ට පියාගේ ඇ¾ඩීම දරාගන්න බැරි වෙන නිසා. ඉතින් මං හිතන්නේ ටී. එම්. ජයරත්නගේ ගායනය තුළ තියෙන ඒ සංවේදී ස්වරයත් ගේපද රචනයත් පුදුමාකාර විදියට හිතට දැනෙනවා. නැවතත් මතක් වන්නේ මට අර පද පෙළමයි.

"පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ" ඉතින් ඉතාම සංවේදීව පූර්ණ අවධානය යොමු කරලා මේ පද පේළිය අහද්දී මගේ ඇසට කඳුළක් එනවා. ඒ පදය මගේ හිතේ තිබුණ මගේම වචනයක්ද කියලත් මට අහන්න හිතෙනවා.

මම රවීන්ද්‍ර රන්දෙණිය
සටහන නුවන් හෙට්ටිආරච්චි (MB WEB)

තවත් සයිබර් ප්‍රහාරයක්

cyber attack

තමන් දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් වාර්තා කරයි.

යුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපල ඇතුළු එරට ආයතන ගණනාවක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව මේ වන විට නිවේදනය කර තිබේ.

යුක්‍රේනයේ මහ බැංකුව ද ඊට ගොදුරු වී ඇත.

ඊට ගොදුරු වූ අනෙකුත් ආයතන අතර 'ඇන්ටනොව්' ගුවන්යානා නිෂ්පාදන සමාගම සහ තැපැල් සමාගම් දෙකක් ද වෙති.

'කප්පම් සයිබර් ප්‍රහාරය'

මෙම සයිබර් ප්‍රහාරයට ලක්වූ බවට මුලින්ම නිවේදනය කළ ආයතන අතර බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් ද වෙති.

මෙය පසුගිය මාසයේ දී එල්ල වූ 'කප්පම් සයිබර් ප්‍රහාරයට' (ransomware ) සමාන ප්‍රහාරයක් විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ අනතුරු අඟවති.

රුසියාවේ තෙල් සමාගමක් සහ ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නවතම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී ඇති බව එම සමාගම් විසින් නිවේදනය කරනු ලැබ තිබේ.

මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය ද වෙති. (බීබීසී )

“මොකද වෙන්නේ කියල බලාගෙන ඉමු..” ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික්

Heath Streak - head coach of Zimbabwe

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වසර දෙකක් ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා නොකළ වෙලින්ටන් මසගට්සා කැඳවා තිබෙන අතර, තරඟාවලියට නම් කල ඉතිරි සංචිතය නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කල සන්චිතයම වේ.

සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් පවසන්නේ මෙම අවසථාව තම කණ්ඩායමට ලැබුන හොඳ අවසථාවක් බවයි.

“අපි ගොඩ කාලෙක ඉදන් බලාගෙන හිටියේ ලංකාවේ සංචාරයකට සහභාගී වෙන්න,අපිට දැන් ඒ අවසථාව ලැබිල තියනවා.අපි බලමු මොකද වෙන්නේ කියල.අපි ලංකාවට හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.”

සිම්බාබ්වේ කණ්ඩායම මේ දිනවල යම් පසුබෑමක් පෙන්වන අතර ඔවුන් ටෙස්ට් කණ්ඩායම් අතර 10 වන ස්ථානය සහ එක්දින කණ්ඩායම් අතර 11 වන ස්ථානයට ශ්‍රේණිගත වී ඇත.

“අපි ක්‍රිකට් කණ්ඩායමක් විදියට නැවත ගොඩනැගෙන කාලයක තමයි ඉන්නේ.ප්‍රශ්න විසදගෙන ඉදිරියට යන ගමනක් මේක”

සිම්බාබ්වේ කණ්ඩායමට දක්ෂ පුහුණු කරුවන්ගේ සේවය ලැබෙන අතර පන්දු යැවීමේ අංශය මකායා න්ටිනි බාරව සිටින අතර,පිතිකරණ පුහුණු කරුවා ලෙස තවත් දකුණු අප්‍රිකානුවකු වන ලාන්ස් ක්ලුස්නර් කටයුතු කරයි.

ODI squad: Solomon Mire, Hamilton Masakadza, Ryan Burl, Graeme Cremer (capt), Craig Ervine, Sean Williams Peter Moor (wk) Sikandar Raza, Tendai Chatara, Chris Mpofu, Donald Tiripano, Richard Ngarava, Wellington Masakadza, Malcolm Waller, Chamu Chibhabha, Tarisai Musakanda.

Test squad: Regis Chakabva, Hamilton Masakadza, Ryan Burl, Graeme Cremer (capt), Craig Ervine, Sean Williams, Peter Moor (wk), Sikandar Raza, Tendai Chatara, Chris Mpofu, Donald Tiripano, Nathan Waller , Wellington Masakadza, Malcolm Waller, Carl Mumba , Tarisai Musakanda.

(cricketlanka)

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දියුණුවට ඕස්ට්‍රියානු සහාය

Institute of Engineering Technology Sri Lanka

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත.

ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ රෙයිෆේයිසන් බෑන්ක් ඉන්ටර්නැෂනල් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අනතුරුව ණය ගිවිසුම්වලට එළඹීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. (biz.adaderana)

28 June, 2017

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි – Exclusive

Madusha Ramasingha

කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා.

එම ඡායාරූපවල පෙනී සිටින්නේ ඇය බවට පවසමින් එම අසැබි දසුන් හුවමාරු කරමින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට යම් පිරිසක් උත්සහ දරණ බවයි ඇය පවසන්නේ.

එලෙස හුවමාරු වන දසුන්වල හා වීඩියෝවේ සිටින්නේ ඉන්දියානු නිල් චිත්‍රපට නිළියක් බවත් මෙලෙස සිදුවන්නට හේතුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමාව අපකීර්තියට පත්කිරීමට බවත් ඇය පවසනවා.

මේ පිළිබඳව වෙබ් ගොසිප් වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ බ්‍රහස්පතින්දා සවස 2ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති cyber crime අංශය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.