29 June, 2017

ශ්‍රී ලංකාවේ දැරියන් දූෂණය කරන විඩියෝ විකිණීමේ ව්‍යාපාරයක් - විද්‍යා දැ‍රිය දූෂණයත් එහිම කොටසක් ...!

vidya-murder-05

යාපනයේදී අපයෝජනයට ලක් කොට ඝාතනය කර තිබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත් හෙළිව ඇත.

දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් බිහිව ඇති අතර මෙම අපරාධය ඔහුන්ගේ ක්‍රියාවක් බව වාර්තා වේ.

අපරාධය සිදු කළ ඝාතක‍යන් ආරක්ෂා කිරීමට උත්සාහයක්ද තිබි ඇති අතර යම් පිරිසක් රුපියල් මිලියන 20ක්පොලිස් ප්‍රධානියෙකුට ලබා දී විමර්ශන යට ගැසීමට උත්සාහ කර ඇත.

කෙසේ නමුත් මේ වන විට නීතීපතිවරයා 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකාවේ දැරියන් දූෂණය කරන විඩියෝ විකිණීමේ ව්‍යාපාරයක් - විද්‍යා දැ‍රිය දූෂණයත් එහිම කොටසක් ...!"

    Post a Comment