29 June, 2017

දියණිය වෙනුවෙන් සොහොනක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින පියා ...!!!

father waiting for daughters death

තැලසීමියා රෝගයෙන් පෙළෙන තම දෙහැවිරිදි සිඟිති දියණියට තව දුරටත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති ගොවියෙක් ඇය වෙනුවෙන් සුසානයක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින බවට පුවතක් චීනයෙන් වාර්තා වනවා.

චීනයේ සිචුආන් පළාතේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වන සැන්ග්-ලියොන් නම් මේ පියා තමා සන්තකයේ තිබූ සියලු දේපොළ මුදල් කර දුවට ප්‍රතිකාර කර ඇති අතර, අනතුරුව හිතවතුන්ගේ උපකාර මුදලින් මේ වන
තුරු බෙහෙත් ඖෂධ මිලදී ගෙන තිබෙනවා.

තැලසීමියා ප්‍රතිකාර වෙනුවෙන් ගතවූ වසර දෙකට ඔහු වියදම් කර ඇති මුදල පවුම් එකොළොස්දාහක්.

නමුත් තව දුරටත් බෙහෙත් සඳහා වන මුදල ඉල්ලා ගැනීමට කිසිවකු නොමැති නිසා තමාට වෙනත් විසඳුමක් නොමැති බැවින් දියණියට සුසානයක් තනා මරණය එනතුරු බලා සිටින බවයි ඔහු බිඳුණු හදවතින් සඳහන් කර ඇත්තේ

“ඇය ළඟදීම දවසක මෙතැනට එනවා. ඇයව මෙතැනට හුරු කරන්නට මම දැන් නිතර මෙතැනට ඇවිත් ඇය සමඟ සෙල්ලම් කරමින් ඉන්නවා. එවිට මම නැතත් මෙතැන තනිවම නිදන්නට ඇය හුරු වේවි. එදාට දුවට මම නැතත් පාලුවක් දැනෙන එකක් නැහැ.” සැන්ග්-ලියොන් කඳුළු පිරි දෙනෙත් සඟවාගනිමින් කියා සිටියා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දියණිය වෙනුවෙන් සොහොනක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින පියා ...!!!"

    Post a Comment