28 September, 2017

මගෙ පුතාට මම මොනාද අඩු කළේ - ලස්සන අඩුකළා ද? බුද්ධිය අඩුකළා ද? - නෑ නේද පුතේ?

dasun-nishan-mother-crying

"මගෙ පුතාට මම මොනාද අඩු කළේ? - ලස්සන අඩුකළා ද? - බුද්ධිය අඩුකළා ද? - අතපය කඩළා හැදුව ද? - නෑ නේද පුතේ? - එහෙම අම්මා දාළා ගියේ ඇයි?"

දසුන් නිශාන් කතා කිරීමට බොහෝ දේ ඉතිරි කර අප අතරින් ගිය අයෙක්. පෘතග්ජන මිනිසුන් ලෙස අප කවුරුත් ලැබීමට අපේක්ෂා කරන බොහෝ දේ ඔහු විසින් ජයග්‍රහණය කර තිබුණා. ලස්සස, උගත්කම, මුදල්, ප්‍රසිද්ධිය මේ සියළුදේ අත්පත්කර ගත්තද සිතේ සැනසීම ලැබීමට ඔහු අපොහොසත් වුණා.

ජීවිතයේ එක් නිමේෂයක සිතට පැමිණි එකම විසඳුම කරා ඔහු පියනැග්ගේ අප සියල්ලන්ට සිතන්නට යමක් ඉතිරිකරමින්.

අප පුවත් වාර්තා කරනන් ලෙස ඕනෑම දෙයක් වාර්තා කිරීමට සැරසී සිටිනන්නන් නොවෙමු. එහෙත් මෙය පලකරන්නේ සියල්ලන්ටම යමක් සිතීමට මොහොතක් වෙන්කරමිනුයි.

ඔබ ඔබට ඇතැයි සිතා සිටින්නන් ඔබව අතහැර යන කලෙක, ඔබ ඔබේ ජීවිතයෙන් ඉඩ අඩුවෙන් වෙන්කරන්නන්, ඔබගේ නික්මයෑමෙන් පසුත් ඔබ වෙනුවෙන් ජීවත්වනු ඇත. හඬමින් තැවෙමින් මැරි මරී ජීවත් වනු ඇති. එහි ඇත්තේ කිසිවෙකුට නොපෙනෙන ලේ බැඳීමයි.

ජීවිතේ යම් බැරෑරුම් අවස්ථා කාටත් පැමිණෙයි. එවන් අවස්ථාවල කාළයට ඉඩ දෙන්න. සියල්ල අත්හරින්න. ජීවිතයේ රැඳී සිටින්න. එල්ලුනාට කම් නැත ඒ ලණුවක නොව ජීවිතයේමයි.

ඔබව කාට නොවටිනා වුවද අම්මාට ඔබ සදාකළ් දරුවායි.

සංවේදී අය නැරඹීමෙන් වලකින්න.







Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගෙ පුතාට මම මොනාද අඩු කළේ - ලස්සන අඩුකළා ද? බුද්ධිය අඩුකළා ද? - නෑ නේද පුතේ?"

    Post a Comment