28 September, 2017

සෞදි කාන්තාවන්ටත් දැන් වාහන පදින්න පුළුවන්

TITLE

සෞවුදි අරාබිය කාන්තාවන්ට වාහන පැදවීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා.

සෞදි රජුවන සල්මාන්ගේ තීරණයකට අනූවයි, ප්‍රථම වතාවට මේ සඳහා අවසර හිමි වූයේ. සෞදි රජය පවසන්නේ මේ පිළිබඳ වාර්තාවක් දින 30ක් ඇතුළත සකස් කරනු ලබන අතර, ලබන වසරේ ජුනි මස දී එය ක්‍රියාවට නැංවෙනු බවයි. සෞදි අරාබිය කාන්තාවට රිය පැදවීම තහනම් කර ඇති ලොව එකම රාජ්‍යයයි.

කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබාදීම සඳහා එරට මානව හිමිකම් සංවිධාන වසර ගණනාවක සිට දැඩි උත්සහයක නිරත වී සිටියා. සෞදි රජයේ මෙම තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙන අතර, තවත් සමහරු තම අප්‍රසාදය පළ කර තිබෙනවා. සෞදි අරාබියේ කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම සඳහා ලක්ෂ 8ක පමණ රියදුරන් පරිසක් සිටින බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ. (රූපවාහිනි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සෞදි කාන්තාවන්ටත් දැන් වාහන පදින්න පුළුවන්"

    Post a Comment